“තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ.” යන තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමී කාන්තා දින වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය සහ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල නිලධාරීන් ඇගයීමට ලක් වූ අතර ප්‍රාදේශීය වශයෙන් සාර්ථක ව්‍යවසායිකාවන් ඇගයීමක් ද සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ ආරාධිත දේශනය රුහුණ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ ව්‍යවසාය සංවර්ධන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනකා දිල්රුක්ෂි මහත්මිය විසින් සිදු කරන ලදී.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, වනිතා සංවර්ධන නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.






