
















































ජගත් පරිසර දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ජුනි මස 12 දින මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. මෙය මාතර දිස්ත්‍රික්කය පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා, මහා නගර සභා, නගර සභා මෙන්ම මාතර අධ්‍යාපන කලාපයේ තෝරා ගත් පාසල් 17 ක ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කිරීම සදහා අවශ්‍ය බහාලුම් බෙදාදීම සංකේතාත්මකව සිදු කරන ලදි. මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා, මහ නගර සභා හා නගර සභා වෙත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාර දිය හැකි ය. එමෙන් ම ජුලි මස 01 වෙනි දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ නව ක්‍රීඩා මණ්ඩපය (හක්මන පාරේ පිහිටි) වෙත පැමිණ ඔබගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බාරදිය හැකිය. භාර ගන්නා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අතර රූපවාහිනී යන්ත්‍ර (Flat TV පමණයි), කැසට් යන්ත්‍ර / රේඩියෝ යන්ත්‍ර, විදුලි පංකා, පරිගණක / ලැප්ටොප් ආශ්‍රිත සියලුම උපකරණ (UPS, CPU, Data Cable, Charges Mouse, KeyBoard ආදී පරිගණක ආශ්‍රිත සියලු උපකරණ, මොනිටර් (LED, LCD පමණි), ජංගම දුරකථන සහ අමතර කොටස් (Power Bank, Data Cable, Phone Chargers, Head Phones, Speakes ආදී කොටස්), ස්ථාවර දුරකථන, ෆැක්ස් යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර (Blender, Grinder), විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ / විද්‍යුත් ව්‍යායාම උපකරණ, රයිස් කුකර් (Rice cooker), මුද්‍රණ යන්ත්‍ර (Printers), බැටරි (මෝටර් රථ- Hybrid /Acid, යතුරුපැදි, ජංගම දුරකථන, ඔරලෝසු, ලැප්ටොප්), CD සහ DVD යන්ත්‍ර, CD සහ DVD තැටි, විදුලි කේතල, විදුලි හීටර්, විදුලි උදුන්, රෙදි සෝදන යන්ත්‍ර (Washing machine), ශීතකරණ, වායුසමීකරණ යන්ත්‍ර, වෙනත් විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ වේ. භාර නොගන්නා ද්‍රව්‍ය නම් ප්‍රතිදීප්ත බල්බ හා ටියුබ් ලයිට් (CFL Bulbs & Tube Light) ඇතුළු සියලුම වීදුරු බල්බ, කොටස් කර හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති උපකරණ, පස්, වැලි හා මඩ තැවරී ඇති උපකරණ වේ. සම්බන්ධීකරණ කටයුතු සඳහා ළඟකම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ප්‍රාදේශීය සභා පරිසර නිලධාරී හමුවන්න.
![]() ![]() |












මාතර දිස්ත්‍රික්කයේ ජීවත්වන කථන හා ශ්‍රවණ ඌනතා සහිත ප්‍රජාව වෙනුවෙන් වූ ගී රසවින්දන හා සාහිත්‍යමය උපදේශන වැඩසටහනක් මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 17 වන දින මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී සංඥාව භාවිතා කරමින් ගීත රස විඳින ආකාරය,ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමේදී හා පවත්වාගෙන යාමේදී වැදගත් වන උපදේශනය සහ සමාජීය වශයෙන් හා පෞද්ගලිකව ඔවුන්ට බලපාන ගැටළු සාකච්ඡා කිරීම යනාදිය සිදු කරන ලදී.
“සංඥාව තුළින් ගී රසවින්දනය” සිදු කරන ලද්දේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්ය, ප්‍රවීණ සංඥා භාෂා උපදේශක කැළුම් ඉන්දික සමරවික්‍රම මහතා විසින් වන අතර “සාහිත්‍යමය උපදේශනය” සිදු කරන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රි විජේසුන්දර මහත්මිය විසිනි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ කථන හා ශ්‍රවණ ඌනතා සහිත ප්‍රජාව, මාතර අතිරේක දිස්ත්රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කුමාරසේන ලියනපතිරණ මහතා, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සම්පත් පුෂ්පකුමාර මහතා, සංවර්ධන නිලධාරී (සංස්කෘතික) සුභා විජේගුණසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සුමග රුහුණු ශ්‍රවණ ඌනතා සංසදයේ සභාපති දයා ජයවික්‍රම මෙනෙවිය ව්‍යාපෘති කළමනාකරු කසුන් චන්දන මහතා ඇතුළු නියෝජිතයින සහභාගි වී සිටියහ.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවනු ලබන “දොළොස් මහේ පහන”වැඩසටහන යටතේ මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ සංකල්පයකට අනුව සුමග රුහුණු ශ්‍රවණ ඌනතා සංසදයේ අනුග්‍රහයෙන්, මාතර දිස්ත්‍රික් සමාජ සේවා අංශයේ සම්බන්ධීකරණයෙන් මාතර දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් වැඩසටහන සංවිධානය කරන ලදී.







මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ආපදාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් නොවැම්බර් මස 28 දින මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීම හා ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා වැදගත් තීරණ රැසක් ගනු ලැබිණි.
ප්‍රධාන වශයෙන් නිල්වලා ගඟේ ජලය බැසයාම සදහා ලවණ බාධකය අසළ කැපූ විකල්ප ඇළ මාර්ගයේ යොදා ඇති වැලි කොට්ට කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත් අතර දැනට ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පවුල් සඳහා කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය සියලු අංශ දැනුවත් කිරීම සිදුකරන ලදි.
එමෙන්ම විදුලිය බිඳවැටීම්, ජල සැපයුම් අඩාලවීම් සහ මාර්ග අවහිරවීම් කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට අදාළ සියලු අංශ වලට උපදසේ ලබාදෙන ලදි.
මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා, අජන්ත ගම්මැද්දගේ මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, මාතර නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ මහතා, ප්‍රාදේශීය සභා සභාපති වරු, මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආපදා කළමනාකරණ අංශ, පොලිසිය ඇතුළු විවිධ අංශ නියෝජනය කරන පිරිසක් සහභාගි වී සිටියහ.




ජීවිතය බිළිඳෙකු ලෙස මෙලොව දුටු පසු කාලය සමග ළමා කාලය, තරුණ කාලය, මැදි වයස හා වැඩිහිටි යන පරිච්ඡේදයන් පසුකළ යා යුතුය. මේ කාලය තුල නොයෙකුත් දේ විඳිමින්, විදවමින්, දැනෙමින්, අසමින් කාලය ගත කරන අතර වැඩිහිටි වූ පසු බොහෝ දෙනා හුදකලා වී ශාරීරිකව දුර්වල වේ. මාතර දිස්ත්‍රික්කයේ වැඩිහිටියන්ට ජවය ශක්තිය ලබා දී නීරෝගිමත් සහ සතුට පිරුණු ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය සංගීතය මුසුකරගත් ඔසුවක් ලෙස “දෙටු පුරවැසි ගී දැහැන” මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් 2025 නොවැම්බර් මස 11 වැනිදා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සංගීතය, වාදනය, ගායනය සහ රංගනය යන විවිධ අංගයන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන වැඩිහිටියන්ගේ ඉදිරිපත්වීම් නිසා තව තවත් අලංකාර විය.
වසරක කාලයක් තුල වැඩිහිටි සමිති හරහා සිදු වූ කාර්යයන්ගේ ප්‍රගති සමාලෝචනයකින් පසුව ඔවුන්ට ත්‍යාග, සහතික හා කුසලාන ප්‍රධානයද මෙහිදී සිදු විය.
ඒ අතර දිස්ත්‍රික්කයේ සාර්ථකම වැඩිහිටි බලමණ්ඩලය ලෙස තිහගොඩ ජේෂ්ඨ පුරවැසි බලමණ්ඩලය ප්‍රථම ස්ථානය දිනාගත් අතර දිස්ත්‍රික්කයේ සාර්ථකම වැඩිහිටි දිවා මධ්‍යස්ථානය ලෙස මුලටියන බෙල්පාමුල්ල වැඩිහිටි දිවා මධ්‍යස්ථානයත්, දිස්ත්‍රික්කයේ සාර්ථකම වැඩිහිටි ස්වයං රැකියා ප්‍රථම ස්ථානය තිහගොඩ පියසීලි පතිනායක මහත්මියත්, දිස්ත්‍රික්කයේ සාර්ථකම වැඩිහිටි සමිතිය ලෙස මුලටියන බෙල්පාමුල්ල වැඩිහිටි සමිතියත්, දෙවන ස්ථානය අතුරලිය ඌරුමුත්ත වැඩිහිටි සමිතියත් දිනාගනු ලැබීය.
මෙම අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මියත්, සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මියත්, ප්‍රධාන ගණකාධිකාරී ටී. පී. එම්. සුධර්මන් මහතාත්, දිස්ත්‍රික් ඉංජිනේරුතුමත්, පරිපාලන නිලධාරී එම්. ඩබ්. දයාවංශ මහතාත්, පළාත් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී නිශාන්ත කෝදාගොඩ මහත්මාත්, මාතර දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ සභාපති මහින්ද සමරසිංහ මහතාත්, ලේකම් ප්‍රේමසිරි මහතාත්, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ද, මාතර දිස්ත්‍රික් දෙටු පුරවැසියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් පරිදි සහකාර දිස්ත්‍රික් ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන කිලධාරිනි චමිලා සමරසිංහ මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.









දකුණු පළාත තුළ පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල GovPay පහසුකම ඔස්සේ Online ගෙවීම් කිරීමේ පහසුකම 2025 සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මකව පවතී.
ඒ අනුව කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද මෙම ක්‍රියාවලිය ආරම්භ වන අතර සරප් හරහා ගෙවීම් කටයුතු කිරීමේ දී GovPay පහසුකම සඳහා සහාය දක්වන Banking ඇප් එකක් හෝ වෙනත් Fintech ඇප් එකක් හරහා අදාළ ගෙවීම Online සිදු කිරීමට හැකි ය. ගෙවීම සාර්ථකව සිදු කර අවසන් වූ පසු ඒ බව ඔබගේ ජංගම දුරකථන අංකයට SMS පණිවිඩයක් මඟින් දැනුම්දීම සිදු වේ.මේ සදහා ඔබගේ Banking ඇප් භාවිත කිරීම සඳහා අදාළ Banking ඇප් එකෙහි නවතම සංස්කරණය ඔබගේ ස්මාට් ජංගම දුරකථනයේ Install කර තිබිය යුතු අතර Online Banking පහසුකම ද ඔබගේ බැංකුව හරහා සක්‍රීය කරගෙන තිබිය යුතු ය.
ඒ අනුව මේ වන විට GovPay පහසුකම හරහා Online ගණුදෙනු සිදු කළ හැකි Banking Apps පහත පරිදි වේ.
1. BOC Flex App
2. BOC SmartPay App
3. People's Pay App
4. NSBPay App
5. Sampath Viswa Retail App
6. HNB Digital Banking App
7. ComBank Digital App
8. SEYLAN Mobile Banking App
9. Nations Direct App
10. NDB Neos App
11. Pan Asia Bank App
12. Cargills Bank App
13. DFCC One App
14. Amana Bank App
15. Upay App - SDB Bank
මීට අමතරව පහත සඳහන් Fintech Apps ඔස්සේ ද ඔබට GovPay පහසුකම හරහා Online ගණුදෙනු සිදු කළ හැකි ය.
1. හෙළකුරු
2. Frimi
3. Genie
4. LB CIM
5. ipay
6. WebxPay
GovPay පහසුකම ඔස්සේ ඔබට දැනට මෝටර් රථ ආදායම් හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආදායම් ගෙවීම් කළ නොහැකි අතර සරප් හරහා සිදු කරන අනෙකුත් සියලුම ගෙවීම් සිදු කළ හැකි ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ මාතර දිස්ත්‍රික්කයට අදාළව අප්‍රේල් සිට ජුනි දක්වා කාල සීමාවට අදාළව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජුලි මස 23 වන දින මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිසාපති නිල සාකච්ඡා මැදිරියේදී පැවැත්විණි.
සුව ධරණි ඔසු ගම්මාන ව්‍යාපෘතිය, ගෙවතු වගා ක්‍රම, ආයුර්වේද සංරක්ෂණ සභා පිහිටුවීම, පෙර පාසල්, පාසල්, වැඩිහිටි නිවාස හා ආරණ්‍ය සේනාසන පාදක වැඩසටහන් අමාත්‍යංශ ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක වූ වැඩසටහන් යෝග්‍ය වැඩසටහන් හා වෛද්‍ය සායන පිළිබඳවත් දේශීය ආහාර වර්ග හඳුන්වා දීමත් ඩෙංගු මර්දනය දියවැඩියාව හා වකුගඩු රෝගීන් හඳුනාගැනීම ආදී විෂය ක්ෂේත්‍ර වලට අදාළ ගැටළු හා ඒවාට විසඳුම් සෙවීම සඳහා අවධානය යොමු විය.
ෙමෙහිදී අදහස් දක්වමින් ප්‍රදර්ශනාත්මක වැඩසටහන් හා ව්‍යාපෘති වෙනුවට ප්‍රායෝගිකව මහපොළව මත ක්‍රියාත්මක කළ හැකි ජනතා සුබසාධනය හා නිරෝගී සම්පන්න සෞඛ්‍ය ජීවිතයක් සඳහා වඩාත් ප්‍රයෝජනවත් වැඩසටහන් පිළිබඳව සියළු නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බවත් දිසාපතිතුමා ප්‍රකාශ කරන ලදී.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ආයුර්වේද සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.




මාතර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ මාතර දිස්ත්‍රික් ප්‍රවාහන කමිටු රැස්වීම පසුගියදා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
නව රජයේ ප්‍රතිපත්තිමය කීන්දුවක් ලෙස ලංකාව පුරා බස් නැවතුම්පොල 50ක් සහ දුම්රිය ස්ථාන 50ක් අංග සම්පූර්ණ පහසුකම් සහිතව ස්ථාපනය කිරීමට යෝජිතය. ඒ හා සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ මාතර ප්‍රධාන බස්නැවතුම්පොළ සහ දෙනියාය බස්නැවතුම්පොළ නවීකරණයට අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂිත වී ඇත.
මාතර ප්‍රධාන බස්නැවතුම්පොලට අදාලව තීන්ත ආලේප කිරීම, අලංකරණ පරිසර කලාපයක් ඇති කිරීම, ආවරණ වැට, පොලිස් මුර පොල, සී සී ටී වී පද්ධති, කැලි කසල ක්‍රමවත්ව බැහැර කිරීම, පරවි ගහණය තුරන් කිරීම, වැසිකිලි පහසුකම් වැඩිදියුණු කිරීම, කාණු පද්ධතිය ක්‍රමවත් කිරීම, අනවසර කඩකාමර ඉවත් කිරීම, මගී ආසන යතාවත් කිරීම, අධිවේගී බස්නැවතුම්පොළ සඳහා ආවරණ කලාපයක් ඇති කිරීම, ආලෝක පද්ධති නවීකරණය කිරීම, මගී ජනතාවගේ ආකල්ප වැඩි දියුණු කිරීම සඳහා ප්‍රචාරක සේවා සහ දැන්වීම ප්‍රදර්ශණය කිරීම ආදී යටිතල පහසුකම් වඩාත් වේගවත්ව සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. ඒ හා සමගාමීව දෙනියාය බස් නැවතුම් පොල නවීකරණයත් යෝජිත වේ.
මීට අමතරව බස් රථ ප්‍රවාහනයේදී සිදුවන අක්‍රමිකතා, ශ්‍රී ලංගම බස්රථ හා පෞද්ගලික බස් රථ ධාවනයේදී ඊට අදාල ධාවන කාලසටහන් වල සිදුවන අක්‍රමිකතා සඳහා වඩාත් නිවැරදි හා ක්‍රමවත් විසඳුම් ලැබෙන සේ යථාවත් කිරීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ වැදගත් තීරණ තීන්දු රැසක් මෙහිදී ගනු ලැබීය.
ඒ වාගේම ඩීපෝ සංවර්ධනය, සේවක මහතුන්ගේද, මගීන්ගේ ද ආකල්ප සංවර්ධනය, දුරගමනාන්ත රියදුරු හා කොන්දොස්තර මහතුන්ට නිසි විවේකාගාර පහසුකම් සැලසීමත් මගින් වඩාත් සාර්ථක ප්‍රවාහන සේවයකට අවශ්‍ය පසුබිම සැලසිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්ද මහතාගේ අදහස විය.
මාතර, අකුරැස්ස හා හක්මණ යන ඩිපෝවල සිදුවන අක්‍රමිකතා මග හැරීමට ගතයුතු පියවරයන් පිළිබඳ මෙහි අවධානය යොමු වූ අතර ඒවා වඩාත් ක්‍රමවත් කළමණාකරනයක් මගින් පවත්වාගෙන යමින් ශ්‍රී ලංගමය ලාභ ලැබීමේ පරමාර්තයට එහා ගොස් මගී සුබසාධනයට යොමු විය යුතු බව මෙහිදී තීරණය විය.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මන්ත්‍රී තුමා, ලාල් ප්‍රේමනාත් මන්ත්‍රී තුමා, මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මියත්, මාතර නගරාධිපති ජයන්ත මහතාත්, මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු, දකුණු පලාත් ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් බණ්ඩාර මහතාත්, ප්‍රවාහන ක්ෂෙත්‍රයේ, පොලීසියේ හා නාගරික සංවර්ධන අධිකාරිය යන ක්ෂේත්‍ර වල ඉහල නිලධාරීන් ඇතුලු රාජ්‍ය සේවකයින්, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය නියෝජිතයින් බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.
මෙම වැඩසටහන මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය විසින් සංවිධානය කර තිබුණි.




නව රජයේ ප්‍රතිපත්තියක් ලෙස අල්ලස හා දූෂණය වලක්වා ගැනීමේ අරමුණින් රාජ්‍ය සේවය තුළ අභ්‍යන්තර කටයුුතු ඒකක පිහිටුවීමට අදාළව මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සමාරම්භක හමුව මාතර දිස්ත්රික් ලේකම් දිසාපති චන්දන තිලකරත්න මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා දිසාපති නිළ සාකච්ඡා මැදිරියේදී පැවැත්විණි.
අල්ලස දූෂණය හා නිලධාරියා යන්න පිළිබඳ පූර්ණ විග්‍රහයක් කරමින් අල්ලස හා දූෂණය යන වචන ග්‍රීක කාල සීමාව දක්වා විහිදී ඇති බවත් දියේ සිටින මාළුවෙකු වතුර බොනවාද නැද්ද යන ප්‍රශ්නාර්ථය තරමටම නිලධාරියා හා අල්ලස යන වචන එක හා බැඳී පවතින බව කෞටිල්‍ය ආචාර්යවරයා දක්වා ඇති බවත් අතිරේක දිස්ත්රික් ලේකම් කුසලක නානායක්කාර මහතා මෙහිදී පැවසීය. බෞද්ධ දර්ශනය අනුව පන්සිය පනස් ජාතකයෙහි මේ සම්බන්ධව වෙන් වූ ජාතක කතා වස්තුවක් ඇති බවත් වර්තමානය දක්වා දිව ආ ගමනේ ශ්‍රී ලංකාව තුළ ද මේ සම්බන්ධව විග්‍රහයන් දක්වා ඇති බවත් එතුමා වැඩි දුර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. ඒ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ අල්ලස් ගැනීම වරදක් ලෙස පෙන්වා දෙමින් ඊට දඬුවම් නියම කිරීමත්, 1954 පසුව අල්ලස් දෙපාර්තමේන්තුවක් 1994 දක්වා ක්‍රියාත්මක වු බවත් 1995 දී අල්ලස් කොමිසමක් පත් කළත් එහි පූර්ණ බලතල ජනාධිපතිවරයා සතු වීම නිසා එහි ස්වාධීනත්වය පිළිබඳ යම් කිසි ප්‍රශ්නගත තත්ත්වයක් මතු වූ බවත් වර්තමානය වන විට මේ කොමිසම ස්වාධීන කොමිසමක් බවට පත්ව ඇති බවත් දූෂණ විරෝධී පනත තුළින් නීති පමණක් නොව ආයතන තුළද අල්ලස් හා දූෂණය පිටු දැකීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක විය යුතු බව හා එහි ප්‍රතිඵලයක් ලෙස අල්ලස් හා දූෂණ වංචා වලක්වා ගැනීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවා ඇති බවත් ප්‍රකාශ විය.
මේ වැඩසටහනට පළමු වයට සඳහා ලංකාවේ ආයතන 108ක් සම්බන්ධ වී ඇති අතර ඒ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අත්‍යවශයෙන්ම සෘජුවම ජනතාව සමග කටයුතු කරන හා මේ සම්බන්ධව යම් යම් විභවතාවයන් සහිත කාර්යාල මෙයට සම්බන්ධ වේ. එහි එක් කාර්යාලයක් ලෙස මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය නම් කර ඇත.
අභ්‍යන්තර කටයුතු ඒකකයට මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරී මණ්ඩලයක් දිසාපති තුමාගේ නිර්දේශයෙන් පත්කර ඇති අතර එහි ප්‍රධානියා ලෙස අතිරේක දිස්ත්රික් ලේකම් කුසලක නානායක්කාර මහතාත්, සුපිලිපන්න නිලධාරියා ලෙස පරිපාලන නිලධාරී එම්. ඩබ්. දයාවංශ මහතාත් පත් කර ඇති අතර සියළු අංශ වල නියෝජිතයින් මේ සඳහා සම්බන්ධ කර ගෙන ඇත. ඒ අතර ආයතන අංශය, ගිණුම් අංශය, සැලසුම් අංශය, අභ්‍යන්තර විගණන අංශය, මෝටර් රථ අංශය, සමෘද්ධි අංශය, ක්ෂේත්‍ර නිලධාරී අංශය, ආපදා කළමනාකරණ ඒකකය, ඉඩම් අංශය, පාරිභෝගික අංශය ඇතුළු විවිධ අංශ වල නියෝජිතයින් තෝරා පත් කර ගෙන ඇත.
මෙම අභ්‍යන්තර කටයුතු ඒකකයේ යම් යම් වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිත අතර පෙර තිබූ වැඩසටහන් විගණනය නොවූ අතර මෙම වැඩසටහන් සම්පූර්ණ විගණනයකට යටත් කර ඇති බවත් KPG නම් වූ ජාත්‍යන්තර පිළිගත් කළමනාකරණ ආයතනයකින් විගණනය සිදු කරන බවත් අනාවරණය විය.
මේ සඳහා කණ්ඩායමක් නම් කිරීමත්, සුදුසු ස්ථානයක් තෝරා ගැනීමත්, ඊට අදාළ වට්ඇප් ගිණුමක් ආරම්භ කිරීමත් , ෆැක්ස් හා ස්ථාවර දුරකථන සම්බන්ධතා ලබා දී ඇති බවත්, පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර ඒ කිසිදු කැමරාවකට ආවරණය නොවන ලෙස පැමිණිල්ලක් කරන අයෙකුගේ අනන්‍යතාවය කිසිවෙකුටත් අනාවරණය නොවන අයුරිනි. මේ සම්බන්ධව සමාජ ජාලා වල දැනුවත් කිරීම සිදු කරමින් පවතින බවත් ප්‍රකාශ විය.
අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මේ සම්බන්ධව පූර්ණ අධීක්ෂණය හා විමර්ශන කටයුතු සිදු කරන බවත්, අභ්‍යන්තර කටයුතු ඒකකයේ මූලික අරමුණු වී ඇත්තේ මහජනතාව අල්ලස හා දූෂණයට විරුද්ධව සවිබල ගැන්වීමටත්, නිලධාරීන් ඒ සඳහා යොමු වීමේ ඉඩකඩ ඇහිරීමත් යන ප්‍රධාන කරුණු තේමා කර ගෙන බව අදහස් පල විය. මෙම අවස්ථාවට මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන්ගේ අදහස් හා යෝජනා ද සාකච්ඡාවට බඳුන්වීම සිදු විය.



දකුණු පළාතේ, කොළඹ කතරගම මාර්ගයේ රිය අනතුරු අවම කිරීමේ හා මහා මර්ග වල සිදුවන අපරාධ මැඩලීමේ අරමුණින් විශේෂ ආරක්ෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ යටතේ පිහිටුවා ඇති විශේෂ පොලිස් යතුරුපැදි ඒකකය යළි සක්‍රීය කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර කොටුව තුල දී පැවැත්විණි.
මෙම ආරක්ෂිත වැඩසටහන මගින් ගොවියාපාන පාළම අසළ සිට තංගල්ල පොලිස් කොට්ඨාසයේ සෙල්ලකතරගම දක්වා වූ කිලෝ මීටර 152 ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරේ.
දකුණු පළාතේ සිදුවන අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් කොළඹ කතරගම මාරගයේ දී සිදුවන බවට දත්ත විශ්ලේෂණ වාර්තා අනුව අනාවණය වී ඇති හෙයින් ඒ කෙරෙහි පොලීසියේ විශේෂ අවධානය යොමුවී ඇත.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ සම්බන්ධීකරණය යටතේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
මෙම ආරක්ෂිත වැඩසටහන සඳහා මෝටර් රථ 04 ක්, රථවාහන පොලීසියේ යතුරුපැදි 18 ක් හා අපරාධ සිද්ධි පිටුපස හඹායාමේ යතුරුපැදි 09 කින් සමන්විත අතර, ඒ සඳහා නිලධාරීන් 137 දෙනෙකු අනුයුක්ත කර ඇත.
මෙම පිරිස සේවා මුර ක්‍රමය යටතේ මහාමාර්ග රිය අනතුරු අවම කිරීමට, අනතුරු සිදුවන අයුරින් රිය ධාවනය කරණ පිරිස් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙන්ම මහාමාර්ග වල සිදුවන අපරාධ මැඩලීමට ක්‍රියා කිරීමට නියමිත ය.
ආරක්ෂිත වැඩසටහන සක්‍රීය කිරීමේ ආරම්භක අවස්ථාවට දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ හා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ආරම්භක වැඩසටහනින් පසු පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, හම්බන්තොට අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක මහතා, මාතර ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.




“තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ.” යන තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමී කාන්තා දින වැඩසටහනක් මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය සහ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල නිලධාරීන් ඇගයීමට ලක් වූ අතර ප්‍රාදේශීය වශයෙන් සාර්ථක ව්‍යවසායිකාවන් ඇගයීමක් ද සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ ආරාධිත දේශනය රුහුණ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ ව්‍යවසාය සංවර්ධන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනකා දිල්රුක්ෂි මහත්මිය විසින් සිදු කරන ලදී.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, වනිතා සංවර්ධන නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති කර්මාන්ත හා ව්‍යයවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
කාර්යක්ෂම හා ජනහිතකාමි රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය සේවකයින්ගේ කාර්යයන් වඩාත් ඵලදායි ලෙස පොදු මහජනතාවට ලබාදීමට නම් රාජ්‍ය සේවකයන් තෘප්තිමත් විය යුතු අතර ඊට අදාළ වැටුප් වැඩි කිරීම අප්‍රේල් මස වැටුපට එකතු කිරීම රාජ්‍ය සේවකයන් ලද මහත් ජයග්‍රහණයක් බව කමිටු සභාපතිතුමා අදහස් දක්වමින් පැවසී ය.
සුවබර හා හිතකර ජීවිතයක් ගතකිරීමේ අරමුණින් පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීමේ Clean Sri Lanka වැඩසටහනට අදාළව මාතර දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කරමින් විවේකාගාර, වැසිකිලි පද්ධතිය, ආපන ශාලා වැඩිදියුණු කිරීමත්, අවට පරිසරය තීන්ත ආලේප කර පිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන යෑම සඳහා දිසාපතිතුමාගේ මැදිහත් වීම අගය කළ අතර ඒවායෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අදාළව යෝජිත මිරිස්ස, දික්වැල්ල, හිරිකැටිය, පොල්හේන, වැලිගම ප්‍රදේශ වලට අදාළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීම සඳහා එහි නීතිමය කටයුතු කඩිනම් කරගනිමින් ඊට අදාළ වැඩසටහන් වඩ වඩාත් කාර්යක්ෂමව සිදුකර අවසන් වාර්තාව ලබා ගනිමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියටත්, මාතර මහනගර සභාවටත්, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලටත් වගකීම් පැවරීමට කමිටු සභාපතිතුමා පියවර ගන්නා ලදි.
එමෙන්ම යෝජිත පොල්හේන ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු පාසලට අදාළ කාර්යයන්හි වර්තමාන තත්ත්වය ද සභාපතිතුමාගේ අවධානයට ලක්විය.
දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍යම නගර හඳුනා ගනිමින් ඊට සමගාමීව ඩ්‍රෝන කැමරා භාවිතයෙන් නගර ආරක්ෂා කරගනිමින් මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ව්‍යාපාර අඩපණ කිරීමට ගතහැකි පියවරයන් ගැන අවධානය යොමු කර ඊට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස ද අවධාරණය කෙරිණි.
පාසල්වල පිරිසිදු කිරීමට දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම් නවතා සනීපාරක්ෂක කම්කරු නිලධාරින් යොමුකර අදාළ ක්‍රියාවන් සම්පුර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය පියවර ගත යුතු බවත්, පාසල්වල අභ්‍යාස සහ ක්‍රියාකාරකම් Whats App මාධ්‍ය හරහා ළමයින්ට යොමුකර ළමුන්ට අමතර පීඩනයක් ඇති කිරීම වහාම නතර කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය අදහස් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියා ය.
දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම පිළිබඳව පසුගියදා ජනාධිපතිතුමාගේ මුලිකත්වයෙන් කොළඹ දී පැවති රැස්වීමේ දී ඊට අදාළ බොහෝ විසදුම් සමගින් සාධනීය පියවරයන් රැසක් ගත්බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්. අබේවික්‍රම මහතා ප්‍රකාශ කර සිටියේය.
එසේම මැද්දවත්ත වී ගබඩා ගොඩනැගිල්ල මාතර දිස්ත්‍රික් ගෘහස්ත ජිම්නාස්ටික් පුහුණු ආයතනයක් පවත්වා ගෙන යාම සඳහා පවරාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දෙන ලදි.
නිල්වලා ගග ආශ්‍රිත පිරිසිදු කිරීම් හා “Save Nilwala” වැඩසටහනට අදාළ වත්මන් තත්ත්වය හා එය වඩාත් සාර්ථක කර ගැනීමට ගත යුතු පියවරයන් ගැන අවධානය යොමු කෙරිණි.
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව නගර සභා, ප්‍රාදේශිය සභා අනුමැතියට යටත්ව තාවකාලීක කඩ ලබාදීමට පියවර ගන්නා ලෙසත් ඊට අදාළ සම්පුර්ණ ආරක්ෂක කටයුතු පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කර ඇති බව ද අවධාරණය කරන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හා ගැටලු පිළිබදව සාකච්ඡා කිරීම, දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන කටයුතු මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන කටයුතු , කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහා වාරිමාර්ග කටයුතු, ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු, ධීවර, ජලජ හා සාගර සම්පත් කටයුතු, කම්කරු කටයුතු, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස කටයුතු, හා ජනමාධ්‍ය කටයුතු වෙළද වානිජ කටයුතු කෙරෙහි අවධානය යොමු විය.
මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය, මාතර දිස්තික් නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා ඇතුළු මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, ප්‍රාදේශිය ලේකම්වරු, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, සංස්ථා, මණ්ඩල නියෝජනය කරමින් එහි ප්‍රධානීන්, සෞඛ්‍ය අංශ, පොලිසිය, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය ක්‍රම සම්පාදන අංශය විසින් රැස්වීම සංවිධානය කරන ලදි.



“අනාගත නායකයින් සඳහා සමථකරණය” වැඩසටහන් මාලාවට සමගාමීව අනාගත නායකයින් ලෙස පාසල් සිසු සිසුවියන් නායකත්ව ලක්ෂණ වර්ධනය කර ගන්නා ආකාරය, අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීම, ආකල්ප සංවර්ධනය, ගැටුම් නිරාකරණය තුළින් සමථකරණය කරා ළඟාවන ආකාරය යනාදිය පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලකන්ද මහා විද්‍යාලයේ සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්විණි.
මෙහිදී 06,07,08,09,10,11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන් කාණ්ඩ 02ක් යටතේ දැනුවත් කිරීම සිදු කරන ලද අතර කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී(සමථ) පියුමි කංකානම්ගේ මහත්මිය විසින් මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලදී.
ගැටුම් නිරාකරණය හා සමථකරණයේදී පුද්ගලයින් තුළ තිබෙන කායික හා මානසික වෙනස්කම් සැලකිල්ලට ගතයුතු බවත් එම වෙනස් තත්ත්වයන්ම ගැටුම් නිරාකරණය හා සමථකරණය සඳහා යොදාගත යුතු බවත් තවදුරටත් අවධාරණය කෙරිණි.
ප්‍රබල චිත්තවේග, වැරදි ලෙස සිතීම හා දැකීම, දුබල සන්නිවේදනය හා නැවත නැවත සිදුවන හානිකර හැසිරීම් හේතුවෙන් සම්බන්ධතා ගැටුම් ඇතිවේ. එදිනෙදා පවත්නා සාරධර්ම, අවසාන සාරධර්ම හා ආත්ම විග්‍රහය පිළිබඳ සාරධර්ම නිසා සාරධර්ම පිළිබඳ ගැටුම් නිර්මාණය වේ. යමක් පවතින ආකාරය, කාර්යභාරය පිළිබඳ විග්‍රහය, කාලය පිළිබඳ සීමා, භූගෝ විද්‍යාත්මක හා භෞතික සම්බන්ධතා හා අසමාන වූ බලය හා සම්පත් හේතුවෙන් ව්‍යුහමය ගැටුම් ඇතිවේ. ද්‍රව්‍යමය, ක්‍රියාපටිපාටිමය හා මනෝවිද්‍යාත්මක තත්ත්වයන් හේතුවෙන් අවශ්‍යතා පදනම් කරගත් ගැටුම් නිර්මාණය වේ. තොරතුරු නොමැතිකම, වැරදි තොරතුරු ලැබීම, අදාළ දත්ත කවරේද පිළිබඳව එකඟතාවයක් නොවීම, දත්ත පිළිබඳව විවිධ අර්ථකථන හා විවිධ තක්සේරු කිරීම් හේතුවෙන් දත්ත පිළිබඳ ගැටුම් නිර්මාණය වන බවද පැහැදිලි කරන ලදී. ගැටුම් නිර්මාණය වන ආකාරය පිළිබඳව හඳුනාගැනීම වඩාත් ඵලදායී ගැටුම් නිරාකරණය කිරීමක් සඳහා ඉවහල් වේ.
අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන්හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කරනු ලබයි.
කිරින්ද - පුහුල්වැල්ල විදේශ සේවා නිලධාරී පී. සී. කොඩිකාර මහතාගේ හා තරුණ සේවා නිලධාරී ජානකි විතාරණ මහත්මියගේ දායකත්වයෙන් වලකන්ද මහා විද්‍යාලයේ විදුහල්පති ජනක කුමාර මහතා, ඒ. එම්. සී. කේ. වීරසිංහ ගුරු මහත්මිය, ආර්. පී. එම්. පූර්ණිමා ගුරු මහත්මිය ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව වැඩසටහන සංවිධානය කරන ලදී.




“තැනුමට තිරසර හෙටක්-සවිමත් ඇය වේ” යන තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමී කාන්තා දින වැඩසටහනක් ළමා හා කාන්තා කටයුතු ගරු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර සණස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තාවගේ භූමිකාව පිළිබඳව හා රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා කාන්තාවගේ දායකත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලදී. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් සහභාගි වී සිටියහ.




මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ඛන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම හා ඒ සම්බන්ධයෙන් පවතින විවිධ ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් 2025 පෙබරවාරි මාසයට අදාළ මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේදී පැවැත්විණි.
මෙහිදී මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව සහ ඒවායේ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලද අතර අදාළ ගැටළු වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරිණි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සංවර්ධන ගැටලු, මූල්‍ය ගැටලු, ඉඩම් ගැටලු, සමෘද්ධි ගැටලු ආදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, විමධ්‍යගත අයවැය වැඩසටහන, අස්වැසුම වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක ප්‍රගතිය විමසා බැලීමද සිදු කෙරිණි.
මීට අමතරව දිස්ත්‍රික්කයේ ඉඩම් සම්බන්ධ කටයුතු, අභ්‍යන්තර විගණන කටයුතු, ගිණුම් කටයුතු, ආපදා සහන සේවා කටයුතු, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳව, සමාජ සේවා කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම්(පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දහසය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.




මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ අභිනව දිස්ත්‍රික් ලේකම් / දිසාපති වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන චන්දන තිලකරත්න මහතා රාජකාරි ආරම්භ කිරීම ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද (10) දින මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.
මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති වශයෙන් පත්වීමට පෙර ඒ මහතා කටයුතු කරන ලද්දේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක දිස්ත්රික් ලේකම් වශයෙනි.2000 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන ඒ මහතා පළමු පත්වීම 2001 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා කොටපොල සහකාර ප්‍රාදේශිය ලේකම් වශයෙන් ද, 2009 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් වශයෙන් ද, 2021 වර්ෂයේ සිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වශයෙන් ද කටයුතු කරන ලදි.
මාතර අභිනව දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය, අන්‍යාගමික පූජක තුමන්ලා, මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ඒ මහතාගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් පිරිසක් සහභාගි වී සිටියහ.




" ජාතික පුනරුදයට පෙළ ගැසෙමු '' තේමාව යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.
මෙහි දී ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කරනා කිරීම මාතර දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි.
මෙවර ජාතික නිදහස් දිනයට සමගාමීව මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී ජාතිකාභිමානී ගී රස වින්දනය සහිත සංස්කෘතික වැඩසටහනක් පැවැත්විණි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ජාතිය ඇමතීම සජීවීව විකාශය කිරීමෙන් අනතුරුව ජාතිකාභිමානී ගී රස වින්දනය සහිත සංස්කෘතික වැඩසටහන ආරම්භ කරන ලදි.
මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා විසින් පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම සිදු කළේ ය.
ජාතිකාභිමානී ගී රස වින්දනය සිදු කරන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, ජාතික ටෙලි සිනමා ගම්මානයේ ස්ථානභාර නිලධාරී, ප්‍රවීණ සාහිත්‍ය හා ගී රසවින්දන දේශක උදය නානායක්කාර මහතා විසිනි.
විවිධ ජාතීන් නියෝජනය කරමින් නර්තනාංග රැසක් ද ඉදිරිපත් කරන ලදි.
ජාතික නිදහස් දිනයට සමගාමීව මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර නිල්වලා ගඟබඩ උද්‍යානයේ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි.
මේ අවස්ථාවට පාසල් දරු දැරියන්, ජනතා නියෝජිතයින්, මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය ඇතුළු මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියහ.







“ක්ලීන් ශ්‍රී ලංකා“ වැඩසටහනට සමගාමීව, මාතර ප්‍රධාන බස් නැවතුම් පොළේ පවතින ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා වූ නිරීක්ෂණ චාරිකාවක් මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහි දී මාතර ප්‍රධාන බස් නැවතුම් පොළ ආශ්‍රිතව පවතින ගැටළු රැසක් හඳුනා ගන්නා ලදි. ඒ අතර පිරිසිදුකම හා නඩත්තු කටයුතු සම්බන්ධ ගැටළු, වැසිකිළි පද්ධතියේ පවතින ගැටළු, ආරක්ෂාව සම්බන්ධ ගැටළු, කසළ බැහැර කිරීම සම්බන්ධ ගැටළු දක්නට ලැබුණි. මේ සඳහා කෙටි කාලීන විසඳුම් කඩිනමින් ලබා දීමටත් දිගු කාලීන විසඳුම් සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡාකර ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය කෙරිණි.
මෙහි දී මාතර ප්‍රධාන බස් නැවතුම් පොළ ආශ්‍රිතව පවතින ගැටළු රැසක් හඳුනා ගන්නා ලදි. ඒ අතර පිරිසිදුකම හා නඩත්තු කටයුතු සම්බන්ධ ගැටළු, වැසිකිළි පද්ධතියේ පවතින ගැටළු, ආරක්ෂාව සම්බන්ධ ගැටළු, කසළ බැහැර කිරීම සම්බන්ධ ගැටළු දක්නට ලැබුණි. මේ සඳහා කෙටි කාලීන විසඳුම් කඩිනමින් ලබා දීමටත් දිගු කාලීන විසඳුම් සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡාකර ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය කෙරිණි.




මිනිස් වෙළඳාම, මිනිස් ජාවාරම සහ සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින පුහුණු වැඩසටහනක් මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - ග්‍රෑන්ඩ් පොල්හේන හෝටලයේ දී පැවැත්විණි. සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ මෙම පුහුණු වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදීම සිදු කරනු ලැබුවේ නීතිඥ අනුරාධි නවරත්නම් මහත්මිය සහ අජිත් කළුආරච්චි මහතා විසිනි. ශ්‍රී ලංකාව තුල සිදුවන මිනිස් වෙළඳාම මැඩපැවැත්වීම සඳහා සිවිල් සමාජ සංවිධාන බලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන ලදි මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද ඇතුළුව මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගි වී සිටියහ






.






මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් දහම් පාසල් තරග ජයග්‍රහණය කරන ලද සිසු සිසුවියන්ගේ නිපුණතා ඇගයීම මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති දර්ශනපති පූජ්‍ය පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේට උපහාර පිදීමක් ද සිදු කරන ලදි.
මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, දහම් පාසල් සිසු සිසුවියන්, ප්‍රාදේශීය ලේකම්වරු, මාතර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරු භවතුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.



රට තුළ ශක්තිමත් දේශීය ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ස්ථාපනය කොට ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් විශ්ව විද්‍යාල විද්‍යායතන තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති ව්‍යවසායකයින් වෙත සිය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිලාභ ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව මාතර - විශ්ව විද්‍යාල විද්‍යායතනයේ වෘත්තීය පුහුණුව ලබන සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ මාතර - විශ්ව විද්‍යාල විද්‍යායතනයේ දී පැවැත්විණි.
රට තුළ නව ව්‍යවසායකයින් බිහි කිරීම, විවිධාංගීකරණය සහ ප්‍රමිතිය ඔප් නැංවීම තුළින් පවතින ව්‍යාපාර සවිබල ගැන්වීම යන අරමුණු සඳහා විවිධ ව්‍යාපෘති දියත් කරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන සඳහා නව ව්‍යාපාර පමණක් නොව දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා ව්‍යාපාර සැලසුම් ඉදිරිපත් කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.
මෙම වැඩසටහන මගින් හොඳම තනි පුද්ගල ව්‍යාපාර සැලසුම් සඳහා රුපියල් 250,000.00 ක් ද, හොඳම හවුල් ව්‍යාපාර සැලසුම් සඳහා රුපියල් 350,000.00 ක් ද, සමාගම් ව්‍යාපාර සැලසුම් සඳහා රුපියල් 450,000.00 ක් ද පිරිනැමීමට නියමිත ය.
මේ අවස්ථාවට මාතර - විශ්ව විද්‍යාල විද්‍යායතනයේ වෘත්තීය පුහුණුව ලබන සිසු සිසුවියන්, මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර - විශ්ව විද්‍යාල විද්‍යායතනයේ අධ්‍යයන අංශ ප්‍රධානී, ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්.තල්පගේ මහත්මිය ඇතුළු විශ්ව විද්‍යාල විද්‍යයතනයේ ආචාර්යවරුන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා, ව්‍යවසාය ප්‍රවර්ධන නිලධාරී භාග්‍යා නාකන්දල මෙනවිය සහ මධුශානී කෞෂල්‍යා මහත්මිය, මාතර දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරී ගාමිණී මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිමාලි සේනානායක මහත්මිය ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ව්‍යවසාය සංවර්ධන නිලධාරීන් ද සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා මාතර - විශ්ව විද්‍යාල විද්‍යායතනය මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වු සහ ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රගතිය විමසා බැලීම හා එම ව්‍යාපෘති වලට ආදාළ ගැටලු පිළිබඳව මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? යන්න පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා වු 2024 සැප්තැම්බර් මාසයට අදාළ මාතර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් සාකච්ඡාව මාතර දිස්ත්රික් ලේකම්/ දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (26) දින මාතර සංචාරක නිවාසයේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින සංවර්ධන ගැටලු, මුල්‍ය ගැටලු, ඉඩම් ගැටලු, සමෘද්ධි ගැටලු ආදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව සාර්ථක කරගැනීමට ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීමේ අරමුණින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක සරුසාර මාතොට - වගා සංග්‍රාමය පිළිබඳව, විමධ්‍යගත අයවැය වැඩසටහන, කදුකර දශකය වැඩසටහන, අලුත්ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන, ගෘහාශ්‍රිතව එළුවන් ඇතිකිරීමේ වැඩසටහන, සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක ප්‍රගතිය විමසා බැලීම ද සිදු කෙරිණි.
එමෙන් ම ඉඩම් සම්බන්ධ ගැටලු, අභ්‍යන්තර විගණන කටයුතු, ගිණුම් කටයුතු, කෘෂිකර්ම කටයුතු, ආපදා සහන සේවා කටයුතු, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා පිළිබඳව, සමාජ සේවා කටයුතු පිළිබඳව ද සකච්ඡා කරන ලදි.
පසුගියදා අවසන් වු 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් කැපවී කටයුතු කළ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ට මාතර දිස්ත්රික් ලේකම් වරයාගේ ප්‍රශංසාව හිමි විය.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නාලිකා දොඩම්පෙගම මහත්මිය ඇතුළු මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් ප්‍රාදේශිය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.




මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ 45 වන දිසාපතිවරයා වූ දිවංගත හෙට්ටිආරච්චිගේ ගාමිණී සිරිසෝම ජයසේකර මැතිතුමන් විසින් රචනා කරනු ලැබූ ස්වයං ලිඛිත චරිතාපදානය වන "වීර චූඩාමණී" ග්‍රන්ථය එතුමන්ගේ අභාවයෙන් අනතුරුව සම්පූර්ණ කොට එතුමාගේ දෙටු පුත්, ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී අමිල ජයසේකර මහතා විසින් පසුගියදා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේදී ජනගත කරන ලදි.
මීට වසර 16 ට පෙර “ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරය“ ලෙස නම් කරන ලද මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය අභියස එතුමාගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙදින සිදු කෙරිණි.
වසර 34 ක රාජ්‍ය සේවා අත්දැකීම් සහිත කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් වන එතුමා එම අත්දැකීම් එක් කර මෙම කෘතිය රචනා කර ඇත.
සුනාමි ව්‍යසනයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය විනාශයට පත්ව, තමා ද සුනාමි ව්‍යසනයට හසුව තුවළ ලබා ජීවිතය බේරා ගෙන සිටිය දී, මාතර බෝධිය අසළ මේසයක් සහ පුටුදෙකකින් තම කාර්යාලය අරඹා මාතර යලි නගා සිටුවීමට එතුමා කටයුතු කරන ලදි. එහි දී දිවිපරදුවට තබා ක්‍රියාකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනරජය පිරිනමන "වීර චූඩාමණී" සම්මානයෙන් පිදුම් ලැබූ අතර දැනට එම සම්මානයෙන් පිදුම් ලද එකම පරිපාලන නිලධාරියා සහ එම සම්මානයෙන් පුද ලද දෙවන ශ්‍රී ලාංකිකයා වන්නේ ද එතුමා ය.
කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක සහ ලේඛකාධිකාරී පූජ්‍යපාද ඕමාරේ කස්සප නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගරුතර මහාසංඝ රත්නය, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, විශේෂ ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා ඇතුළු හිටපු සහ දැනට සිටින දිසාපතිවරු, හිටපු සහ දැනට සිටින ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම කෘතිය මිලදී ගැනීමට 0718004006 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යැවීමෙන් ඔබ නිවසටම ගෙන්වා ගත හැකිය.









ළමා ආරක්ෂාව පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය තානාපතිවරු පුහුණු කිරීමේ වැඩසටහනක් මාතර රාහුල විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන සඳහා ලියාපදිංචි වූ මාතර දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරන ශිෂ්‍ය නායකයින් සහ ශිෂ්‍ය නායක මණ්ඩලභාර ගුරුභවතුන් පිරිසක් වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධයාපන අමාත්‍යංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම, පාසල තුළ ළමා අපයෝජන සිදුවීම් අවමකර ගැනීම සහ වළක්වා ගැනීමට ශිෂ්‍ය නායකයින්ගේ දායකත්වය ලබාගැනීම, ශිෂ්‍ය නායකයින් ළමා ආරක්ෂාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගිකරවා ගැනීම, පාසල තුළ ළමා හිතකාමී සහ ආරක්ෂාකාරී පරිසරයක් ඇති කිරීමට ශිෂ්‍ය නායකයින්ගේ නායකත්වය ඇතුළු දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා මැදිහත්කරණය, ළමා ආරක්ෂාවේ වගකීම සහ වගවීම දරන ශිෂ්‍ය නායක ප්‍රජාවක් බිහිකරීම සඳහා දායකත්වය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙහි දී ශිෂ්‍ය තානාපති වැඩසටහන හදුන්වා දීම, 2023 වසරේ ක්‍රියාකාරීව පාසල තුළ වැඩසටහන් පැවැත්වු පාසල් වල ඉදිරිපත් කිරීම් (කිරින්ද - පුහුල්වැල්ල ජාතික පාසල, මොරවක ජාතික පාසල, මලිදුව ජාතික පාසල) සහ ශිෂ්‍ය තානාපති වැඩසටහනට අදාළ ක්‍රියාකාරකම් 15 හඳුන්වා දෙමින් කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කරන ලදි.
මේ අවස්ථාවට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, විශ්‍රාමික මහ අධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය, සයිබර් ආරක්ෂාව හා ඩිජිටල් අධිකරණ පිළිබඳ විෂයෙහි ප්‍රවිණයකු වන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති ප්‍රභාත් අමිල පෙරේරා මහතා, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් සුසන්ත අත්තනායක මහතා, මාතර සහකාර දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලක්මාලි තේනුවර මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතිවේදී, සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) ලක්ෂිකා මැණික්බෝව මහත්මිය, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරි කුසුම් උඩුබුලත්ගම මහත්මිය සහ ප්‍රාදේශීය නිලධාරීන්, සත්කාරක පාසල වන මාතර රාහුල විද්‍යාලයේ සිසුන් හා ගුරු භවතුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.








එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත 2024 - ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද මධ්‍යස්ථාන 526 ක් පිහිටුවීමට නියමිත බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා පවසයි.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ අ - දෙනියාය ඡන්ද ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 83 ක් ද, ආ - හක්මණ ඡන්ද ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 79 ක් ද, ඇ - අකුරැස්ස ඡන්ද ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 75 ක් ද, ඈ - කඹුරුපිටිය ඡන්ද ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 66 ක් ද, ඉ - දෙවිනුවර ඡන්ද ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 68 ක් ද, ඊ - මාතර ඡන්ද ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 77 ක් ද, උ - වැලිගම ඡන්ද ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 78 ක් ද වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 526 ක් පිහිටුවීමට නියමිත ය.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 686,175 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාඡ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙහි දි 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබද පුර්ණ විවරණයක් සිදුකරන ලදි. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ නීතිඥ ජගත් ලියනආරච්චි මහතා විසිනි.
තොරතුරු පනතේ ආරම්භය, අවශ්‍යතාව හා ඒ පිළිබඳ නීතිමය මුලාශ්‍ර, පනතේ ඇති වටිනාකම, මෙම පනතට යටත්වන අයට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා හා තොරතුරු ඉල්ලිමකට පෙර අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? යන්නත්, තොරතුරක් ඉල්ලුම් කිරීමෙන් අනතුරුව තොරතුරු ලබාදීමට ගත යුතු නිශ්චිත කාලය පිළිබඳව වඩාත් සරලව නිවැරදි පැහැදිලි කරලීමක් සිදු කරන ලදි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජනය කරමින් සහකාර ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාඡ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.


දිස්ත්‍රික්කයට අනුමත ප්‍රතිපාදන අනුව ලැබී ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 829 ක් වන අතර අනුමත ප්‍රතිපාදනය රුපියල් මිලියන 402 කි. ඒ අතර ඉදිකිරීම් ව්‍යාපෘති 563 ක් හා මිලදී ගැනීමේ ව්‍යාපෘති 266 ක් කියාත්මක වේ. එයින් 438 ක මේ වන විට වැඩ අවසන් වී ඇති අතර භෞතික ප්‍රගතිය 53% කි. මුල්‍ය ප්‍රගතිය 11% කි.
මේ බව අනාවරණය කෙරුණේ කමිටුවේ සම සභාපති දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.
මෙහි දී පස් ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර වඩාත් ක්‍රමවත්ව හා නිවැරදිව නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම, හක්මණ නගරය පුරා CCTV කැමරා සවි කිරීම සම්බන්ධව වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම, අත්‍යවශ්‍ය ස්ථානයන් කීපයක බස් මගී ආවරණ සකස්කිරීම යටතේ ආදපාන රෝහල, ලැබීම රෝහල, ගබඩාවීදිය යන ස්ථාන වල බස්මගී ආවරණයන් ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරලීම, වේරගම්පිට රජයේ නිල නිවාස පිහිටි පහත් බිම් අවට කාණු පද්ධතිය ක්‍රමවත් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදි. පළාත් සංවර්ධන සැලැස්ම පිළිබඳව අවධානය යොමු කරමින් ඊට අදාළව සෞඛ්‍ය ව්‍යාපෘති 27 ක්, ආයුර්වේද ව්‍යාපෘති 12 ක්, පුර්වළමා විය ව්‍යාපෘති 02 ක්, ඝන අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීමේ ව්‍යාපෘති 02 ක්, මාර්ග සංවර්ධන ව්‍යාපෘති 21 ක් මේ වන විට ආරම්භ කර ඇත. සංචාරක ව්‍යාපෘති 03 ක්, ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති 06 ක්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ව්‍යාපෘති 04 ක් වශයෙන් ව්‍යාපෘති 85 ක් මේ වන විට ක්‍රියාත්මක වන අතර මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 09 කි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිස්ත්‍රික් වෛද්‍ය අධ්‍යක්ෂතුමිය කියා සිටියේ ඩෙංගු ව්‍යාපෘතියේ අවදානම් තත්ත්වය පහළ ගියත් මී උණ ආශ්‍රිත මරණ 05 ක් සිදුව ඇති නිසා ගොවිතැන් කටයුතු කරන ගොවීන් දැනුවත් කර ඔවුන් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ගොවිතැන් කටයුතු සිදු කරලීමට පෙළඔවිය යුතු බවයි.
ආපදා තත්ත්වයන් වල දී ගංවතුර, මෙන්ම සුළං අවදානම පිළිබදව ද අවධානය යොමු කළ යුතු අතර ගංවතුර අවදානමෙන් මිදීමට සියලු ඇලමාර්ග හා කාණු පද්ධති පුළුල් කර ජලය බැසයාමට අවශ්‍ය කටයුතු කර ඇති අතර සුළගේ අවදානම නිසා නගර මධ්‍යයන්හි, මංමාවත් දෙස මෙන්ම පාසල් වල ඇති ගස් කපා දැමීමට වඩාත් ක්‍රමවත්ව කඩිනමින් මැදිහත් වන ලෙස රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරින් හමුවේ ආණ්ඩුකාරතුමා අවධාරණය කරන ලදි.
දිස්ත්‍රික්කයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය පිළිබඳව අවධානය යොමු කරමින් මාතර දිස්ත්‍රික්කයේ ගම්මාන 04 ක් වන පහල අපරැක්ක, මිණිපෝගොඩ, කළුගලහේන වැනි ගම්මාන සඳහා මිලියන 10 ක් ලබාදෙමින් සත්ත්ව පාලනය, කෘෂි නිෂ්පාදනය හා ආහාර බෝග වගාව පිළිබදව ගම්වාසින් දැනුවත් කර ඒ හරහා ගම්මාන සංවර්ධනය කරලීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම වාරි පද්ධති පිලිබඳව වත්මන් තත්ත්වය පැමිණ සිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරින්ගේ විමසා සිටි අතර අධ්‍යාපනය ක්ෂේත්‍රය, සිසු සැරිය බස්රථ සේවාව ක්‍රමවත් කර ගැනීමට ආණ්ඩුකාරතුමාගේ අවධානය යොමු විය.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් නිල්වලා ගගේ වැලිගොඩ දැමීම සීමිත මට්ටමෙන් බලපත්‍ර නිකුත් කිරීමත්, ලවණ බාධකය ආශ්‍රිතව අනවසර වගාකීරීම් පිළිබඳවත්, කිරලකැලේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනය පිළිබඳවත් අවධානය යොමු කරනු ලැබී ය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා සේවකයන් හට ප්‍රසාද දීමනාවක් වශයෙන් බෙදා දී ඇති කඹුරුපිටිය “රට ලංකාවත්ත” ඉඩමේ කොටස් නැවත අත්පත් කර ගැනීමට අවශ්‍ය නෛතික ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු වී ඇති බව කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියගේ අදහස වු අතර ඒ සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කර සිටියේය.
මේ අවස්ථාවට ගරුතර මහාසංඝ රත්නය, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, දිස්‍ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් පාළන ආයතන නියෝජිතයින්, සෞඛ්‍ය, ආරක්ෂක, ඉංජිනේරු, වනජීවි හා කෘෂිකර්ම ක්ෂේත්‍ර ඇතුළු විවධ ක්ෂේත්‍රවල වගකිවයුතු රාජ්‍ය නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ ගොවි සංවිධාන වල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.




ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව, අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා ආර්ථික අපහසුතා සහිත දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000 ක් හා උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6,000 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 240 ක් හා අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2861 ක් වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3101 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.
පළමු අදියර යටතේ මාතර අධ්‍යාපන කලාපයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1024 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු කරන ලද අතර දෙවන අදියර යටතේ අකුරැස්ස, දෙනියාය හා මුලටියන අධ්‍යාපන කලාපවල අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2077 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින කඹුරුපිටිය - නාරංදෙණිය ජාතික පාසල් ක්‍රීඩාංගනයේ දී සිදු කෙරිණි.
ඒ අනුව උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රුපියල් 6000.00 ක් ද අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රුපියල් 3000.00 ක් ද වශයෙන් 2024 මාර්තු මාසයේ සිට මෙම ශිෂ්‍යත්ව ලබා දේ.
මේ අවස්ථාවට ශිෂ්‍යත්වලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි වීරසේකර මහතා, ප්‍රාදේශිය ලේකම්වරු, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් හා දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
අකුරැස්ස, දෙනියාය හා මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලවල සහාය ඇතිව මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය මගින් වැඩසටහන සංවිධානය කරන ලදි.






ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව, අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා ආර්ථික අපහසුතා සහිත දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000 ක් හා උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6,000 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමී මාතර දිස්ත්‍රික් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අද (19) දින රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කයේ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 240 ක් හා අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2861 ක් වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3101 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිත අතර මෙම සමාරම්භක උත්සවයේ දී මාතර අධ්‍යාපන කලාපයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1024 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු කරන ලදි.
ඒ අනුව උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රුපියල් 6000.00 ක් ද අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රුපියල් 3000.00 ක් ද වශයෙන් 2024 මාර්තු මාසයේ සිට මෙම ශිෂ්‍යත්ව ලබා දේ.
මේ අවස්ථාවට ශිෂ්‍යත්වලාභී දූ දරුවන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, දකුණු පළාත් ආන්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ජනතා නියෝජිතයින්, මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමන්, රාජ්‍ය නිලධාරින් හා දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහාය ඇතිව මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය මගින් වැඩසටහන සංවිධානය කරන ලදි.





මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීම මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්යේ ලක්ෂ තුනකට ආසන්න ළමා ජනගහනයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා සුරක්ෂිතතාව වෙනුවෙන් විවිධ තීන්දු ගැනීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.
මෙහි දී මාතර දිස්ත්‍රික්යේ ළමුන් පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන, පොත්පත්, සෞඛ්‍යය, සමාජ ජීවිතය, ලිංගික හිංසනයන්ට ගොදුරු වීම, මත්ද්‍රව්‍ය පිළිබඳ ඔවුන්ගේ නැඹුරුව හා ඒ පිළිබඳව දැනුවත් වීම සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ලද අතර ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය වළක්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයක් වශයෙන් ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.
එපමණක් නොව පසුගිය කාල සීමාව තුළ මාතර දිස්ත්‍රික්කයේ ළමුන් වෙනුවෙන් සිදු කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම, ළමයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ළමා සුබසාධන වැඩසටහන් හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
බන්ධනාගාරගතව පුනරුත්ථාපනය වන ළමුන්ගේ අක්ෂි සායන වැනි වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම පොලිසිය හා බන්ධනාගාරය එක්ව සහයෝගයෙන් කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සහාය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත්ව ලබාදීමට සුදානම් බවත් දිසාපතිතුමා පැවසී ය.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, මාතර සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු ළමා හා කාන්තා සංවර්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන් හා පොලිසිය සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ළමා හා කාන්තා සංවර්ධන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.








මාතර දිස්ත්‍රික් විගණන හා කළමණාකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී 2024.7.10 දින පැවැත්විණි.
මෙහි දී පසුගිය විගණන කළමණාකරණ කමිටු රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය, අභ්‍යන්තර විගණන කටයුතු පසුවිපරම, විගණකාධිපති විගණන විමසුම් පසු විපරම, නව විගණන විමසුම් හා අභ්‍යන්තර විගණන උපදෙස් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, ඡ්‍යේෂ්ඨ සහකාර විගණකාධිපති කේ.එම්.ජයසිංහ මහතා, විගණන අධිකාරී බී.එම්.සිසිර කුමාර මහතා, සහකාර විගණන අධිකාරී එන්.ඩබ්.කේ.එන්.ඩබ්.නානායක්කාර මහත්මිය,ප්‍රධාන අභ්‍යන්තර විගණක ජී.ජී.ආර්.පී.රූපසිංහ මහතා, වැඩ බලන ප්‍රධාන ගණකාධිකාරි පී.එස්.ඒ.කුමාරි මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, සහකාර ප්‍රාදේශිය ලේකම්වරු, ගණකාධිකාරීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.




මාතර දිස්ත්‍රික්කය සඳහා අලුතින් පත් කරන ලද මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා සහ අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා කේ. තල්පාවිල මහත්මිය පසුගියදා මහා සංඝරත්නයේ සෙත්පිරිත් ආශිර්වාද මධ්‍යයේ රාජකාරි ආරම්භ කෙරුණි.
කුසලක නානායක්කාර මහතා 2006 වර්ෂයේ සිට මුලටියන, පස්ගොඩ, මාතර යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙසත්, 2012 වර්ෂයේ සිට එතුමා හක්මණ, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය හා ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ප්‍රාදේශිය ලේකම් ලෙසත් කටයුතු කරන ලදි.
කාංචනා කේ. තල්පාවිල මහත්මිය 2007 වර්ෂයේ සිට තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙසත් 2012 වර්ෂයේ සිට 2017 දක්වා කාල සීමාව තුළ ඕකේවෙල හා බෙලිඅත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ප්‍රාදේශිය ලේකම් ලෙසත් සේවය කල අතර එතුමිය 2020 වර්ෂයේ මාතර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් තනතුරේ සේවය කරන ලදි. 2024 වර්ෂයේ සිට වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් ලෙස නව තනතුරට පත්ව එන තෙක් එහි රාජකාරි ඉටු කරන ලදි.
මාතර හිටපු අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) කසුන් එස්.කේ. වැල්ලහේවා සහ අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ යන මහත්වරුන් පසුගියදා උසස්වීම් ලබා නික්ම ගිය පසු පුරප්පාඩු වු එම තනතුරු සඳහා නව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු දෙපළ පත්වූහ.
මේ අවස්ථාවට මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා, සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.






පරිසර දිනයට සමගාමීව මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 12 දින මාතර - නිල්වලා ගඟබඩ උද්‍යානයේ දී මඟුල් කරඳ පැළ 50 ක් රෝපණය කිරීම සිදු කෙරිණි.
ජාත්‍යන්තර පරිසර දිනය ජුනි 05 දිනට යෙදී තිබෙන අතර "කාන්තාර ඇති වීම වළක්වා - නැවත සරුසාර බිමක් ඇති කිරීම" මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී තිබේ. මෙවර ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් පැළ දස ලක්ෂයක් දිවයින පුරා රෝපණය කරන අතර මාතර දිස්ත්‍රික්කයේ ද ස්ථාන රැසක රුක් රෝපණ වැඩසටහන් පැවැත්වේ.
පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනුව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම්කර ඇත. ඒ අනුව 1973 වසරේ සිට ජූනි 5 වන දා සිට ලෝක පාරිසරික දිනය සමරයි.
ශ්‍රී ලංකාව ද පාරිසරික ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් එම ගැටලු සමනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ වනාත්නර ප්‍රතිශතය 32%ක් දක්වා ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
මෑතක සිට දේශගුණ විපර්යාස වැඩිවෙමින් පවතින අතර වසර 2000 සිට නියඟ 29%කින් ඉහළ ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති අන්දමට වසර 2050 වන විට ලෝක ජනතාවගෙන් 1/3කට අධික පිරිසකට නියඟය බලපානු ඇත.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.




මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වී තිබෙන ආපදාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී ආණ්ඩුකාරවරයා අවධාරණය කරන ලද්දේ ඉදිරි දින දෙක ඇතුළත ඇතිවන වර්ෂා තත්ත්වය සහ දැනට පවතින ගංවතුර තත්ත්වය පහළට ගලා ඒමේ දී මාලිම්බඩ, තිහගොඩ හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයට මුහුණදීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි. දැනට පවතින ගංවතුර තත්ත්වයට සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය වෙනුවෙන් ආපදාවට පත්වන පිරිස් සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන දාහතරක් ඇති කිරීමටත් අවශ්‍යයතා මත තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා පාසල් ලබා ගැනීමටත් සැලසුම් සකස් කර ඇති බව සහ ආපදාවට ලක්වන පිරිස් සඳහා පිසූ ආහාර සහ වියළි ආහාර ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ද අවධාරණය කෙරිණි.
සහන සැලසීමේ කටයුතු සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසියේ සහාය ද ලබාගෙන ඇති අතර සහන කටයුතු සඳහා ජනාධිපතිවරයා විසින් අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මේ වන විට ලබා දී ඇතැයි ද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.
අවතැන් වී ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතා, සුරක්ෂිත මධ්‍යස්ථාන පිහිටුවීම සහ එහි අවශ්‍යතා, මෙහෙයුම් කටයුතුවලට අවශ්‍ය හමුදා පිරිස්, යාත්‍රා, රථ වාහන සහ උපකරණ, අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට එම ආයතන අතර සම්බන්ධීකරණය, ඇති විය හැකි අනතුරු පාලනය කර ගැනීමේ සැලසුම් සහ මූල්‍ය අවශ්‍යතා පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමත් අවශ්‍ය මුල්‍ය සහ අනෙකුත් සම්පත් මධ්‍යම රජය සහ පළාත් සභාව මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට, පළාත් පාලන ආයතනවලට සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානයට ලබා දීම සහ අනුමැතිය ලබා දීම පිළිබඳව අවධානය යොමු කරන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනයේ සභාපති යටලමත්තේ විපස්සි නාහිමි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ඇතුළු ප්‍රදේශයේ ජන නියෝජිතයින් මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.




හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතා සහ මාතර දිස්ත්රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා අතර සුහද හමුවක් අද (16) දින මාතර දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු විය.
මෙහි දී ඔවුන් මාතර දිස්ත්‍රික්යේ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව සහ එළඹෙන ජාත්‍යන්තර යෝගා දින සැමරුම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.මෙහි දී දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

නිල්වලා ගඟ ආශ්‍රිත ගැටලු හඳුනාගෙන කඩිනම් වාර්තාවක් ලබා ගැනීමට රුහුණු විශ්ව විද්‍යාලය මුලික කොටගෙන විද්වත් මණ්ඩලයක් පත් කිරීමට යෝජනා.
-------------------------------------------------------------------------
ගැටලුව නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ජා කොට අදහස් ලබා ගැනීමට කාරක සභාව තීරණය කරයි.
-------------------------------------------------------------------------
නිල්වලා ගඟේ ජලය ගලා බසින ප්‍රධාන ඇල මාර්ග වහාම සුද්ද පවිත්‍ර කිරීමට යෝජනා.
-------------------------------------------------------------------------
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ සභාපතිවයෙන්.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් නිල්වලා ගඟ ආශ්‍රත ගැටලුව වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුන දෙයක් බව පෙන්වා දුන්හ. ඒ අනුව එම ගැටලුව, කාරක සභාවේ සමාජිකයින් නිවැරදිව අවබෝධ කරගැනීම උදෙසා මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිතව විවිධ විද්වතුන් සිදුකල අධ්‍යයන හැදෑරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ජා විය. කෙටි වර්ෂාවකදී පවා වර්තමානය වන විට නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් පත්වන අපහසුතාව පිළිබඳව ද කාරක සභාව දැඩි අවධානය යොමු කරන ලදී. මේ තත්ත්වය තුල එම ප්‍රදේශයේ ගොවීන්ට දැනටමත් කන්න ගණනාවක් වගා කිරීමට නොහැකි වී ඇති බවත් ඉදිරි වර්ෂා සහිත කාලයට පෙර මෙම ගැටලු වලට විසදුම් ලබාදීම ආරම්භ කලයුතු බව කාරක සභා සාමාජිකයින් පැවසුහ.
එහිදී මුලිකවම රුහුණු විශ්ව විද්‍යාලය මුලික කොටගෙන, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්වත් මණ්ඩලයක් පත් කොට ස්වාධීනව නිල්වලා ගඟ ආශ්‍රිත ගැටලු හඳුනාගෙන කඩිනම් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කෙරිණි.
තවද ගැටලු නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ජා කොට එම ගැටලුවලට විසඳුම් පිළිබඳ අදහස් ඔවුන්ගෙන් ලබා ගැනීමටත් කාරක සභාව තීරණය කරන ලදී.
එමෙන්ම ඉදිරි වර්ෂා සහිත කාලගුණ තත්ත්වයට පෙර නිල්වලා ගඟේ ජලය ගලා බසින ප්‍රධාන ඇල මාර්ග වහාම සුද්ද පවිත්‍ර කිරීමට මෙහිදී තීරණය කෙරිණි. එහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරිය දැනටමත් ඇල මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පෙන්වා දුන්නාය.
මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ඩලස් අලහප්පෙරුම, ගරු බුද්ධික පතිරණ, ගරු වීරසුමන වීරසිංහ, ගරු නිපුණ රණවක යන මත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සින්නක්කර ඔප්පු 10,000 ක් ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහන පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර / දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනා අතර සුවිශේෂී යෝජනාවකි.
ඒ අනුව උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ විස්සක් (ලක්ෂ20) ලබා දීමේ ජාතික වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාවට නැංවේ.
මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දහසයම ආවරණය වන පරිදි ජංගම සේවා පවත්වා ජනතාව දැනුවත් කිරීම හා අදාළ පරික්ෂා කිරීම් සිදු කරමින් පවතී.
ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ සහ මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ දී මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නිකුත් කළ හැකි උරුමය සින්නක්කර ඔප්පු (නිදහස් දීමනා පත්‍ර) හා ඒවා නිකුත් කිරීමේ දී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
මෙහි දී අදහස් දැක්වූ මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා සඳහන් කළේ ,
ඉඩමේ අයිතිය කියන්නෙ, ඉඩම් ඔප්පුව කියන්නෙ, ඉඩම විතරක් නෙමෙයි, ජනතාවගේ ජීවිතය. මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඇති වී තිබෙන ඉඩම් ගැටළු නිසියාකාරව විසඳා ඔවුන්ට නිරවුල් ඉඩම් අයිතිය ලබාදීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන “උරුමය“ වැඩසටහන ඉතාම කාලෝචිත වැඩපිළිවෙලක්. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ නිරවුල් ඉඩම් ඔප්පු 10,000 ක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙසේ පැවසුවාය.
2024 අයවැය යෝජනාවල ප්‍රධාන යෝජනාවක් තමයි, “උරුමය“ සින්නක්කර ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන. මේ වැඩසටහන ජනතාවට දැනෙන වැඩසටහනක්. ඉඩම් අමාත්‍යංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනයන් මේ සඳහා සහාය ලබාදෙනවා. උරුමය ඔප්පු ලබා දීමේ වැඩසටහන අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනවා. මැන ඇති අවසර පත්‍ර ලබා දී තිබෙන ගැටළු නොමැති ඒවා පළමු අදියර යටතේත්, මැන ඇති දීමනා පත්‍ර සහිත ගැටළු නැති ඒවා දෙවන අදියර යටතේත්, මැන නැති අවසර පත්‍ර ඇති ගැටළු නැති ඒවා තුන් වැනි අදියර යටතේත්, මැන නැති දීමනා පත්‍ර ඇති ගැටළු නැති ඒවා සිව්වැනි අදියර යටතේත් උරුම කමිටු වෙත යොමු කළ යුතු ගැටළු සහිත ඒවා පස්වැනි අදියර යටතේත් ක්‍රියාත්මක කරනවා.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නුවණි සුදුසිංහ මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් මිනුම්දෝරු අධිකාරී, ඉඩම් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ජනාධිපති ලේකම් කාර්යාලය හා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය මගින් වැඩසටහන සංවිධානය කරන ලදි.




මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයට සමගාමීව පවත්වන ලද “මාතොට බීච් ෆෙයාර් - 2024“ මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29, 30 හා 31 දින වල දී මාතර වෙරළ උද්‍යානයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
රජයේ මුදල් වැය කිරීමකින් තොරව, මාතර දිස්ත්‍රික්කයේ සංචාරක ප්‍රවර්ධනය, මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය අරමුණකර ගනිමින් “මාතොට බීච් ෆෙයාර් - 2024“ පවත්වන ලදි.
මෙහි දී වැලි මාළිගා තරඟ, ළමා විනෝද ක්‍රීඩා, මාතර දිස්ත්‍රික්කයේ පාසල්වල විශේෂ සංස්කෘතිකාංග, සංගීත වැඩසටහන් හා දේශීය නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටි, විවිධ ආහාර පාන සහිත වෙළඳ කුටි, විසිතුරු භාණ්ඩ සහිත වෙළඳ කුටි ඇතුළු වෙළඳ කුටි රැසක් ද ස්ථාපිත කර තිබිණි.
මීට අමතරව දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන “සදර්න් වොයිස් ටැලන්ට්“ වැඩසටහනට අදාළව ගායනා ඉදිරිපත් කිරීම ද සිදු කෙරිණි.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය, මාතර මහා නගර සභාව හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව මෙම “මාතොට බීච් ෆෙයාර් - 2024“ සංවිධානය කරන ලද අතර හම්බන්තොට - ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය ද මේ සඳහා සහාය දක්වන ලදි.



මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී කඳුකර දශකය වැඩසටහන, විවිධ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම, මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම වෙනුවෙන් ඇල මාර්ග පිරිසිදු කිරීම, මාර්ග නඩත්තු කිරීම්, සෞඛ්‍ය, මත්කුඩු වැටලීම් ඇතුළු දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය වැනි කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
මීට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු සහ යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2024 සංවර්ධන සැලැස්ම, නගර සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ කටයුතු ආදියට අදාළ ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පොලිසිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.


ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල - 2024, මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා විසින් නිළ වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මෙහි දී පෙනීමේ අපහසුතා සහිත තැනැත්තන් සඳහා වූ තරග, කථන හා ශ්‍රවණ අපහසුතා සහිත තැනැත්තන් සඳහා වූ තරග, අංග චලන අබාධ සහිත තැනැත්තන් (රෝද පුටු භාවිතා කරන) සඳහා වූ තරඟ, කෘතිම පාද, කෘතිම අත් පළඳින හා ඒ හා සමාන ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ තරඟ, සෙමෙන් මනස වැඩෙන, ඔටිසම් හා මිහිමිත් පුරවැසියන් සඳහා වූ තරඟ ආදී වශයෙන් තරග ඉසව් 60 ට අධික ප්‍රමාණයක් පවත්වන ලදි.
ආබාධ සහිත තැනැත්තන්ගේ ක්‍රීඩා හැකියාව වර්ධනය කර ගැනීමට මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තරඟවලට ඉදිරිපත්වීම සඳහා සම අවස්ථා සලසාදීම මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අරමුණු වේ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව මෙම ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලද අතර පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ද මේ සඳහා ලබාදෙන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි ආබාධ සහිත තරගකරුවන්, මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා ඇතුළු මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරිවංශ කණ්ඩම්බි මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් සමාජ සේවා නිලධාරීන්, ආබාධ සහිත තැනැත්තන්ගේ භාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්ගේ ද සහාය ඇතිව අදාළ සම්බන්ධීකරණ කටයුතු මාතර සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය හා දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සම්පත් පුෂ්පකුමාර මහතා විසින් සිදු කරන ලදි.

කර්මාන්ත අමාත්‍යංශයේ විදාතා ඒකකය මගින් ග්‍රාමීය කර්මාන්තකරුවන් නගා සිටුවීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ විදාතා සම්පත් මධ්‍යස්ථාන මගින් තාක්ෂණය ලබාගෙන තම ව්‍යාපාරය වැඩිදියුණුකර ගන්නා ලද ව්‍යවසායකයින් කිහිප දෙනෙකු සඳහා තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබාදීම මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මෙමගින් වෙළඳ පොළ ජය ගැනීම හා පාරිභෝගිකයා තුළ වැඩි විශ්වාසය තහවුරු කර සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබාදීම අපේක්ෂා කෙරේ.
මෙහි දී තිහගොඩ විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් තාක්ෂණය ලබාගෙන තම ව්‍යාපාරය වැඩිදියුණුකරගත් ඉරේෂා දිනුෂිකා සොයිසා මහත්මිය තුනපහ මස්කරි නිෂ්පාදනය වෙනුවෙන් ද, කඹුරුපිටිය විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් තාක්ෂණය ලබාගෙන තම ව්‍යාපාරය වැඩිදියුණුකරගත් පර්යන්ත හේවාපතිරණ මහතා ගොරක පේස්ට් නිෂ්පාදනය වෙනුවෙන් ද සංකේතාත්මකව සහතිකපත් ලබා ගන්නා ලදි.

මාතර දිසත්‍රික් විගණන හා කළමණාකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී පසුගිය විගණන කළමණාකරණ කමිටු රැස්වීමේ සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය, අභ්‍යන්තර විගණන කටයුතු පසු විපරම, විගණකාධිපති විගණන විමසුම් පසු විපරම, නව විගණන විමසුම් හා අභ්‍යන්තර විගණන උපදෙස් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති බී.ජී.අසේල ඉඳුනිල් මහතා, විගණන අධිකාරී ටී.එස්.කොඩිකාර මහතා, විගණන අධිකාරී බී.එම්.සිසිර කුමාර මහතා, ප්‍රධාන අභ්‍යන්තර විගණක එන්.ඩී.කලංසූරිය මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු, ගණකාධිකාරීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.




රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2024 ජූලි මස 06 වැනි සෙනසුරාදා දින අළුයම යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීමත් සමඟ ආරම්භ කෙරේ.
දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් අද (14) දින මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
දින හයක් පුරා සන්ධ්‍යා භාගයේ දී පේළි පෙරහැර පැවැත්වෙන අතර ඒ අනුව පළමුවන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි මස 14 වැනි ඉරිදා දින ප.ව. 3.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, දෙවන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි මස 15 වැනි සඳුදා දින ප.ව. 4.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, තුන්වන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි 16 වැනි අඟහරුවාදා දින ප.ව. 5.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, හතරවන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි 17 වැනි බදාදා දින ප.ව. 4.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, පස්වන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි 18 වැනි බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද, හයවන පේළි පෙරහැර පිටත්වීම 2024 ජූලි 19 වැනි සිකුරාදා දින ප.ව. 5.00 න් පසුව යෙදෙන සුබ මොහොතින් ද සිදු කිරීමට නියමිත ය.
ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන ජූලි 20 වැනි සෙනසුරාදා දින ප.ව. 3.00 න් පසුව යෙදෙන සුබ මුහුර්තියෙන් දක්ෂිණ දිසාභිමුඛව දේවලයෙන් පිටත්ව දකුණු වාහල්කඩින් පෙරහැර මාර්ගයට පිවිස ඉතා උත්කර්ෂවත් අන්දමින් රන්දෝළි මහා පෙරහැර වීථි සංචාරය කෙරේ.
අලි ඇතුන් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.
චන්ද්‍රබාහු නම් ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ දෙවියන්ට වූ භාරයක් ඔප්පු කරනු වස් දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට දෙවිනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය ආරම්භ කරන ලදි.
2024 ජුලි මස 20 වැනි සෙනසුරාදා දින සිට 2024 ජුලි මස 26 වැනි සිකුරාදා දින දක්වා සල්පිල පැවැත්වේ.
2024 ජුලි මස 26 වැනි සෙනසුරාදා දින තුන්යම් රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිණි පාගා 2024 ජුලි මස 27 වැනි සෙනසුරාදා දින දහවල් මහා දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත් කෙරේ.
මේ අවස්ථාවට දෙවිනුවර ඓතිහාසික පරම විචිත්‍රාරාම රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර මහා සංඝ සභාවේ කල්‍යාණ වංශ පාර්ශවයේ මහානායක දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් ඇතුළු ගරුතර මහාසංඝ රත්නය, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලියම් විජේසිංහ ගමගේ මහතා, මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා, ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංඛ මහතා, ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්ධර තිස්ස මහානාම මහතා ඇතුළු පෙරහැර කමිටුවට සම්බන්ධ සියලු ආයතන හා නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.








පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ඉහළට කරදිය ගලා ඒමේ අවදානමක් මතුව ඇති බවත් එමගින් පානීය ජලයට ලවණ එකතුවිය හැකි බවත්, ජාතික ජල සම්පාදන මණ්ඩලය පෙන්වාදුන් අතර එ් අනුව ජාතික ජලසම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන ඒකාබද්ධ මේ සඳහා විසඳුමකට යායුතු බව මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා පැවසී ය.
ඒ සඳහා කඩිනම් විසඳුමක් වශයෙන් වැලි කොට්ට යොදා ගඟේ ඉහළට කරදිය ගලා ඒම වැළැක්වීමටත් අවශ්‍යතාවය අනුව එම වැලි කොට්ට ඉදිරි කාලයේ දී ඉවත් කිරීමටත් යෝජනා කෙරිණි.
මාතර දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් පලකළේ මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම, මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවති අවස්ථාවේ දී ය.
“සරුසාර මාතොට“ වගා සංග්‍රාමය, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සඳහා වන මාතර දිස්ත්‍රික් එ්කාබද්ධ යාන්ත්‍රණය පිළිබඳව, “අලුත් ගමක් - අලුත් රටක්“ වැඩසටහන පිළිබඳව, ගෘහ ආශ්‍රිතව එළුවන් ඇති කිරීමේ වැඩසටහන පිළිබඳව, පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂි කර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේධීර මහත්මිය, මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නාලිකා දොඩම්පෙ ගමගේ මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.





මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයේ තුන්වන අදියරට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දින දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී පැවැත්විණි.
“සරුසාර මාතොට” වගා සංග්‍රාමයේ තුන්වන අදියර යටතේ ගෙවතු වගාව දිරිගැන්වීම, මාතර දිස්ත්‍රික්කයේ ආදර්ශවත් සමුහ ගොවිපල ඇති කිරීම, නව කුඩා ව්‍යවසායකයින් බිහිකිරීම, ගෘහස්ත ඵදායීතාව වැඩිදියුණු කිරීම, පාසල් හැරයන හා උසස් අධ්‍යාපනයට යොමු නොවන තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දී රැකියාගත කිරීම, ආර්ථික සහ සමාජීය වශයෙන් ආන්තික පවුල් 6500 ක් සවිබල ගැන්වීම දක්නට ලැබෙන අතර මෙහි දී ඊට අදාළ ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි.
මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම, දරිද්‍රතාව පිටු දැකීම, මන්ද පෝෂණය තුරන් කිරීම, නවෝත්පාදන හා වෙළදපොල අවස්ථා ප්‍රවර්ධනය තුළින් රැකියා අවස්ථා ඉහළ නැංවිම හා අපනයන ආශ්‍රිත නිෂ්පාදන අවස්ථා ප්‍රවර්ධනය තුළින් රැකියා අවස්ථා ඉහළ නැංවිම මෙහි දිගු කාලීන අරමුණු වේ.
මෙහි දී පෝෂ්‍යදාය ආහාර රටාවක් ජනතාව තුළ ප්‍රචලිත කිරීම, උපරිම භූමි පරිභෝජනය හා භෝග මඟින් භූමි අලංකරණය, කාබනික ගෙවතු වගා ප්‍රචලිත කිරීම මඟින් වස විසෙන් තොර අහාර සඳහා යොමු කිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම, අතිරික්ත වගා ඵලදාව අලෙවිය තුළින් ජනතාවගේ ආදායම් උත්පාදන මාර්ග වැඩි කිරීම හා කෘෂි අපනයන ප්‍රවර්ධනය, පරිසර හිතකාමි ජීවන රටාවකට ජනතාව හුරු කිරිම හා තිරසර ගෘහ ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය කිරිම ද අරමුණු කෙරේ.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු “සරුසාර මාතොට” දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.


  ;
මාතර දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය මගින් 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩසටහන් පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන වැඩිහිටි බල මණ්ඩල මගින් කොට්ඨාශයේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දහසය නියෝජනය කරන වැඩිහිටි බල මණ්ඩලවල සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික සහ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහභාගි වී සිටියහ.




මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් පවුල් 2000 ක දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම සිදු කිරීමට නියමිත අතර එහි මූල්‍ය වටිනාකම රුපියල් කෝටියකට අධික වේ.
එහි සමාරම්භක වැඩසටහන ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ සහ මාතර දිස්ත්රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර නූපේ සණස ශාලාවේ දී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, තිහගොඩ, අතුරලිය හා මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ගංවතුරින් පීඩාවට පත් පවුල්වල පාසල් දරු දැරියන් 700 නෙනෙකු සඳහා මෙම පාසල් උපකරණ කට්ටල පිරිනැමීම සිදු කරන ලදි.
පොත්, බෑග්, පෑන්, පැන්සල්, මකන හා කවකටු පෙට්ටි ඇතුළු පාසල් උපකරණ ඒ අතර වේ. එක් උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් 5500.00 ක් වන අතර ඒ අනුව මෙදින ලබාදෙන ලද පාසල් උපකරණවල වටිනාකම රුපියල් 3850,000.00 කි.
මේ අවස්ථාවට ප්‍රතිලාභී දරු දැරියන් හා ඔවුන්ගේ දෙමව්පියන්, අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශි ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.




" හදමු අලුත් රටක් '' තේමාව යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.
මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා ජාතික කොඩිය එසවීමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් හා එක්ව ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මාතර දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්විණි.
මේ අවස්ථාවට මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය කාර්යමණ්ඩලය සහභාගි වී සිටියහ.





මාතර දිස්ත්‍රික්යේ 800,000 ට අධික ජනතාවට සේවය කිරීම සඳහා ස්ථාපිත මාතර දිස්ත්‍රික්යේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ 2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාතර දිස්ත්රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ප්‍රදේශයේ ගරුතර මහාසංඝ රත්නය ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.
මෙහි දී නිලධාරීන් ඇමතූ මාතර මහ දිසාපතිතුමා මෙසේ පැවසී ය.
“මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් යහපත් තැනකට මෙහෙයවීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සියලු දෙනාගේ ම වගකීමක්. එය වඩාත් සඵලදායීව ජනතාව වෙත ගෙනයන්න උපරිම කැපවීමෙන් කටයුතු කරන්න උත්සාහ කරමු. අපි ඉන්නෙ අර්බුධකාරී වාතාවරණයක. අපිට තියෙන වගකීම වෙන්නෙ ඒ ගැන කතාකරමින් ඉන්න එක නෙමෙයි. ඒ සඳහා රජයේ නිලධාරීන් විධියට, මහජනතාවගෙන් වැටුප් ලබන පිරිසක් විධියට අපිට කරන්න පුළුවන් පුංචි හරි කාර්ය භාරය හඳුනාගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු දෙනා බොහොම ඕනකමින්, කැපවීමෙන්, විනිවිදභාවයෙන් හා වගකීමෙන් කටයුතු කරන්න සූදානම් බව මම දන්නවා.”
මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.





මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයට සමගාමීව පවත්වන ලද “මාතොට බීච් ෆෙයාර් - 2023“ මාතර දිස්ත්රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ සහ හම්බන්තොට - ඉන්දියන් කොන්සල් ජෙනරාල් අරවින්ද සිං මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර වෙරළ තීරයේ දී පැවැත්විණි.
රජයේ මුදල් වැය කිරීමකින් තොරව, මාතර දිස්ත්‍රික්කයේ සංචාරක ප්‍රවර්ධනය, මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය අරමුණුකර ගනිමින් “මාතොට බීච් ෆෙයාර් - 2023“ පවත්වන ලදි.
මෙහි දී ළමුන් සඳහා සරුංගල් තරඟ, ළමුන් සඳහා වැලි මාළිගා තරඟ, ළමා විනෝද ක්‍රීඩා, මාතර දිස්ත්‍රික්කයේ පාසල්වල විශේෂ සංස්කෘතිකාංග, මල් වෙඩි සන්දර්ශන, පෙරදිග සංගීත වැඩසටහන්, කැලිප්සෝ සංගීත වැඩසටහන් හා දේශීය නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටි, විවිධ ආහාර පාන සහිත වෙළඳ කුටි, විසිතුරු භාණ්ඩ සහිත වෙළඳ කුටි ඇතුළු වෙළඳ කුටි රැසක් ද ස්ථාපිතකර තිබිණි.
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය සුබ සාධක සංගමය, මාතර දිස්ත්‍රික් වෙළඳ හා වානිජ මණ්ඩලය, මාතර මහා නගර සභාව හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව මෙම “මාතොට බීච් ෆෙයාර් - 2023“ සංවිධානය කරන ලදි.




මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් සිය දෙනෙකුට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා
============================================
මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 100 දෙනෙකු රැකියා ගත කිරීමට අදාළ පුහුණු වැඩසටහන ඊයේ (ඔක්තෝබර් 18 ) දින මාතර දිස්ත්රික් ලේකම්, නීතීඥ වයි. වික්‍රමසිරි මහතාගේ ප්රධානත්වයෙන් මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහන ප්‍රායෝගික හා න්‍යායාත්මක කරුණු සහිතව පිළිගැනීමේ අංශය, භෝජනාගාර අංශය හා ගෘහපාලන අංශය යන ක්ෂේත්‍ර තුනක් යටතේ දින 20 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දින 20 අවසානයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාගත පුහුණුව සඳහා යොමු කෙරේ.
සංචාරක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ඒකාබද්ධව මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවයින පුරා විසිර සිටින තරුණ තරුණියන් 2500 ක් පුහුණු කිරීමේ කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාව දිවයින පුරා ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කරන ලදි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, සහකාර දිස්ත්රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, කොග්ගල හෝටල් පාසලේ විදුහල්පති ආචාර්ය ලෙනාඩ් රංචගොඩ මහතා, මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ විදුහල්පති බස්නායක මහතා, දිස්ත්‍රික් සංචාරක ප්‍රවර්ධන නිලධාරී නදීරා හෙට්ටිආරච්චි මහත්මිය, දිස්ත්‍රික් නිපුණතා නිලධාරී ආර්.කේ ගාමිණී මහතා හා සම්පත් දායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - ආපදාවටපත් ජනතාවට සහන සැලසීම කෙරෙහි විශේෂ අවධානය
============================================
මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්රවණාගාරයේ දී පැවත්විණි.
එහි දී මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
අවතැන් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සුරක්ෂිත මධයස්ථාන ක්‍රියාත්මක කෙරෙන අතර ආපදාවටපත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ ඍජු මැදිහත්වීම මත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාවට නැංවේ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
|
![]() |
![]() |































