මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්යේ ලක්ෂ තුනකට ආසන්න ළමා ජනගහනයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා සුරක්ෂිතතාව වෙනුවෙන් විවිධ තීන්දු ගැනීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.

මෙහි දී මාතර දිස්ත්‍රික්යේ ළමුන් පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන, පොත්පත්, සෞඛ්‍යය, සමාජ ජීවිතය, ලිංගික හිංසනයන්ට ගොදුරු වීම, මත්ද්‍රව්‍ය පිළිබඳ ඔවුන්ගේ නැඹුරුව හා ඒ පිළිබඳව දැනුවත් වීම සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ලද අතර ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය වළක්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයක් වශයෙන් ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.

එපමණක් නොව පසුගිය කාල සීමාව තුළ මාතර දිස්ත්‍රික්කයේ ළමුන් වෙනුවෙන් සිදු කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම, ළමයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ළමා සුබසාධන වැඩසටහන් හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

බන්ධනාගාරගතව පුනරුත්ථාපනය වන ළමුන්ගේ අක්ෂි සායන වැනි වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම පොලිසිය හා බන්ධනාගාරය එක්ව සහයෝගයෙන් කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සහාය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත්ව ලබාදීමට සුදානම් බවත් දිසාපතිතුමා පැවසී ය.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු ළමා හා කාන්තා සංවර්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන් හා පොලිසිය සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ළමා හා කාන්තා සංවර්ධන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

451483165 1054710403325169 336631022141852994 n451743375 1054711596658383 8351942451665498364 n

451750933 1054710799991796 7990953384914263589 n451798453 1054710423325167 6214423168381788462 n

451756496 1054710579991818 5855332321338618525 n451989728 1054710649991811 6956304585420911088 n

452006416 1054711523325057 2364497700157289090 n451815827 1054710529991823 3460040841376361749 n