විශ්ලේෂණය
අපගේ දැක්ම
සේවාලාභීන් තෘප්තිමත් වන පරිදි කාර්යක්ෂම හා සඵලදායී සේවාවක් සැපයීම තුළින් විශිෂ්ටත්වය කරා මාතර දිස්ත්‍රික්කය මෙහෙයවීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව මානව, භෞතික හා මූල්‍ය සම්පත් උපායශීලීව හසුරුවමින් ජනතා හිතවාදි පරිපාලන යාන්ත්‍රණයක් බිහිකර දිස්ත්‍රික්කයේ තිරසාර සංවර්ධනයක් ඇති කරලීම.
මාතර දිස්ත්‍රික්කය
දර්ශනීය මුහුදු තීරයකින් හා ස්වභාව සෞන්දර්යෙන් පිරි සාඩම්බර ඉතිහාසයකට උරැමකමි කියන මාතර දිස්ත්‍රික්කය දක්ෂිණ ලංකාවේ ගාල්ල හා හම්බන්තොට දිස්ත්රික්කයන්ට මැදිව පිහිටි සරු සාර ප්රදේශයකි. උතුරු අක්ෂාංශ අංශක 5.8 සහ 6.4 අතරත් නැගෙනහිර දේශාංශ 80.4 සහ 81.7 අතරත් මෙම දිස්ත්‍රික්කය පිහිටා ඇත. ව.කි.මී. 1282.5 ක් හෙවත් හෙක්ටයාර් 128 250 ක භූමි ප්‍රමාණයක වපසරියකින් යුත් මාතර දිස්ත්‍රික්කය වෙරළබඩ සිට මීටර් 1158 දක්වා නැගීමක් පෙන්නුම් කරන අතර කදුකරයේදී මහේශාඛ්‍ය සිංහරාජ වනාන්තරයෙන් හා ආකර්ශනීය දිය ඇළි වලින් සමන්විත වේ. ලක්බිම් මුඵ බිම් ප්‍රමාණයෙන් 1.96% ක් වන මෙම දිස්ත්‍රි ක්කය දකුණු පලාතෙන් 23.14 ක් පමණ වේ.
දකුණින් දර්ශනීය මුහුදු තීරයකින්ද , උතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද , බටහිරින් ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව, ඉමදුව, යක්කලමුල්ල, තවලම, නෙඵව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද , නැගෙනහිරින් හම’බන්තොට දිස්ත්රිදක්කයේ ඕකේවෙල , බෙලිඅත්ත, කටුවන, වලස්මුල්ල සහ තංගල්ල ප්රා්දේශීය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද මායිම් මාතර දිස්ත්‍රික්කය පිහිටා තිබේ.
මාතර දිස්ත්රිමක්කයට කි.මී. 55 ක් දිග දර්ශනීය වෙරළ තීරයක් හිමිව ඇත. එය දික්වැල්ල නිල්වැල්ල සිට වැලිගම මිදිගම දක්වා විහිදී තිබේ. මෙම වෙරළෙන් 85% ක් පමණ නිරිතදිග මෝසම් සුළං හමන රටාවට ලම්බාකාර පිහිටා ඇත. මාතර දිස්ත්‍රික්කය මහද්වීපිත තටාකයේ පළල කි.මි. 7 ක් පමණ වේ. මේ හැරුණු විට දකුණේ සිට රට අභ්‍යන්තරයට සිංහරාජ අඩවිය දක්වා කි.මී. 64 ක පමණ විහිදීමක් ඇත.
මාතර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 කින් සමන්විත වන අතර ග්‍රාම නිලධාරි කොට්ඨාශ 650 කට බෙදා වෙන් කර ඇත.
දේශගුණික රටාව මාතර දිස්ත්‍රික්කය දේශගුණික කලාප අනුව බලන කල පහත රට තෙත් කලාපයට අයත්ය. දිස්ත්‍රික්කයේ දේශගුණික රටාව දිවයිනේ සාමාන්‍ය තත්ත්වය හා සමානව පවති. දිස්ත්රිතක්කයේ මාසික උෂ්ණත්වය ඉහල අගයක් ගනුයේ පෙබරවාරි ,මාර්තු හා අප්‍රේල් යන මාස වලදීය. නමුත් අඩුම උෂ්ණත්වය පවතින නොවැම්බර් හා දෙසැම්බර් කාලය හා සසදන විට උෂ්ණත්වයේ විචලතාවයක් දක්නට නොමැත. දශක තුනක උෂ්ණත්වය සාමාන්යා ගත්විට සෙන්ටිග්‍රේඩ් අංශක 26.7 ක් පමණ වේ.
ඓතිහාසික තොරතුරු රාවණා යුගය තෙක් දිවෙන ඉතිහාසයකට උරුමකම් කියනු ලබන මාතර පුරවරය කුලවතුන්ගේ මගධය ද, ධනවතුන්ගේ තක්සලාව ද වශයෙන් සිංහල මහාවංශයේ කතුවරයා විසින් හදුන්වා දෙනු ලබන්නේ මහත් ගෞරවයෙනි. මෙම ප්‍රදේශය අතීතයේ රාජකීයයන්ගේ නිජබිමක් වුවා පමණක් නොව ශාස්ත්‍රීය කටයුතු අතින්ද ප්‍රමුඛත්වය ගෙන තිබී ඇත. 18 වන ශත වර්ෂයේ අග භාගයේ සිට 19 වන ශත වර්ෂය මුල් භාගය දක්වා වු මාතර සාහිත්‍ය යුගයේ ධර්ම ශාස්ත්‍රීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් මාතර ප්‍රදේශය ප්‍රචලිත විය.
උගතුන්ගේ දේශාටකයින්ගේ, කවීන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක් වු ඉතිහාසයේ, මාතොට, නමින් හැදින්වු නගරය පසුව, “මාතොට” වී, මාතර යනුවෙන් ජනවහරට එක් විය.
විජයවතරණයට පෙර සිට මාතර නාග ගෝත්‍රික බලය පැවැති පෙදෙසක් බවට පුරා විද්යානත්මක සාක්ෂි ඇසුරින් තහවුරු වී ඇත. එකල රුහුණුට පලා ගිය මුටසීව රජු මහානාම කුමරු ආදීන් නාග ගෝත්රිකකයන් බවට පෙන්නුම’ කර ඇත. එමෙන්ම දැනට ව්ය වහාරයේ පවතින නාවිමන, නාදුගල, නායිම්වල, නාඔටුන්න, නාරද්ද වැනි ගම්වල නාග ගෝත්රිවකයින් වාසය කළ බව ඉතිහාසයේ සදහන් වේ.
රුහුණු ප්‍රදේශයේ ඡන්ම ලාභය ලත් දප්පුල රජු මාතර ජනතාව අතර දාපුඵසෙන් නමින් ප්‍රසිද්ධියට පත්වු බව ඉතිහාසයේ සදහන් වේ. මහා විජයබාහු රජු ද, මාතර ප්‍රාදේශයේ ජිවත්ව සිට ඈපා පදවි ලද බවට තොරතුරු හෙළි වේ.
වැලිගම ප්‍රදේශයේ පිහිටි කප්පරතොට විදේශකයින්ගේ වෙළද යාත්‍රා නැංගුරම් ලා තිබු වරායක් වශයෙන් ද , වැලිගම අග්‍රබෝධි විහාරය දේවානම් පියතිස්ස සමයේ කරවන ලද්දක් බවට ද පැරණි පොත පතෙහි සදහන් වේ. එසේ ම මාතර නගරයේ පිහිටි හත්බෝධි වත්ත හා මාතර බෝධිය, කුමාරදාස රාජ්‍ය සමයේ ගොඩ නගන ලද්දකී. මේ අයුරින් බලන කල මාතර පුරවරය මහත් අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි.
ශ්‍රී ලංකාව විදේශීය ආක්‍රමණ වලට ගොදුරු ව පැවති අවධියේ පෘතුගීසින් විසින් අගනා වාණිජ මධයස්ථානයක් වශයෙන් මාතර හදුනා ගෙන තිබු අතර, කෝට්ටේ රාජධානියට අයත් විශාලතම හා සමෘද්ධිමත් කලාපය වු “ මාතර දිපවානිය ” නමින් ද හැදින්වීය. එවකට සිට එකම සිංහල දිසාපතිවරයා වුයේද දොන් ප්‍රනාන්දු සමරකෝන් නැමති මාතර දිස්ත්‍රික්කයේ උපත ලද ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි.
18 වන ශත වර්ෂයේ අප රට ලන්දේසි පාලනයට යටත් වු පසු, මුහුදුබඩ පළාත් ගාල්ල, කොළඹ, යාපනය වශයෙන් කොට්ඨාශයට මාතර ද අයත්වු අතර, පරිපාලන පහසුව සදහා නැවත මාතර ආදායම් පාලක කොට්ඨාශ 05 කට බෙදා වෙන් කරන ලදි.
1789 දී මුහුදු බඩ පාලනය ද, 1815 දී උඩරට පාලනය ද නතුකර ගත් ඉංශ්රීකසින් විසින් ප්‍රාදේශීය පාලනයේ පහසුව සදහා සෑම පළාතක්ම දිස්ත්‍රික්ක කිහිපයකට බෙදා උප ඒජන්තවරයෙක් යටතට පත් කරන ලදි. 1890 පමණ වන විට පළාත් ඒජන්තට වග කියන උප ඒජන්ත සහාය වීමට දිස්ත්‍රික්කය, පරිපාලන කොට්ඨාශ 5 කට බෙදා මුදලිවරු පත්කරන ලදි.
මේ අන්දමට විදේශිකයින් පාලන කටයුතු ගෙන යාමේදි පාලන මධයස්ථානයක් වශයෙන් මාතරට ලබා දී තිබු වැදගත්කම එම කාලයේ සිට පැවත එන නෂ්ඨාවශේෂ වලින් නුතන යුගයේ ද දැකගත හැකිය. පෘතුශීසින් විසින් තනන ලද මාතර කොටුව, ලන්දේසීන් විසින් තනන ලද මාතර දිස්ත්‍රික්කයේ මාතර අභිමානවත් ඉතිහාසය ගෙන හැර පානු ලැබේ.
මාතර දිස්ත්‍රික්කය තුල පිහිටි චිත්තාකර්ෂණිය ස්ථාන නුතන යුගයේ ද සංචාරකයින්ගේ පාරාදීසයක් වී ඇත. උමං විහාරය හා විශිෂ්ඨ බිතු සිතුවම් සහිත වෙහෙරහේන, වැවුරුකන්නල පුරාණ විහාරය, දෙවිනුවර හා ගැටබරු දේවාල, මාතර බෝධීන් වහන්සේ ඓතිහාසික උරුමයන් අතර සමහරකී. මාතර පුරවරය දේශමාමකත්වයෙන් ජාතිවාත්සල්යයෙත්, ආගමික භක්තියෙන් පිරිපුන් උදාරතර ජන කොටසකගේ නිජබිම වේ.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නාම ලේඛනය 1955 සිට මේ දක්වා
|
අනු අංකය |
නම | සිට | දක්වා |
| 1 |
බී .පී. බී. ජේ. පී .සේනාරත්න මහතා |
1955.08.01 | 1956.12.14 |
| 2 |
ඇන්තනී ලොයිඩ් පෙරේරා මහතා |
1956.12.15 | 1957.06.30 |
| 3 | බුද්ධි හෙන්රි ද සොයිසා මහතා | 1957.07.01 | 1958.09.30 |
| 4 |
අහමඩ් ස්මයිල් මොහදින් මහතා |
1958.10.01 | 1961.01.31 |
| 5 | ඒ. පී. සිවතොලොන්දු නවරත්න රාජා මහතා | 1961.02.01 | 1961.12.01 |
| 6 | එම්.ආර්.අම්මි මහතා | 1962.01.01 | 1964.08.31 |
| 7 | එෆ්. සී. පීටර්ස් මහතා | 1964.09.01 | 1967.01.31 |
| 8 | එම් .එල් .ජේ. වික්‍රමරත්න මහතා | 1967.02.01 | 1970.06.30 |
| 9 | ටී. දේවේන්ද්‍ර මහතා මහතා | 1970.07.01 | 1971.05.30 |
| 10 | ජී.ඒ.එම්. කරුණාරත්න මහතා | 1971.06.01 | 1973.12.31 |
| 11 | ඩබ්.ඒ.එල්. විජයපාල මහතා | 1974.01.01 | 1975.12.31 |
| 12 | පී. ජී. එස්.යු. ද සිල්වා මහතා | 1976.01.01 | 1976.08.31 |
| 13 | කේ.ඒ.කරුණාරත්න මහතා | 1976.09.01 | 1978.02.28 |
| 14 | එන්.වී. කේ.කේ වේරගොඩ මහතා | 1978.03.01 | 1980.12.31 |
| 15 | එස් .සිවානන්දන් මහතා | 1981.01.01 | 1983.07.31 |
| 16 | ආර්.ඒ.ඒ.රණවීර මහතා | 1983.08.01 | 1983.10.31 |
| 17 | ක්‍රිෂ්ටි සිල්වා මහතා | 1983.11.01 | 1989.01.31 |
| 18 | එස්.කේ. චන්ද්‍රසෝම මහතා | 1989.02.01 | 1998.04.14 |
| 19 | ජී. එස්. එදිරිවීර මහතා | 1998.04.15 | 2004.01.05 |
| 20 | ජයලත් රවි දිසානායක මහතා | 2004.01.06 | 2004.07.25 |
| 21 | ගාමිණී ජයසේකර මහතා | 2004.07.26 | 2008.08.31 |
| 22 | ඩබ.කේ.කේ. අතුකෝරල මිය | 2008.09.01 | 2013.05.06 |
| 23 | ඊ.ඒ.සී.විදානාගමාච්චි මිය | 2013.05.07 | 2016.10.02 |
| 24 | ප්‍රදීප් රත්නායක මහතා | 2016.10.03 | 2022.01.09 |
| 25 | වයි.වික්‍රමසිරි මහතා | 2022.01.10 | 2024.01.22 |
| 26 | ශාන්ත වීරසිංහ මහතා (වැ.බ.) | 2022.01.23 | 2024.02.18 |
| 27 | ගනේෂ අමරසිංහ මහතා | 2024.02.19 | 2025.02.09 |
| 28 | ඕ. වී. චන්දන කුමාර | 2025.02.10 | |
| 29 | |||
| 30 |





