දකුණු පළාතේ, කොළඹ කතරගම මාර්ගයේ රිය අනතුරු අවම කිරීමේ හා මහා මර්ග වල සිදුවන අපරාධ මැඩලීමේ අරමුණින් විශේෂ ආරක්ෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ යටතේ පිහිටුවා ඇති විශේෂ පොලිස් යතුරුපැදි ඒකකය යළි සක්‍රීය කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර කොටුව තුල දී පැවැත්විණි.

මෙම ආරක්ෂිත වැඩසටහන මගින් ගොවියාපාන පාළම අසළ සිට තංගල්ල පොලිස් කොට්ඨාසයේ සෙල්ලකතරගම දක්වා වූ කිලෝ මීටර 152 ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරේ.

දකුණු පළාතේ සිදුවන අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් කොළඹ කතරගම මාරගයේ දී සිදුවන බවට දත්ත විශ්ලේෂණ වාර්තා අනුව අනාවණය වී ඇති හෙයින් ඒ කෙරෙහි පොලීසියේ විශේෂ අවධානය යොමුවී ඇත.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ සම්බන්ධීකරණය යටතේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

මෙම ආරක්ෂිත වැඩසටහන සඳහා මෝටර් රථ 04 ක්, රථවාහන පොලීසියේ යතුරුපැදි 18 ක් හා අපරාධ සිද්ධි පිටුපස හඹායාමේ යතුරුපැදි 09 කින් සමන්විත අතර, ඒ සඳහා නිලධාරීන් 137 දෙනෙකු අනුයුක්ත කර ඇත.

මෙම පිරිස සේවා මුර ක්‍රමය යටතේ මහාමාර්ග රිය අනතුරු අවම කිරීමට, අනතුරු සිදුවන අයුරින් රිය ධාවනය කරණ පිරිස් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙන්ම මහාමාර්ග වල සිදුවන අපරාධ මැඩලීමට ක්‍රියා කිරීමට නියමිත ය.

ආරක්ෂිත වැඩසටහන සක්‍රීය කිරීමේ ආරම්භක අවස්ථාවට දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ හා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ආරම්භක වැඩසටහනින් පසු පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක මහතා, මාතර ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

 

504272036 1329166195879587 4825710843758829247 n496089497 1329165495879657 3814706017140970336 n493610749 1329166049212935 4694843255025758399 n