මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් දහම් පාසල් තරග ජයග්‍රහණය කරන ලද සිසු සිසුවියන්ගේ නිපුණතා ඇගයීම මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙහි දී මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති දර්ශනපති පූජ්‍ය පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේට උපහාර පිදීමක් ද සිදු කරන ලදි.

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, දහම් පාසල් සිසු සිසුවියන්, ප්‍රාදේශීය ලේකම්වරු, මාතර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරු භවතුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

463086340 1127390136057195 3579004985201329690 n 462634601 1127390109390531 104183449430323520 n

462922737 1127389739390568 6548737639110571112 n 463481394 1127389959390546 8680939472754618492 n

462753240 1127389466057262 3595864868237830626 n 463020388 1127389919390550 4632693282626499016 n 463773961 1127389556057253 9084589658375347176 n