මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ 45 වන දිසාපතිවරයා වූ දිවංගත හෙට්ටිආරච්චිගේ ගාමිණී සිරිසෝම ජයසේකර මැතිතුමන් විසින් රචනා කරනු ලැබූ ස්වයං ලිඛිත චරිතාපදානය වන "වීර චූඩාමණී" ග්‍රන්ථය එතුමන්ගේ අභාවයෙන් අනතුරුව සම්පූර්ණ කොට එතුමාගේ දෙටු පුත්, ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී අමිල ජයසේකර මහතා විසින් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේදී ජනගත කරන ලදි.

මීට වසර 16 ට පෙර “ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරය“ ලෙස නම් කරන ලද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය අභියස එතුමාගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙදින සිදු කෙරිණි.

වසර 34 ක රාජ්‍ය සේවා අත්දැකීම් සහිත කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් වන එතුමා එම අත්දැකීම් එක් කර මෙම කෘතිය රචනා කර ඇත.

සුනාමි ව්‍යසනයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විනාශයට පත්ව, තමා ද සුනාමි ව්‍යසනයට හසුව තුවළ ලබා ජීවිතය බේරා ගෙන සිටිය දී, මාතර බෝධිය අසළ මේසයක් සහ පුටුදෙකකින් තම කාර්යාලය අරඹා මාතර යලි නගා සිටුවීමට එතුමා කටයුතු කරන ලදි. එහි දී දිවිපරදුවට තබා ක්‍රියාකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනරජය පිරිනමන "වීර චූඩාමණී" සම්මානයෙන් පිදුම් ලැබූ අතර දැනට එම සම්මානයෙන් පිදුම් ලද එකම පරිපාලන නිලධාරියා සහ එම සම්මානයෙන් පුද ලද දෙවන ශ්‍රී ලාංකිකයා වන්නේ ද එතුමා ය.

කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක සහ ලේඛකාධිකාරී පූජ්‍යපාද ඕමාරේ කස්සප නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගරුතර මහාසංඝ රත්නය, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, විශේෂ ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා ඇතුළු හිටපු සහ දැනට සිටින දිසාපතිවරු, හිටපු සහ දැනට සිටින ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම කෘතිය මිලදී ගැනීමට 0718004006 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යැවීමෙන් ඔබ නිවසටම ගෙන්වා ගත හැකිය.

3459179345 1095276949268514 565803954920364590 n

459412696 1095277489268460 8222007552964031345 n 459379991 1095276149268594 1003174809558631448 n

459180205 1095275939268615 7095162232111183751 n 458843648 1095277065935169 5146043006735691508 n

 

459380000 1095277335935142 9057573770113648126 n 459418349 1095277422601800 6447881398109295308 n 459411590 1095277295935146 6803392478907123230 n 459436399 1095277892601753 6595998100130874537 n

 

459537454 1095277609268448 1117945549180787099 n 459425918 1095277015935174 6343312459281662988 n

459161112 1095276879268521 1536966461959592805 n 458766709 1095275905935285 4321495241788082300 n459059507 1095275902601952 4639103428933941575 n

459275842 1095276382601904 1316840720388008060 n 459500113 1095277159268493 6432551598322079126 n