නිරතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් සීග්‍රයෙන් ඩෙංගු රෝග පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බව හඳුනාගෙන ඇති අතර එබැවින් මාතර දිස්ත්‍රික්කයේ මාතර මහ නගර සභා සීමාව තුළ හඳුනාගත් ස්ථාන 89 ක් පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ මූලික දැනුවත් කිරීම ජුනි මස 21 වන දින මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මීට පෙර අවස්ථාවන්වල ගෙයින් ගෙට ගොස් ප්‍රජාව දැනුවත් කිරීම සිදු කළ අතර අද දින නිවාඩු දිනයක් වන හෙයින් ප්‍රදේශවාසී සියලු දෙනාගේ ම සහභාගිත්වයෙන් මාතර මහ නගර සභා සීමාව තුළ හඳුනාගත් ස්ථානයන් 89 ක් පිරිසිදු කර ඩෙංගු අවදානමින් මාතර දිස්ත්‍රික්කය මුදවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කරන ලදි.
මේ සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර මහ නගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය ඒකක, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා සහ නගර සභා, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු හඳුනාගත් ස්ථානයන්හි ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම කැප කිරීම සමග මදුරු උවදුර මාතර පුරවරයෙන් තුරන් කිරීමට ගන්නා උත්සාහයක් වන බවත් එයට සියලු දෙනාගේ ම සහභාගීත්වය, සහයෝගය අවශ්‍ය බවත් මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය ප්‍රකාශ කර සිටියා ය.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත් යන මහත්වරුන්, මාතර නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ මහතා,
නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.







