×

செய்தி

Invalid Page Request
දකුණු පළාත් සංවර්ධන සැලැස්මට අදාළව 2026 වර්ෂයේ පළමු කාර්තු 02 තුළ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මාර්ගගතව සම්බන්ධවීමත් සමඟ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 20 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී  දකුණු පළාත් සභා සංවර්ධන සැලැස්මට අදාළව මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර එහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු හා විසඳුම් ද, දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේත්, දකුණු පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේත්, දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යාංශයේත්, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් සංවර්ධන අධිකාරියේත්, ඉදිකිරීම්, මිල දී ගැනීම්, ව්‍යාපෘති හා වැඩසටහන් පැවැත්වීමට අදාළව 2026 වර්ෂයේ ප්‍රථම කාර්තු දෙකෙහි ප්‍රගතිය සමාලෝචනය කරන ලදි.
ඊට අමතරව  දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග අමාත්‍යාංශය, දකුණු පළාත් ධීවර, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික, සමාජ සුභසාධන අමාත්‍යාංශය, දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ආදී  ආයතනවල කටයුතු පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කළ අතර මීළඟ කාර්තුවට අදාළව සැප්තැම්බර් මසට ප්‍රථම  සියලුම ව්‍යාපෘතිවල කටයුතු කඩිනම් කරමින් එහි ප්‍රගතිය ඉහළ නැංවීම සඳහා  කැපවිය යුතු බව තීරණය විය. 
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජන්ත ගම්මැද්ද, ලාල් ප්‍රේමනාත්  යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම්ගේ මහතා මෙන්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩලවල  ප්‍රධානීන් ද, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ද, මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රම සම්පාදන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
727603184 780358381753861 3046441892223852810 n726955247 1929898921049989 3751253706989842409 n725904892 1511039717733709 7266663502653817183 n727029264 1672675950514290 3048051717210487765 n727681093 1015905790816924 593563270605045102 n