මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයට සමගාමීව පවත්වන ලද “මාතොට බීච් ෆෙයාර් - 2023“ මාතර දිස්ත්‍රි‍ක් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ සහ හම්බන්තොට - ඉන්දියන් කොන්සල් ජෙනරාල් අරවින්ද සිං මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර වෙරළ තීරයේ දී පැවැත්විණි.

රජයේ මුදල් වැය කිරීමකින් තොරව, මාතර දිස්ත්‍රික්කයේ සංචාරක ප්‍රවර්ධනය, මාතර දිස්ත්‍රි‍ක්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය අරමුණුකර ගනිමින් “මාතොට බීච් ෆෙයාර් - 2023“ පවත්වන ලදි.

මෙහි දී ළමුන් සඳහා සරුංගල් තරඟ, ළමුන් සඳහා වැලි මාළිගා තරඟ, ළමා විනෝද ක්‍රීඩා, මාතර දිස්ත්‍රි‍ක්කයේ පාසල්වල විශේෂ සංස්කෘතිකාංග, මල් වෙඩි සන්දර්ශන, පෙරදිග සංගීත වැඩසටහන්, කැලිප්සෝ සංගීත වැඩසටහන් හා දේශීය නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටි, විවිධ ආහාර පාන සහිත වෙළඳ කුටි, විසිතුරු භාණ්ඩ සහිත වෙළඳ කුටි ඇතුළු වෙළඳ කුටි රැසක් ද ස්ථාපිතකර තිබිණි.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමය, මාතර දිස්ත්‍රික් වෙළඳ හා වානිජ මණ්ඩලය, මාතර මහා නගර සභාව හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව මෙම “මාතොට බීච් ෆෙයාර් - 2023“ සංවිධානය කරන ලදි.

404334811 868017861994425 8493241811636498525 n   403767061 868015161994695 988062528168500747 n

 

403729401 868017428661135 5080385537333284728 n   403674898 868015451994666 7310799017568835879 n

402118811 868017455327799 666135060572830687 n  403599638 868016438661234 8564785762044012375 n

 402119066 868016478661230 8700004681425104455 n   404430815 868017965327748 6168544333819933809 n