ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව, අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා ආර්ථික අපහසුතා සහිත දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000 ක් හා උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6,000 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමී මාතර දිස්ත්‍රික් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අද (19) දින රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්කයේ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 240 ක් හා අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2861 ක් වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3101 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිත අතර මෙම සමාරම්භක උත්සවයේ දී මාතර අධ්‍යාපන කලාපයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1024 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු කරන ලදි.

ඒ අනුව උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රුපියල් 6000.00 ක් ද අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රුපියල් 3000.00 ක් ද වශයෙන් 2024 මාර්තු මාසයේ සිට මෙම ශිෂ්‍යත්ව ලබා දේ.

මේ අවස්ථාවට ශිෂ්‍යත්වලාභී දූ දරුවන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, දකුණු පළාත් ආන්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ජනතා නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමන්, රාජ්‍ය නිලධාරින් හා දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහාය ඇතිව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් වැඩසටහන සංවිධානය කරන ලදි.

451774928 1054486170014259 1391873122904350598 n 451992627 1054486260014250 202964222299177927 n

451986642 1054486226680920 5890191888475206479 n 451966231 1054486750014201 4618834788370393322 n

451937770 1054486643347545 541046035615446376 n 451963480 1054486370014239 797047944982195014 n

451873866 1054486130014263 4601197204659761006 n 451190169 1054486546680888 4198405547316818594 n

451761232 1054486666680876 4747500366527137363 n 451394753 1054486493347560 5942076794483748320 n