මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් සිය දෙනෙකුට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා

============================================

මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 100 දෙනෙකු රැකියා ගත කිරීමට අදාළ පුහුණු වැඩසටහන ඊයේ (ඔක්තෝබර් 18 ) දින මාතර දිස්ත්‍රික් ලේකම්, නීතීඥ වයි. වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන ප්‍රායෝගික හා න්‍යායාත්මක කරුණු සහිතව පිළිගැනීමේ අංශය, භෝජනාගාර අංශය හා ගෘහපාලන අංශය යන ක්ෂේත්‍ර තුනක් යටතේ දින 20 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දින 20 අවසානයේ  හෝටල් ක්ෂේත්‍රයේ රැකියාගත පුහුණුව සඳහා යොමු කෙරේ.

සංචාරක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ඒකාබද්ධව මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවයින පුරා විසිර සිටින තරුණ තරුණියන් 2500 ක් පුහුණු කිරීමේ කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාව දිවයින පුරා ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කරන ලදි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, කොග්ගල හෝටල් පාසලේ විදුහල්පති ආචාර්ය ලෙනාඩ් රංචගොඩ මහතා, මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ විදුහල්පති බස්නායක මහතා, දිස්ත්‍රික් සංචාරක ප්‍රවර්ධන නිලධාරී නදීරා හෙට්ටිආරච්චි මහත්මිය, දිස්ත්‍රික් නිපුණතා නිලධාරී ආර්.කේ ගාමිණී මහතා හා සම්පත් දායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 393217777 846419650820913 2329997425549062749 n
 
 393695550 846420340820844 7604994236463200383 n
 
 393595885 846420140820864 8150812995783745562 n
 
 
 393603019 846420264154185 5654538412476177203 n
 
 393167129 846419604154251 2199625379801514821 n
 
393220137 846420377487507 2825211484713449565 n
 
393211367 846420294154182 2590906655186562180 n
 
393271162 846419964154215 4188461312127867476 n
 
393246341 846419634154248 1859212462022962935 n