ළමා ආරක්ෂාව පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය තානාපතිවරු පුහුණු කිරීමේ වැඩසටහනක් මාතර රාහුල විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන සඳහා ලියාපදිංචි වූ මාතර දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරන ශිෂ්‍ය නායකයින් සහ ශිෂ්‍ය නායක මණ්ඩලභාර ගුරුභවතුන් පිරිසක් වෙනුවෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධයාපන අමාත්‍යංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීම, පාසල තුළ ළමා අපයෝජන සිදුවීම් අවමකර ගැනීම සහ වළක්වා ගැනීමට ශිෂ්‍ය නායකයින්ගේ දායකත්වය ලබාගැනීම, ශිෂ්‍ය නායකයින් ළමා ආරක්ෂාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගිකරවා ගැනීම, පාසල තුළ ළමා හිතකාමී සහ ආරක්ෂාකාරී පරිසරයක් ඇති කිරීමට ශිෂ්‍ය නායකයින්ගේ නායකත්වය ඇතුළු දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා මැදිහත්කරණය, ළමා ආරක්ෂාවේ වගකීම සහ වගවීම දරන ශිෂ්‍ය නායක ප්‍රජාවක් බිහිකරීම සඳහා දායකත්වය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙහි දී ශිෂ්‍ය තානාපති වැඩසටහන හදුන්වා දීම, 2023 වසරේ ක්‍රියාකාරීව පාසල තුළ වැඩසටහන් පැවැත්වු පාසල් වල ඉදිරිපත් කිරීම් (කිරින්ද - පුහුල්වැල්ල ජාතික පාසල, මොරවක ජාතික පාසල, මලිදුව ජාතික පාසල) සහ ශිෂ්‍ය තානාපති වැඩසටහනට අදාළ ක්‍රියාකාරකම් 15 හඳුන්වා දෙමින් කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කරන ලදි.

මේ අවස්ථාවට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, විශ්‍රාමික මහ අධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය, සයිබර් ආරක්ෂාව හා ඩිජිටල්  අධිකරණ පිළිබඳ විෂයෙහි ප්‍රවිණයකු වන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති ප්‍රභාත් අමිල පෙරේරා මහතා, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් සුසන්ත අත්තනායක මහතා, මාතර සහකාර දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලක්මාලි තේනුවර මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතිවේදී, සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) ලක්ෂිකා මැණික්බෝව මහත්මිය, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරි කුසුම් උඩුබුලත්ගම මහත්මිය සහ ප්‍රාදේශීය නිලධාරීන්, සත්කාරක පාසල වන මාතර රාහුල විද්‍යාලයේ සිසුන් හා ගුරු භවතුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

459208745 1094907905972085 5558049348038828274 n459166349 1094907522638790 1069909038017864762 n

459291268 1094907695972106 7294488089417753296 n459412492 1094905552638987 6524942672375497613 n

459372155 1094906842638858 4367403720940584700 n459457664 1094907662638776 7127004530873410251 n

459372904 1094907152638827 7148943921712038388 n459181801 1094906182638924 2451723029203643149 n