செய்தி மற்றும் நிகழ்வுகள்

 මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අප්‍රේල් 08 වැනිදා රැස්වේ  මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ ගරු සභාපති ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 08 වැනිදා ප.ව.2.00 ට මාතර දිස්ත්‍රික්...

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය යුනෙස්කෝ ලෝක...

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේ දී වෙසක් උත්සවය සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දු තීරණ රැසක්

රටේ ඇතිවී තිබෙන තත්ත්වය‌ හේතුවෙන් මෙවර වෙසක් උත්සවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් විශේෂ රැස්වීමක් පවත්වන ලදි. මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පරදුව ජිනරතන නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඊයේ (08) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානාත්මකව හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම සඳහා පෙරහැර, දන්සල් හා තොරණ පැවැත්වීම නතර කර බණ දහමට මුල්තැන දී කටයුතු කිරීමට සාමූහික එකඟතාවයකට එළඹිණි.

මීට අමතරව ගම්වැසියන් සියලු දෙනා තමන්ගේ ගමේ පන්සලේ ආරක්ෂාව වෙනුවෙන් වෙනදාට වඩා ප්‍රමුඛතාව ලබාදීම, ගමේ හැමදෙනාම ඒකතු වී සීල භාවනා පුද පූජා කටයුතු වලට සහභාගි වීම, ආරක්ෂාව සඳහා ගමේ තරුණ වැඩිහිටි සියලු දෙනාම අනවශ්‍ය බෑග් හා පාර්සල් නොගෙන මල් පහන් ආදිය පමණක් රැඟෙන පන්සලට පැමිණීම, නන්නාදුනන අය පන්සලට පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීම, පෙර වෙසක් උත්සව වලටත් වඩා මෙවර බෞද්ධ කොඩි හා වෙසක් පහන් කූඩු වලින් සැරසිලි කිරීම, මංමාවත්වල පොල් තෙල් පහන් දල්වා ආලෝකමත් කිරීම, නගර වාසීන්, රාජ්‍ය ආයතන හා විහාරස්ථාන ඇතුළු සෑම ස්ථානයකම ඉදිරිපස මංමාවත් සැරසිලි කිරීම, තරුණ තරුණියන් හා පවුල් වශයෙන් කල්ලි කණ්ඩායම් නොගැසී විනෝද චාරිකාවන්ගෙන් මිදී තම ගමේ පන්සල ඇසුරු කරමින් සිංහල බෞද්ධ අභිමානය රැකගැනීමට හා වෙසක් පොහොය දිනය භය බිරාන්තිය මකා දමන සාමකාමී එඩිතර සැදැහැසිත් ඇති කරවන පරෝපකාරී අවිහිංසාවාදී මෙත් වඩන දානමාන සීල භාවනා ධර්ම ශ්‍රවණ ආදී වත්පිළිවෙත් පිරි දිනයක් බවට මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය පත්කර ගැනීමට කටයුතු කරන ලෙස මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් අවධාරණය කරන ලදි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා හා ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතා ඇතුළු ආරක්ෂක අංශ සහභාගි වී සිටියහ.

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය යුනෙස්කෝ ලෝක මතකය වැඩසටහන යටතේ ලේඛණගත කිරිමට අදාළ ජාතික වැඩසටහනට සමගාමීව 2019.03.16 සිට 2019.03.23 දින දක්වා ත්‍රිපිටකාභිවන්දානා සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව හා  මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16  මූලික කරගෙන ක්‍රියාකාරී  ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු පිහිටුවා ඇති අතර ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ මෙහෙයවීමෙන් සියලූම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල 2019.03.16 සිට 23 දින දක්වා වැඩසටහන් සංවිධානය කෙරේ.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. 2019.03.16 සිට 23 දින දක්වා ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ මාතර දිස්ත්‍රික්කය ම ආවරණය වන පරිදි බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීම හා බෞද්ධ සැරසිලි කිරීම සිදු කෙරේ.

සතිය පුරාවට ම මාතර දිස්ත්‍රික්කයේ සෑම විහාරස්ථානයකම ප.ව.6.00 සිට 6.15 දක්වා ශබ්ද පූජාව  පැවැත්වීම සිදු කෙරෙන අතර මෙහි ප්‍රධාන වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මාතර පොලීසියේ සම්බන්ධීකරණයෙන් මාතර ඓතිහාසික බෝධීන් වහනසේ කේන්ද්‍ර කර ගනිමින් පැවැතිවීමට නියමිත ය.

2019.03.16 දින පෙරවරුවේ ප්‍රධාන පිණ්ඩපාත චාරිකා දෙකක් පැවැත්වෙන අතර මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තිහගොඩ ශාසනාරක්ෂක මණ්ඩලය හා තිහගොඩ පොලීසියේ සම්බන්ධීකරණයෙන් පැවැත්වෙන පිණ්ඩපාත චාරිකාව කපුදුව හංදියේ සිට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ද මාතර පොලිස් ස්ථානය මගින් සංවිධානය කරනු ලබන පිණ්ඩපාත චාරිකාව මාතර මහා මන්තීන්ද පිරිනෙහි සිට මාතර බෝධිය දක්වා පැවැත්වේ.

පොසොන් සතියට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් පින්කමක් හා දානමය පින්කමක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

“සබ්බේ තසන්ති දණ්ඩස්ස - සියලු සත්ත්වයෝ දඬුවම ට බිය වෙති” යන පොසොන් තේමා පාඨය මුල් කර ගනිමින් ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ 2019 ජුනි මස 16 දිනට යෙදෙන පොසොන් පුර පසළොස්වක පෝය දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා උදෑසන දානමය පින්කමක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

ජුනි 12 දින සිට ජුනි 18 දින දක්වා වූ සතිය පොසොන් සතිය වශයෙන් රජය ප්‍රකාශයට පත්කර ඇත. එම කාල සීමාව තුළ රජයේ සියලු ආයතනවල හා ගොඩනැගිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත් එම ගොඩනැගිලි පොසොන් සැරසිලි වලින් අලංකාර කිරීමටත් තීරණය කර තිබේ. එසේ ම දිවයින පුරා සුරාසැල් හා මස් කඩ වසා තැබීමට ද රජය තීරණය කර ඇත.

සියලු ම ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෝගයෙන් ග්‍රාමීය මට්ටමින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කටයුතු කෙරේ. සියලු ම අන්‍යාගමිකයන්ගේ සහයෝගය ලබා ගෙන ආගමික සංහිඳියාව වර්ධනය වන ආකාරයට පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් රාජ්‍ය පොසොන් උත්සව සංවිධානය කිරීමට ද අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ සළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් අපට හුරු වූ ආගමික නැමියාව හා ආගමික සහනශීලීත්වයත් සමඟ  ශ්‍රී ලාංකේය ජන ජීවිතය විශාල පරිවර්තනයකට ලක් විය. එදා ඇති වු එම සංස්කෘතික පරිවර්තනයේ දිගුවක් වූ වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි සංකල්පය අදට ද වලංගු වේ.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ග්‍රාම නිලධාරී වසම් 650 තුළ ම පොසොන් පින්කම් හා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා හා මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.

 මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අප්‍රේල් 08 වැනිදා රැස්වේ

 මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ ගරු සභාපති ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 08 වැනිදා ප.ව.2.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.‍


මෙහි දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු සහ යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2019 වර්ෂයේ සංවර්ධන සැලැස්ම, විමධ්‍යගත වැඩසටහන, දිවිනැගුම ජාතික වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, පාලම් ව්‍යාපෘතිය, නගර සංවර්ධනය, වෙරළ උද්‍යානය සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, පුර නැගුම ව්‍යාපෘතිය, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාළන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ, ජාතික තරුණ සේවා සභාවේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රියාත්මක තත්ත්වයන් ආදිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතයින් ඇතුළු දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරයි.

உட்பிரிவுகள்

ඉදිරි වැඩසටහන සැප්තැම්බර් මාසය - 2018                                                    

දිනය

 ඉටුකිරීමට නියමිත රාජකාරි

ස්ථානය

01

සෙනසුරාදා

ව්‍යාපෘති පරික්ෂාව

කොටපොල

02

ඉරිදා

පරිසර කටයුතු පරික්ෂාව

වැලිපිටිය

03

සදුදා

කාර්යාලය

 

04

අගහරුවාදා

කෘෂිකර්ම කමිටුව

කාර්යාලය

05

බදාදා

කාර්යාලය

 

06

බ්‍රහස්පතින්දා

දිවිනැගුම ව්‍යාපෘති පරික්ෂාව

පිටබැද්දර

07

සිකුරාදා

කාර්යාලය/මැතිවරණ රැස්වීම

මාතර/කොළඹ

08

සෙනසුරාදා

රජයේ ව්‍යාපෘති පරික්ෂාව

වැලිගම

09

ඉරිදා

මහජන පැමිණිලි පරික්ෂාව

අකුරැස්ස

10

සදුදා

කාර්යාලය

 

11

අගහරුවාදා

කාර්යාල පරික්ෂාව

අකුරැස්ස

12

බදාදා

කාර්යාලය

 

13

බ්‍රහස්පතින්දා

සමෘද්ධි කටයුතු

අකුරැස්ස

14

සිකුරාදා

ව්‍යාපෘති පරික්ෂාව

මුලටියන

15

සෙනසුරාදා

සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

කඹුරුපිටිය

16

ඉරිදා

සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

තිහගොඩ

17

සදුදා

කාර්යාලය

 

18

අගහරුවාදා

ජනාධිපතිතුමාගේ රැස්වීම

කොළඹ

19

බදාදා

කාර්යාලය

 

20

බ්‍රහස්පතින්දා

මහජන පැමිණිලි පරික්ෂාව

පිටබැද්දර

21

සිකුරාදා

සංවර්ධන කටයුතු පරික්ෂාව

වැලිගම

22

සෙනසුරාදා

රජයේ සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව

මාලිම්බඩ

23

ඉරිදා

මහජන පැමිණිලි පරික්ෂාව

අකුරැස්ස

24

සදුදා

කාර්යාලය

 

25

අගහරුවාදා

ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව

කාර්යාලය

26

බදාදා

කාර්යාලය

 

27

බ්‍රහස්පතින්දා

සංවර්ධන කටයුතු පරික්ෂාව

පිටබැද්දර

28

සිකුරාදා

සංවර්ධන කටයුතු පරික්ෂාව

කොටපොල

29

සෙනසුරාදා

මහජන පැමිණිලි පරික්ෂාව

කිරින්ද පුහුල් වැල්ල

30

ඉරිදා

ව්‍යාපෘති පරික්ෂාව

අතුරලිය