Meeting & GA Programme

16
ஜன2023

MEETING - 2026

செய்தி மற்றும் நிகழ்வுகள்

මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය ජුනි 26 දිනට යෙදී තිබේ. ඊට සමගාමීව මත්ද්‍රව්‍ය විරෝධී  වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හා අත් පත්‍රිකා බෙදාහැරීමක් ජුනි 26 දින මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. 
ශ්‍රී ලංකා පොලීසිය මගින් අද දින සියලු ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙම අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මාතර දිස්ත්‍රික්කයේ එම වැඩසටහන සෑම පොලිස් ස්ථානයක් ම ආවරණය වන පරිදි මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල දී පැවැත්වෙන අතර මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කර ගනිමින් පැවති වැඩසටහන, මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මාතර පොලිස් ස්ථානයේ සංවිධායකත්වයෙන් සිදු කරන ලදි.
විෂ මත්ද්‍රව්‍ය භාවිතයේ අන්තරායන්, එයින් පුද්ගල ජීවිතවලට, පවුල්වලට සහ සමස්ත සමාජයට ඇති වන අහිතකර බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. විශේෂයෙන් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සකස් කළ අත්පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කෙරුණු අතර, විෂ මත්ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
මෙම ජාතික වැඩසටහන මගින් මහජනතාව තුළ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රබල ප්‍රතිරෝධයක් ගොඩනැගීම අපේක්ෂා කෙරෙන අතර, පොලිසිය, රාජ්‍ය ආයතන සහ ප්‍රජා සංවිධාන එක්ව මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
730487557 2108932389966156 731150629554462549 n731808675 1385824243388759 5383925204946571068 n