මෙම විශේෂ ජංගම සේවා හා ජන සත්කාරක වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් සම්බන්ධ ජංගම වැඩසටහන්, රැකියා පියස, වෘත්තීය මාර්ගෝපදේශ, සංචාරක ව්‍යාපාර වැඩසටහන්, ඉඩම් නිරවුල් කිරීම හා සම්බන්ධ වැඩසටහන්, මාර්ග ආරක්ෂාව, මෝටර් රථ සහ පොලිස් ආරක්ෂාව පිළිබඳ වැඩසටහන්, ආපදා කළමනාකරණ වැඩසටහන්, කිරුම් මිනුම්, පාරිභෝගික කටයුතු පිළිබඳ වැඩසටහන්, නීති ආධාර කොමිෂන් සභාව, ආගමන විගමණිකය පිළිබඳ වැඩසටහන්, බටහිර හා දේශීය ආයුර්වේද සෞඛ්‍ය වැඩසටහන්, සංස්කෘතික හා කලා වැඩසටහන්, ග්‍රාමීය ව්‍යවසායකත්වය, ප්‍රමිති, කම්කරු කාර්යාල කටයුතු, මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්, මැතිවරණ කටයුතු සම්බන්ධ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන උපදේශන වැඩසටහන්, කෘෂිකර්ම වැඩසටහන් පවත්වන ලදි.
මෙහි සමාරම්භක අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්.අබේවික්‍රම මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගමමැද්දගේ මහතා, මාතර මහ නගර සභාවේ පුරපති ජයන්ත පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
ජනාධිපති කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව වැඩසටහන සංවිධානය කරන ලදි.







