විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන "රටම එකට" ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 31 වනදා පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති අතර ඊට සමගාමී මාතර දිස්ත්‍රික් වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහි දි විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට දායකත්වය ලබා දෙන බවට දිවුරු ප්‍රතිඥාව ලබාදීම සාමූහිකව සිදු කරන ලදි.
රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශනය වු, ගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික වැඩසටහන හා සජීවිව සම්බන්ධ වීම ද සිදු විය.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වී සිටියහ.







