ජගත් පරිසර දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ජුනි මස 12 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. මෙය මාතර දිස්ත්‍රික්කය පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා, මහා නගර සභා, නගර සභා මෙන්ම මාතර අධ්‍යාපන කලාපයේ තෝරා ගත් පාසල් 17 ක ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්‍ රැස් කිරීම සදහා අවශ්‍ය බහාලුම් බෙදාදීම සංකේතාත්මකව සිදු කරන ලදි. මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා, මහ නගර සභා හා නගර සභා වෙත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාර දිය හැකි ය. එමෙන් ම ජුලි මස 01 වෙනි දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ නව ක්‍රීඩා මණ්ඩපය (හක්මන පාරේ පිහිටි) වෙත පැමිණ ඔබගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බාරදිය හැකිය. භාර ගන්නා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අතර රූපවාහිනී යන්ත්‍ර (Flat TV පමණයි), කැසට් යන්ත්‍ර / රේඩියෝ යන්ත්‍ර, විදුලි පංකා, පරිගණක / ලැප්ටොප් ආශ්‍රිත සියලුම උපකරණ (UPS, CPU, Data Cable, Charges Mouse, KeyBoard ආදී පරිගණක ආශ්‍රිත සියලු උපකරණ, මොනිටර් (LED, LCD පමණි), ජංගම දුරකථන සහ අමතර කොටස් (Power Bank, Data Cable, Phone Chargers, Head Phones, Speakes ආදී කොටස්), ස්ථාවර දුරකථන, ෆැක්ස් යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර (Blender, Grinder), විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ / විද්‍යුත් ව්‍යායාම උපකරණ, රයිස් කුකර් (Rice cooker), මුද්‍රණ යන්ත්‍ර (Printers), බැටරි (මෝටර් රථ- Hybrid /Acid, යතුරුපැදි, ජංගම දුරකථන, ඔරලෝසු, ලැප්ටොප්), CD සහ DVD යන්ත්‍ර, CD සහ DVD තැටි, විදුලි කේතල, විදුලි හීටර්, විදුලි උදුන්, රෙදි සෝදන යන්ත්‍ර (Washing machine), ශීතකරණ, වායුසමීකරණ යන්ත්‍ර, වෙනත් විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ වේ. භාර නොගන්නා ද්‍රව්‍ය නම් ප්‍රතිදීප්ත බල්බ හා ටියුබ් ලයිට් (CFL Bulbs & Tube Light) ඇතුළු සියලුම වීදුරු බල්බ, කොටස් කර හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති උපකරණ, පස්, වැලි හා මඩ තැවරී ඇති උපකරණ වේ. සම්බන්ධීකරණ කටයුතු සඳහා ළඟකම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ප්‍රාදේශීය සභා පරිසර නිලධාරී හමුවන්න.

721441209 1680225397440330 2662720566851010139 n722469594 1680218994107637 1593408670023534185 n