මාතර දිස්ත්‍රික් විගණන හා කළමණාකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී 2024.7.10 දින පැවැත්විණි.

මෙහි දී පසුගිය විගණන කළමණාකරණ කමිටු රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය, අභ්‍යන්තර විගණන කටයුතු පසුවිපරම, විගණකාධිපති විගණන විමසුම් පසු විපරම, නව විගණන විමසුම් හා අභ්‍යන්තර විගණන උපදෙස් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, ‍ඡ්‍යේෂ්ඨ සහකාර විගණකාධිපති කේ.එම්.ජයසිංහ මහතා, විගණන අධිකාරී බී.එම්.සිසිර කුමාර මහතා, සහකාර විගණන අධිකාරී එන්.ඩබ්.කේ.එන්.ඩබ්.නානායක්කාර මහත්මිය,ප්‍රධාන අභ්‍යන්තර විගණක ජී.ජී.ආර්.පී.රූපසිංහ මහතා, වැඩ බලන ප්‍රධාන ගණකාධිකාරි පී.එස්.ඒ.කුමාරි මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, සහකාර ප්‍රාදේශිය ලේකම්වරු, ගණකාධිකාරීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

450543553 1048604893935720 7494673143029190628 n 2024.7.15

450016348 1048604797269063 314646181501556049 n 450016325 1048604823935727 4981816203058895511 n

450482911 1048605870602289 3816187925770306620 n 450555722 1048604810602395 4166235646825678637 n

450644470 1048605733935636 2941260052112685122 n 450608826 1048605933935616 8469429477923739225 n