×

Message

Invalid Page Request
මාතර දිස්ත්‍රික්කයේ වතු ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් ලබා දීම පිළිබඳව සාකච්ඡාවක් ජුනි මස 19 වන දින කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කයේ වතු ප්‍රජාව මුහුණ දෙන නිවාස ප්‍රශ්නය, පිරිසිදු ජල පහසුකම් පිළිබඳ ප්‍රශ්නය, වැසිකිලි ප්‍රශ්නය, පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නය, අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටලු ආදී මූලික ප්‍රශ්න මෙන්ම තවත් ගැටළු රාශියකට ස්ථීර විසඳුම් ලබාදීම පිළිබඳව නිලධාරීන් සහ ප්‍රදේශීය මහජන නියෝජිතයින් සමග සාකච්ඡා කරන ලදි.
මෙහි දී අමාත්‍යවරිය විශේෂයෙන් සඳහන් කරන ලද්දේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම සහ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම නව රජයේ ප්‍රධාන අරමුණක් බවත්, 2029 වනවිට ශ්‍රී ලංකාවේ සියලු පැල්පත් නිවාස ඉවත් කර සියලු පුරවැසියන්ට ආරක්ෂිත නිවාසයක් ලබාදීමට කටයුතු කරන බවත් ය.
මෙම සාකච්ඡාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
727884940 2496168717549540 289289774625277145 n727738255 1008201888870071 6066429983264249983 n728294525 1521339656295479 4968644062554785509 n728637842 843967918481648 456150540390064144 n