මාතර දිස්ත්‍රික්කය සඳහා අලුතින් පත් කරන ලද මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා කේ. තල්පාවිල මහත්මිය පසුගියදා  මහා සංඝරත්නයේ සෙත්පිරිත් ආශිර්වාද මධ්‍යයේ රාජකාරි ආරම්භ කෙරුණි.

කුසලක නානායක්කාර මහතා 2006 වර්ෂයේ සිට මුලටියන, පස්ගොඩ, මාතර යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙසත්, 2012 වර්ෂයේ සිට එතුමා හක්මණ, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය හා ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ප්‍රාදේශිය ලේකම් ලෙසත් කටයුතු කරන ලදි.

කාංචනා කේ. තල්පාවිල මහත්මිය 2007 වර්ෂයේ සිට තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙසත් 2012 වර්ෂයේ සිට 2017 දක්වා කාල සීමාව තුළ ඕකේවෙල හා බෙලිඅත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ප්‍රාදේශිය ලේකම් ලෙසත් සේවය කල අතර එතුමිය 2020 වර්ෂයේ මාතර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් තනතුරේ සේවය කරන ලදි. 2024 වර්ෂයේ සිට වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් ලෙස නව තනතුරට පත්ව එන තෙක් එහි රාජකාරි ඉටු කරන ලදි.

මාතර හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කසුන් එස්.කේ. වැල්ලහේවා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ යන මහත්වරුන් පසුගියදා උසස්වීම් ලබා නික්ම ගිය පසු පුරප්පාඩු වු එම තනතුරු සඳහා නව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු දෙපළ පත්වූහ.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය  ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.

450508568 1048562583939951 5408450669331965258 n

450268067 1048562357273307 7352406717336332387 n

450257442 1048562307273312 6292077273981606851 n450540844 1048562677273275 5015829136460662414 n

450257844 1048562377273305 7833787030830237201 n

450549807 1048562510606625 8097138095818024303 n