අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහ ජනතාව එක්ව පරිත්‍යාග කරන ලද ජලය, වියළි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය රැගත් පළමු භාණ්ඩ තොගය සහිත ලොරි රථ දෙසැම්බර් මස 01 වන දින බදුල්ල දිස්ත්‍රික්කය බලා පිටත් විය. ආපදාවට පත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ලේකම් වරුන් විසින් දන්වා එවන ලද අවශ්‍යතා අනුව, මාතර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති චන්දන තිලකරත්න මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආපදාවට පත් ප්‍රදේශ වෙත පිටත් කර හැරීම සිදු කෙරේ.ඉදිරි දින වලදීත් පානීය ජලය, වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අදාළ ප්‍රදේශ වෙත පිටත් කර හැරීමට නියමිතය.









