මාතර මහ රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය සොයා බලා, එහි පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගත් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
මෙහි දී ඖෂධ කළමනාකරණය යටතේ රෝහලට අවශ්‍ය ඖෂධ සපයා ගැනීම සහ බෙදාහැරීමේ විධිමත්භාවය, රෝගී පහසුකම් යටතේ වාට්ටුවල ඇඳන් පහසුකම් වැඩි දියුණු කිරීම සහ රෝහල් යටිතල පහසුකම් නංවාලීම, අපද්‍රව්‍ය බැහැර කිරීම යටතේ රෝහල් අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ ක්‍රමවේද, සේවක පුරප්පාඩු යටතේ පවතින සේවක හිඟය පියවීමට අවශ්‍ය පියවර ගැනීම, බාහිර බාධා යටතේ රෝහල අසළ මාර්ගයේ රථවාහන තදබදය සහ අනවසර රථ නැවැත්වීම නිසා ගිලන් රථ ගමනාගමනයට සිදුවන බාධා ඉවත් කිරීම යනාදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලද අතර එම කරුණු වලට අදාළව කඩිනමින් පියවර ගැනීමට තීරණය කරන ලදි.
 
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්මානිත මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා, අජන්ත ගම්මැද්දගේ මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, රෝහල් අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, ප්‍රධාන ඖෂධවේදියා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්, මාතර රෝහල් කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
 
 
 10000521361000052137