"ගොඩනගමු ශ්‍රී ලංකා "තේමාව පෙරදැරි කර ගනිමින් මෙවර 78 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිදහස් දින උළේල මාතර දිස්ත්‍රික් ලේකම් /දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.04 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ප්‍රථමව ජාතික ධජය එසවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතා කළ කතාවට සවන්දුන් සියළුම නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ජාතිකාභිමානී ගී ප්‍රසංගයක්පවත්වන ලදී.
ඉන් අනතුරුව ජාතික නිදහස් දිනයට සමගාමීව මාතර මහ රෝහල සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පැවති අතර වාට්ටු අංක නමයෙහි රෝගී ඇඳන්,කබඩ් හා සම්පූර්ණ වාට්ටු සංකීර්ණයම තීන්ත ගා ආලේප කාරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සිය ශ්‍රමය කැප කරන ලදී. ඊට අවශ්‍ය තීන්ත පින්සල් හා අනෙකුත් අමුද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සම්පාදනය කරගත් අතර සියළු නිලධාරීන් සිය ශ්‍රමය ඉමහත් කැපවීමෙන් ලබා දෙන ලදී.
මෙම අවස්තාවට දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතාත් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කුසලක නානායක්කාර මහතාත් සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මියත් මාණ්ඩලික නිලධාරීන් අතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය උදුල විදානගේ මහත්මියත් රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසකුත් මෙම අවස්තාවට සහභාගී වූහ.






