“රැකියා තෘප්තියට මානසික සෞඛ්ය ප්රවර්ධනය“ යන තේමාව යටතේ රාජ්ය නිලධාරීන් සඳහා මනෝ විද්යාත්මක උපදේශන වැඩසටහනක් මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මනෝ උපදේශනය යනු පුද්ගලයාට උපදෙස් දීම යැයි සිතන සමහරු එය ඖනෑම අයෙකුට කළහැකි බව සිතති. එහි විද්යාත්මක පසුබිමක් ඇති බවත් විද්යාත්මක න්යාය, විකිත්සා . සහ උපදේශන ක්රම ශිල්ප විධිමත් ලෙස අධ්යාපනය ලැබීමෙන් අනතුරුව යෙදෙන වෘත්තියක් බවත් සමහරු නොදනිති.
එමනිසා උපදේශන සේවාව ලබාගැනීමට අපේක්ෂිත කිසියම් කෙනෙක් වේ නම් තමා උපදේශනය ලබා ගැනීමට යොමු වන උපදේශකයා පිළීබඳව ඔහුගේ වෘත්තීය සුදුසුකම් පිළීබඳව දැනගැනීමට සම්පූර්ණ අයිතිය ඇති බව දැන සිටීම වැදගත්ය.
“උපදේශනය යනු එක් පුද්ගලයකුගේ ජීවන ගැටළුවක් විසදා ගැනීමේ හා ඒ පිළිබඳ ප්රත්යාවේක්ෂණය කිරීමේ චේතනාවෙන්ද, තවත් පුද්ගලයකු එම ප්රයත්නයට සහය වීමේ කැමැත්ත ද ඇතිව පවත්වනු ලබන සාරම්මන (Purposeful ) පෞද්ගලික සංවාදයකි“
මනෝ උපදේශනයක් අවශ්යව ඇත්තේ මනෝ විද්යාත්මකව පුද්ගලයකු පරිණත වූ ප්රමාණයට වඩා වැඩි ප්රමාණයක ගැටළුවලට ඔහුට මුහුණ පෑමට සිදුවීම, අධ්යාපන ගැටළු - රැකියා වෙළඳ පොළට ගැලපෙන සේ අධයාපනය සකස් නොවීම, සෞන්දර්යාත්මක ක්රියාකාරකම්, ක්රීඩා, රසවින්දනයට පාසැල් විෂයමාලාවෙන් ප්රමුඛතාව ලබා නොදීම, විභාග කේන්ද්රිය අධ්යාපනය, විෂය නිර්දේශ විශාලවීම, සිසු අසහනය, ළමා සහ ස්ත්රී ලිංගික අපයෝජන, මන්දපෝෂණය, පවුල් අවුල්, ගෘහස්ථ හිංසනය, දික්කසාද, ස්ත්රී දූෂණ, මිනිමැරුම්, සියදිවිනසා ගැනීම්, අවිවාහක මාතෘත්වය, කොන්කිරීම්, වෙනස්කොට සැලකීම්, දරිද්රතාව, සම්පත් බෙදී යෑමේ විෂමතා සහ ආදායම් විෂමතා නිසා ඇතිවී තිබෙන ගැටළු, වැඩිහිටි ජනගහනය සීඝ්රයෙන් වර්ධනයවීම, මව්පියන් හුදකලාවීමෙන් ඇතීවී තිබෙන මනෝ සමාජීය ගැටළු, බෝ නොවන රෝග වර්ධනය සීඝ්රවීම. පිළිකා සහ ඒඩ්ස් වැනි මාරාන්තික රෝග වැළදුන රෝගීන්ට සහ එම රෝගීන්ගේ පවුල්වලට ඇතිවන මනෝ සමාජීය ගැටළු, සුරාව සහ මත්ද්රව්යවලට යොමුවන්නන්ගේ සංඛ්යාව වර්ධනයවීම ආදිය නිසාවෙනි.
උපදේශනය යනු උපදේශකවරයා සහ සේවා ලාභීයා අතර සුහද අන්තර් පුද්ගල සම්බන්ධතාවය මත සිදු කෙරෙන්නකි. සේවාලාභියා තීරණ ගනී .උපදේශකවරයා සහය වෙයි. මේ සඳහා විද්යාත්මක ඥානය, න්යායාත්මක දැනුම, පලපුරුද්ද සහ කුසලතා අවශ්ය වේ. වෘත්තීය ආචාර ධර්ම පද්ධතියකට යටත්ව උපදේශනය සිදුවේ. උපදේශකයාගේ පෞරුෂීය බව, සහකම්පනයෙන් යුක්තවීම , විශ්වාසවන්ත බව සේවාලාභියා පිළිබදව වෘත්තීමය සුපරික්ෂාකාරිත්වය යන සාධක උපදේශනයේදී ප්රකට වේ.
උපදේශනයේ අරමුණ අතර පෞරුෂ සංවර්ධනය, ආකල්ප සංවර්ධනය, ප්රජානන සංවර්ධනය
තුළින් පුද්ගල යහපැවැත්ම ඇතිකිරීම, ස්වීයත්වය හෙවත් ආත්ම සාක්ෂාත්කරණය දක්නට ලැබේ.
ප්රධාන උපදේශ පැතිකඩ 4 කි. එනම් මනෝ විද්යාත්මක උපදේශනය, අධ්යාපන උපදේශනය, පවුල් උපදේශනය, වෘත්තීය උපදේශනය වේ.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය ඇතුළු මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත උපදේශන නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්යංශයේ ප්රතිපාදන හා මග පෙන්වීම මාතර දිස්ත්රික් මනෝවිද්යා උපදේශන නිලධාරි සුරංජි චාමලි ද සිල්වා මහත්මියො විසින් වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සිදු කරන ලදි.









