ගිණුම් අංශය
![]() |
ටී. ජී. එම්. සුධර්ම මහතා
|
![]() |
එස්. එල්. ඒ. සම්පත් මහතා ගණකාධිකාරී
|
- දැක්ම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැක්ම හා මෙහෙවර පිළිබඳ වූ මනා අවබෝධයකින් පැවරී ඇති වගකීම් හා බලතලවලට යටත්ව උපරිම කාර්යාක්ෂමතාවයෙන් යුතු ඵලදායී සේවාවක් පවත්වා ගෙන යාම.
- මෙහෙවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීමට හැකිවන ආකාරයට ආයතනයේ සම්පත් කළමණාකරණය හා කළමණාකාරීත්වය වෙත කළමණාකරණ තීරණ නිරිදේශ කිරීම.
මුදල් සහකාර - චෙක්පත් සඳහා දෙවන අත්සන යෙදීම, රාජකාරි අධීක්ෂණය, විගණන විමසුම් සඳහා පිළිතුරු කෙටුම්පත් කිරීම, ප්‍රධාන වව්චර්පත් පරීක්ෂාව.
පරිපාලන සහ ආයතන අංශය
![]() |
කුසලක නානායක්කාර මහතා
|
![]() |
කාන්චනා කේ. තල්පාවිල මහත්මිය අතිරේක දිස්ත්‍රික් ලේකම් |
![]() |
ටී. එච්. රංසිකා ලක්මාලි මහත්මිය |
![]() |
|
පරිපාලන අංශය
ඉටු කරනු ලබන කාර්යයන්
01. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම
02. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සියලුම නිලධාරීන්ගේ ආයතන හා විනය කටයුතු
03. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත වෙනත් අමාත්‍යාංශ හා නිලධාරීන්ගේ ආයතන හා විනය කටයුතු
04. සියලුුම ග්‍රාමනිලධාරීන්ගේ ආයතන හා විනය කටයුතු
05. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන කටයුතු අධීක්ෂණය
06. බලපත්‍ර සම්බන්ධ කටයුතු කිරීම (ගිනි අවි බලපත්‍ර සහ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර)
07. වාහන සම්බන්ධ සියලු කටයුතු නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු
08. මැතිවරණ විෂයට අදාල සම්බන්ධීකරණ කටයුතු
09. විවිධ සමාජසේවා සුබසාධන කටයුතු
10. රාජ්‍ය උත්සව සංවිධානය කිරීම
11. රාජ්‍ය නිලධාරීන්ගේ පදිංචිය සඳහා රජයේ පොදු නිවාස ලබා දීම
සැලසුම් අංශය
![]() |
අධ්‍යක්ෂ - සැලසුම්(වැඩ බලන) |
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 හි ග්‍රාම නිලධාරී වසම් 650 හි ගෘහ ආර්ථීක ඒකක චිරස්ථායි ලෙස සවිබල ගැන්වීම
- දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතාමුදුන්පමුණුවා ගැනීම සහ සංවර්ධන විෂමතා අවම වන ආකාරයට ගම නැගුම, දිස්ත්‍රික් අයවැය සහ අනෙකුත් රජයේ මූල්‍ය සම්පත් ප්‍රශස්ථ ලෙස ආයෝජනය කිරීම
- සංවර්ධන වැඩ සටහන්වල භෞතික හා මූල්‍ය ප්‍රගතිය 100% ක් වන ප්‍රශස්ථ මට්ටමෙහි පවත්වාගෙන යාම
- දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික ගැටළු කඩිනමින් විසඳීම සඳහා ගරු දේශපාලන නායකත්වය,රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය යන පාර්ශව සමඟ විධිමත් හා කාර්යක්ෂම සම්බන්ධීකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම
- දිස්ත්‍රික්කයේ සියළුම සංවර්ධන කටයුතු මෙහෙයවීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය
- දිස්ත්‍රික්කයේ සියළුම සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා පහසුකාරක ක්‍රියාවලියක් පවත්වාගෙන යාම
කාර්යභාරය
- දිස්ත්‍රික්කය තුල සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම.
- දිස්ත්‍රික් සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම,අධීක්ෂණය සහ ප්‍රගතිය විමර්ශනය කිරීම.
- ගමනැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
- දිවිනැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
- දිස්ත්‍රික් අයවැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
- පළාත් මාර්ග සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
- දිළිඳුකමින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ වැඩ සටහනට අදාල දිස්ත්‍රික් කාර්යභාරය.
- දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම හා පස් අවුරුදු සංවර්ධන සැලැස්ම සකස් කිරීම හා ප්‍රගති පාලනය.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ සම්පත් පැතිකඩ සකස් කිරීමට මඟ පෙන්වීම.
- දිස්ත්‍රික් තොරතුරු හා දත්ත පද්ධතිය, සම්පත් පැතිකඩ සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වාගෙන යාම.
- දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා සංවර්ධන කමිටුවට අදාල සියලු කටයුතු මෙහෙයවීම හා පවත්වාගෙන යාම.
- සංවර්ධන කාර්යභාරයට අදාලව අවශ්‍ය තොරතුරු හා මඟ පෙන්වීම් ලබාදීමේ පහසුකාරක වශයෙන් ක්‍රියා කිරීම.
ඉංජිනේරු අංශය
![]() |
බී. ඒ. එස්. සාරංග මහතා |
දැක්ම
විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයන් බවට පත්වීම
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව යමින් සැලසුම් සහගත කාර්යක්ෂම හා ඵලදායී සේවයක් තුලින් දිස්ත්‍රික්කය තුළ හෞතික සංවර්ධනයක් ඇති කිරීම
සේවාවන්
- සැලසුම් නිර්මාණය කිරීම
- ඇස්තමේන්තු සකස් කිරීම හා නිර්දේශ කිරීම
- ප්‍රසම්පාදන කටයුතු හා ඇගයීම් කටයුතු
- ඉදිකිරීම් කටයුතු හා නඩත්තු කටයුතු
- ගෙවීම් කටයුතු
- වෙනත් දෙපාර්තමේන්තු වලින් ලැබෙන ඉල්ලීම් පිළිබඳ සේවාවන්
- දිස්ත්‍රික් මිළ නියම කිරීමේ කමිටු සංවිධානය
- කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය
|
කේ. එන්. සී. කේ. කුඩාගමගේ මහතා සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ආපදා කළමනාකරණ |
කාර්යභාරය
දිස්ත්‍රික්කයේ ඕනෑම ආපදා අවස්ථාවකදී ආයතන සම්බන්ධීකරණ කරමින් එම ආපදා අවම කර ගැනීමට කටයුතු කරන අතර ආපදා වලින් පසු සහන කටයුතු සිදු කරයි.
ආපදා අවම කිරීම
- එමෙන්ම ආපදා අවම කිරීම සඳහා ව්‍යාපෘති සිදු කිරීම-ගං වතුර අවම කිරීම් සඳහා ඇළ මාර්ග ශුද්ධ කිරීම
- නාය යෑම් අවම කිරීම සඳහා
ආපදා වැළැක්වීම
ආපදා වැළැක්වීමේන් ජනතාව බේරා ගැනීමේ සුවිශේෂිය කාර්ය භාරයක් කොළඹ දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකක විසින් සිදු කරනු ලබයි.
උදාහරණ -: 2012 වර්ෂයේ අප්‍රේල් මස 11 වන දින ඇති වු සුනාමි අනතුරු ඇගවීමේ දී ඉතා යුහුසුළුව ක්‍රියාකාරිත්මක වී මුහුදු බඩ ප්‍රදේශව ජනතාව ඉවත් කිරීම
ආපදා පෙර සුදානම්
ආපදා පෙර සූදානම් කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දිස්ත්‍රික් ආපදා පෙරසූදානම් සැලසුම් සැකසීම ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ආපදා පෙර සූදානම් සැලසුම් සැකසීමේ කටයුතු සිදු කරනු ලබන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදා වලට ගොදුරු වන ග්‍රාම නිලධාරි වසම් වල ග්‍රාමීය කමිටු පිහිටුවීම හා පිහිට වු ග්‍රාමීය කමිටු යාවත්කාලීන කර එම කමිටු සඳහා ආපදා භාණ්ඩ කට්ටල පිරි නැමීම සිදු කර ඇත.
එමෙන්ම වෙරළබඩකලාපයේ සුනාමි අවදානම් කලාප වල ජනතාවට නිරන්තර දැනුවත් කිරීමේ වැඩසටහන් හා පෙරහුරු වැඩසටහන් පැවැත්වීම සිදු කරන අතර සුනාමි කලාපයේ ජනතාවගේ ආරක්ෂා සඳහා ආරක්ෂිත ගමන් මාර්ග සලකුණු කර නව ආරක්ෂිත ස්ථාන හඳුනා ඒවා සිතියම් ගත කිරීම,එමෙන්ම ජනතාව සුනාමියෙන් ආරක්ෂා කිරීම සඳහා සයිරන් නලා ස්ථාපිත කිරීම,සුනාමි කුළුණු ඇති කිරීම සිදු කර ඇත්තේ ආපදා පූර්ව දැනුම් දීමේ ක්‍රමවේද යටතේ වීම සුවිශේෂි වේ.
දිස්ත්‍රික් ආපදා සිදුවිය හැකි හේතු සහ අවස්ථා හඳුනා ගනිමින් එම හේතු සහ අවස්ථා ඉවත් කරමින් යම් හෙයකින් සිදුවිය හැකි ආපදා අවස්ථාවකදී ක්ෂණිකව මහජනතාව වෙත සහන සැලසීම සඳහා ක්‍රියාත්මක වීම මෙම ඒකකය මගින් සිදු කරනු ලබයි.
කෘෂිකර්ම අංශය
![]() |
අයි. පී. ලියනගේ මහත්මිය දිස්ත්‍රික් කෘෂිිකර්ම අධ්‍යක්ෂ |
|
![]() |
ඩී. එස්. දිසානායක මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ(පොහොර ලේකම් කාර්යාලය)
|
|
![]() |
ජේ. අයි. විජේනායක මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ(පොහොර ලේකම් කාර්යාලය) |
-
දැක්ම
“ආහාර සුරක්ෂිතතාවය හා ජාතික සමෘද්ධිය උදෙසා කාර්යක්ෂම, ඵලදායී හා ශක්තිමත් කෘෂිකාර්මික අංශයක්”
මෙහෙවර
“ස්වභාවික සම්පත් තිරසාර කළමනාකරණය තුළින් සමාජීය වශයෙන් පිළිගත් නව්‍ය හා වාණිජමය නැඹුරුවකින් යුතුව, ගෝලීය තරඟකාරී නිෂ්පාදනයන් බිහිකරන ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සාක්‍ෂාත් කර ගැනීම”
අරමුණු
-
1.දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්වීම සම්බන්ධීකරණය
2.කෘෂිකර්ම කමිටුවේදී ගනු ලබන තීරණ පිළිබඳ අදාල ආයතන දැනුවත් කිරීම
3.කෘෂිකර්ම කමටුවේදී මතුවන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම
4.විශේෂ කෘෂිකාර්මික ව්‍යාපෘති දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම
-
5. දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන සැලැස්ම සැකසීම
6.බෝග පුරෝකතන වාර්තාව සැකසීමේ කටයුතු සඳහා සහාය වීම
7.බෝග නිෂ්පාදන සැලැස්ම සඳහා අදාල තොරතුරු එක් රැස් කිරීම හා වාර්තා තැබීම
8.කෘෂිකර්මයට අදාල දත්ත හා තොරතුරු යාවත්කාලීන කිරීම
9.ගොවි භාර අරමුදල සඳහා ව්‍යාපෘති ඉදිරිපත් කිරීම
10.කන්න රැස්වීම් පැවැත්වීම් සම්බන්ධීකරණය
-
11. දිස්ත්‍රික් කෘෂිකාර්මික වගා බිම් ආශ්‍රිත ගැටලු හඳුනා ගැනීම හා අදාල ආයතන මගින් ඒවා විසඳීමට කටයුතු කිරීම
12.කෘෂිකර්මාන්තය ආශ්‍රිත ආපදා තත්ත්වයන් ඇති වූ විට සහන ලබා දීමට සහාය වීම
13.කෘෂි නිෂ්පාදන අලෙවි ගැටලු වලදී සහාය වීම
14.කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික්යට අනුයුක්ත කර ඇති කාර්යය මණ්ඩල අධීක්ෂණය, මෙහෙයවීම සහ ඇගයීම් කටයුතු සිදු කිරීම
15.කෘෂිකර්ම අංශයට අනුයුක්ත කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සම්පාදනය කිරීම
-
ක්‍රීඩා අංශය
![]() |
ඩී. ජී. ලාල් විජේවික්‍රම මහතා
|
2026 මැයි මස පැවති දෙවන තේරීම් තරගයේ මීටර් 100 ඉසව්වෙන් මාතර දිස්ත්‍රික් ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාවේ පළමු වෙනියා වීම හේතුවෙන් පහත සියළු තරග සඳහා සහභාගි වීමට සුදුසුකම් ලැබීය.
- 2026 ජුනි මස 20 හා 21 යන දෙදින චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු සහය දිවීමේ ශූරතාවලියේ මීටර් 100x4 ඉසව්ව නියෝජනය සඳහා සුදුසුකම් ලැබීම
- 2026 ජුලි මස 20 සිට අගෝස්තු 03 දක්වා ස්කොට්ලන්තයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලළේ මීටර් 100 ඉසව්ව නියෝජනය සඳහා සුදුසුකම් ලැබීම
- 2026 සැප්තැම්බර් මාසයේ ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබීම
- මීට අමතරව 50 වන ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව පවත්වනු ලබන පළමු අදියර තරඟ එනම් අන්තර් ක්‍රීඩා සමාජ තරඟ සියල්ල පවත්වා අවසන් අතර දෙවන අදියර තරඟ එනම් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම් තරඟ මෙම දිනවල පවත්වනු ලැබේ
- සමස්ථ ලංකා පාසල් මට්ටමින් හා ජාතික මට්ටමින් ජයග්‍රහණය කළ හා ජාත්‍යන්තර මට්ටමින් සහභාගී වූ හා ජයග්‍රහණය කළ මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 119 දෙනෙකු සඳහා වර්ණ ප්‍රදානය කිරීම හා පුහුණුකරු නිලධාරී මහත්ම මහත්මීන් 15 දෙනෙකු සඳහා උපහාර දැක්වීම
- මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 158 දෙනෙකු සඳහා වාර්ෂිකව පවත්වනු ලබන වෛද්‍ය සායනය මෙම වර්ෂයේද පෙබරවාරි මස උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී
- අවු. 16 න් පහළ 18න් පහළ 20න් පහළ වයස් කාණ්ඩ සඳහා මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04 හිම පළාත් තරඟ සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට එක් දින පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.
මාධ්‍ය ඒකකය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් මීට වසර 12කට ඉහතදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටුවන්නට යෙදුණි. ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල මෙම ප්‍රවෘත්ති අංශ ස්ථාපිත කළේය. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නමින් ප්‍රවෘත්ති අංශයක් පිහිටුවිය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මඟින් රජය බලාපොරොත්තුවූයේ දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධව ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ජනතාව අතරට ගෙනයාමය. රජය මඟින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම මෙමඟින් බලාපොරොත්තු විය. මේ සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදාගැනීම සිදු විය. මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය සදහා යොදා ගැනෙන විමධ්‍යගත පළාත්සභා හා වෙනත් ප්‍රතිපාදන යොදාගෙන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි ප්‍රගතිය එහි ගැටළු සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ දත්ත හඳුනාගෙන ඒවා සියලුම මාධ්‍යවලට ලබාදී
මෙම අංශය මඟින් සිදුකරනු ලබන ප්‍රමුඛතම කාර්යයකි. විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙහෙයුම හා අධීක්ෂණය යටතේ පවත්වනු ලබන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් හා සම්බන්ධීකරණ කමිටු රැස්වීම් යනාදියට සහභාගී වී එහි තොරතුරු ලබා ගැනීම සිදු කෙරේ. දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සම්බන්ධීකරණය කර අදාල තොරතුරු ලබා දීමට ද කටයුතු කරයි. එසේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 හිම පැවැත්වෙන රැස්වීම් වැඩමුළු හා උත්සව සම්බන්ධීකරණය කර එම තොරතුරු මාධ්‍යවලට ලබාදීම ද මෙහි තවත් කාර්යයකි.
මෙම කාලය තුළදී මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් දිසාපතිවරයාගේ අනුදැනුමට යටත්ව පහත සදහන් කාර්යයන් ඉටු කර ඇත.
- සියලු කමිටු රැස්වීම් ආවරණය කිරීම හා තොරතුරු මාධ්‍ය වලට නිකුත් කිරීම
- මාතර දිස්ත්‍රික් ක්‍රමෝපායන් සංවර්ධන සැලැස්ම පිළිබඳ පැවති සියලුම වැඩමුළු ආවරණය කිරීම
- මාතර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මගින් සිදුකරනු ලබන තරඟාවලීන් සම්බන්ධව ආවරණ කටයුතු ලබාදීම හා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම
- දෛනිකව මුද්‍රිත මාධ්‍ය වල පලවන වාර්තා ඒකරාශී කිරීම
- මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත විවිධ අංශ වල සංවර්ධන ක්‍රියාකාරකම් හා සම්බන්ධීකරණය වීම හා අදාළ වාර්තා මාධ්‍ය වලට නිකුත් කිරීම
මිණුම් ඒකක හා ප්‍රමිති සේවා අංශය
| |
ආර්. එම්. ජී. ඩී. සඳරුවන් මහතා සහකාර පරීක්ෂක
|
කාර්ය භාරය
- වෙළදුන් සතුව ඇති වෙළදාමට භාවිතා කරන කිරුම් පඩි, මිමි කිරුම් සහ මිණුමි උපකරණ වාර්ෂිකව සත්‍යෙක්ෂණ කිරීම
- දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකදීම වෙළදුන්ගේ කිරුම් හා මිනුම් උපකරණ සත්‍යෙක්ෂණය කිරීම සඳහා මුද්‍රා තැබීම් මධ්‍යස්ථාන සංවිධානය කිරීම
- ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන නිකුත් කරන උපකරණ වාර්ෂිකව සතෙක්ෂණය කිරීම හා අවශ්‍ය අවස්ථා වලදී නිරවද්‍යතාව පරීක්ෂා කිරීම
- වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන වල ඇති වායු විමෝචන යන්ත්‍ර පරීක්ෂා කිරීම හා වාර්ෂිකව සත්‍යෙක්ෂණය කිරීම
- කර්මාන්තශාලාවල ඇති කිරුම් උපකරණ වාර්ෂිකව පරීක්ෂාකර බලා සත්‍යෙක්ෂණය කිරීම
- 1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ නෛතික උල්ලංඝනය කරන චංචනික වෙලෙඳුන් සොයා වැටලීම් සිදුකිරීම නඩු පැවරීම හා අධිකරණයේ කටයුතු සිදුකිරීම.(37,42,38,46,51(6) හා 52 වගන්තීන්)
-
- 2025 වසරේ මුද්‍රා තබන ලද ඒකක සංඛ්‍යාව - 16584
- 2025 වසරේ මුළු ආදායම - මිලියන 17.29
- 2025 වසරේ අවසන් වූ නඩු සංඛ්‍යාව - 14
- 2025 වසරේ දඩ මුදල - Rs.25,000.00
Mission
"To be the Apex Institute for Science of Measurement, being responsible for the National Measurement System and to ensure justice and equity in regulatory activities and transactions based on Measurements"
The Department was estabilished under the provisions of the Measurement Units Standards And Services Act No.35 of 1995. The Department aims to establish, maintain, and disseminate National Standards of Measurement in Sri Lanka and the traceability of Measurements. It also provides the Legal Metrological framework to trade, Industry, science, health, security and environmental protection.
ජන හා සංඛ්‍යාලේඛන අංශය
| |
එම්. ඒ. පී. වික්‍රම මහත්මිය නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංඛ්‍යාන) |
සංඛ්‍යාලේඛන අංශය
වගකීම්
- සංගණන ක්‍රියාකාරකම්
ජන හා නිවාස සංගණනය
ආර්ථික සංගණනය - කෘෂිකාර්මික කටයුතු ගණන් ගැනීම හා කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු ගණන් ගැනීම යටතේ හඳුනාගත් නිර්ණායකයන්ට අනුව විශේෂ ආයතන ලැයිස්තුගත කිරීම විශේෂ ආයතන ගණන් ගැනීම සහ සාමාන්‍ය ආර්ථික තොරතුරු ලබා ගැනීම
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ රැකියා නියුක්තිය පිළිබද සංගණනය
- සමීක්ෂණ ක්‍රියාකාරකම්
වී අස්වැන්න ඇස්තමේන්තු කිරීමේ සමීක්ෂණය
ශ්‍රම බල සමීක්ෂණය
ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය
වාර්ෂික කර්මාන්ත සමීක්ෂණය
වාර්ෂික ඉදිකිරීම් කර්මාන්ත සමීක්ෂණය
ත්‍රෛමාසික කාර්මික නිෂ්පාදන පිළිබද සමීක්ෂණය
පොල් නිෂ්පාදන වියදම ඇස්තමේන්තු කිරීම පිළිබද සමීක්ෂණය
පරිගණක සාක්ෂරතාවය පිළිබද සමීක්ෂණය
ඉහත අංක 1 යටතේ වූ සංගණන ක්‍රියාකාරකම්වලට අදාළ නියමු සංගණනයන්
- සාමාන්‍ය දත්ත රැස් කිරීමේ ක්‍රියාකාරකම්
වී පිළිබද සංඛ්‍යාලේඛන
ගොඩගොවිතැන් සංඛ්‍යාලේඛන
පශුධන සම්පත් පිළිබද සංඛ්‍යාලේඛන
මස් පිණිස සතුන් මැරීමේ සංඛ්‍යාලේඛන
ගොඩනැගිලි සංඛ්‍යාලේඛන
පළාත් පාලන ආයතන සංඛ්‍යාලේඛන
නාගරික සිල්ලර මිල රැස් කිරීම
නිෂ්පාදකයාගේ මිල රැස් කිරීම
යල/ මහ කන්න අනුව වී වගා කිරීමට අපේක්ෂිත බිම් ප්‍රමාණය පුරෝකථනය කිරීම (FST 1)
අස්වැන්න නෙලීමට අපේක්ෂිත බිම් ප්‍රමාණය පුරෝකථනය කිරීම (FST 2)
හානි වූ වී වගා බිම් ප්‍රමාණය වාර්තා කිරීම (FST 3)
ගෘහස්ථ හා ආයතනික වශයෙන් කපා හෙලනු ලබන දැව සංඛ්‍යාලේඛන පිළිබඳ මාසික වාර්තා පිළියෙල කිරීම
- වාර්ෂික සංඛ්‍යාන අත්පොත සකස් කිරීම
සංගණන, සමීක්ෂණ සහ දිස්ත්‍රික්කයට අදාල යාවත්කාලීන කරන ලද පරිපාලන තොරතුරු ඇතුලත් කර සංඛ්‍යාන අත්පොත සකස් කිරීම
- විශේෂ දත්ත රැස් කිරීමේ ක්‍රියාකාරකම්
ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය
ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණය
ශ්‍රම ඉල්ලුම පිළිබද සමීක්ෂණය
ජාත්‍යන්තර මිල සංසන්දනය පිළිබද වැඩසටහන
ගෘහස්ථ හිංසනය පිළිබඳ සමීක්ෂණය
Water Quality Survey
දේශීය සංචාරක කටයුතු පිළිබඳ සමීක්ෂණය
පුපුරණ ද්‍රව්‍ය අංශය
|
කේ. වී. ජී. එම්. ද සිල්වා සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක |
පුපුරන ද්‍රව්‍ය පාලන අංශය
මෙම අංශයේ කාර්යයන්
- යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මකවන සහ නොවන කළුගල් වලවල් සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම.
- ඉඩම් සංවර්ධනය කිරීමේදී නිවාස සඳහා අත්තිවාරම් සකස් කිරීමේදී සහ ළිං කැපීමේදී බාධා වී ඇති කළුගල් ඉවත් කිරීමට වානිජමය නොවන අවසර පත්‍ර නිකුත් කිරීම.
- වලංගු අවසර පත්‍ර සඳහා පුපුරන ද්‍රව්‍ය වාරික නියෝග නිකුත් කිරීම.
- පුපුරන ද්‍රව්‍ය අලෙවිය සඳහා සහ රතිඤ්ඤා සහ ගිනිකෙළි භාණ්ඩ අලෙවිය සඳහා සපයන්නා බලපත්‍රය නිකුත් කිරීම.
- ආනයන බලපත නික්‍රත් කිරීම.
- රතිඤ්ඤා සහ ගිනිකෙළි භාණ්ඩ යනාදිය සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීම.
- කෘෂිකර්ම හා දේපළ ආරක්ෂාව සඳහා ආරක්ෂක ලේකම් විසින් බලය පවරන ලද ගිනිඅවි බලපත්‍ර අල්‍රත් කිරීම.
- වලංගු ගිනිඅවි බලපත්‍ර සඳහා පතරොම් වාරික නියෝග නිකුත් කිරීම.
















