උපතේ සිට වයස අවුරුදු දොළහ දක්වා දරුවන්ව රැකබලා ගැනීමේ වගකීම හැම අම්ම තාත්තා කෙනෙක්ටම තිබෙන බවත් ඒ නිසා වයස අවුරුදු දොළහට වඩා අඩු දරුවන් අනාරක්ෂිත කරන දෙමාපියන්ටත් යම් නීතියක් ක්‍රියාත්මක විය යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සදහන් කළා ය.
ඒ මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 06 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේ දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, තමාව ආරක්ෂා කර ගැනීම සඳහා වන නිසි අධ්‍යාපනයක් අපේ රට තුළ නෑ. අඩුම ගානේ ළමයි අවුරුදු 12ක් 13ක් වුනාම තමයි තමන් යම් සිදුවීමකට මුහුණ දුන්නාම වෙන්න තියෙන නරක පිළිබඳ හැඟීමක් හරි ඇතිවෙන්නේ. ඒ නිසා උපතේ පටන් වයස අවුරුදු දොළහ දක්වා දරුවන්ව රැකබලා ගැනීමේ වගකීම හැම අම්මා තාත්තා කෙනෙක්ටම තියෙනවා. අපේ නීති පද්ධතිය ශක්තිමත් වෙන්න ඕනි. විශේෂයෙන්ම වයස අවුරුදු දොළහට වඩා අඩු දරුවන් අනාරක්ෂිත කරන දෙමාපියන්ටත් යම් නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනි. මොන්ටිසෝරි යන ළමයෙක් දන්නෙ නෑ තමාට මොකද වෙන්නේ කියලා. එතකොට ඒ වගේ වයස දරුවෙක්ව ආරක්ෂා කර ගැනීමේ සම්පූර්ණ වගකීම අම්මා තාත්තා භාරකරුවන් වෙත පැවරෙනවා. ඒකෙන් මිදිලා ඉන්න බෑ ඒගොල්ලන්ට. ඒ නිසා ළමයින්ව අනාරක්ෂිතව තියලා වැඩ කරන එකට මේ දෙමාව්පියනුත් වග කියන්න ඕන. කාර්යබහුල වෙන්න පුළුවන් ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන් ගැටලු තියෙන්න පුළුවන් නමුත් ඒ එකක්වත් දරුවන් අනාරක්ෂිත කිරීමට හේතුවක් නෙවෙයි. හැම ළමයෙක් කෙරෙහිම වගකීමෙන් රාජ්‍ය නිලධාරීන් විදිහට අපි බැඳිලා ඉන්නවා තමයි. හැබැයි ඒකෙ මූලික වගකීමෙන් දෙමාපියන්ට අයිති කොටසෙන් පලායන්න හෝ අත්මිදෙන්න ඒගොල්ලන්ට බෑ. ඒ නිසා ඒ පිළිබඳ අවබෝධය ඔවුන්ට ලබාදිය යුතුයි. යැයි අමාත්‍යවරිය සදහන් කළාය.
පොලිසිය, බන්ධනාගාර, උපදේශන, සේවා අංශ, ග්‍රාම නිලධාරීන්, පාසල් වනිතා සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ළමාරක්ෂණ නිලධාරීන්, සංවර්ධන නිලධාරී ඇතුළු නිලධාරීන් හා අංශ හරහා ලැබෙන ළමයින් පිළිබඳ තොරතුරු සියල්ල එකතු කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එක දත්ත පද්ධතියක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳවත් මෙම සියලු ආයතන සහ නිලධාරීන් අතර අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳවත් අමාත්‍ය තුමිය අවධාරණය කළාය.
මාතර දිස්ත්‍රික්කයේ ලක්ෂ තුනකට ආසන්න ළමා ජනගහනයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා සුරක්ෂිතතාව වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගැනීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ළමුන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ජීවිතය, ලිංගික හිංසනයන්ට ගොදුරු වීම, මත්ද්‍රව්‍ය පිළිබඳ ඔවුන්ගේ නැඹුරුව හා ඒ පිළිබඳව දැනුවත් වීම සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලදි.
විශේෂයෙන්ම දෙමාපියන් බන්ධනාගාරගතව සිටින දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය පිළිබඳ ව වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම වයස අවුරුදු 15-18 වයස්වල දරුවන් ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම, පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය වළක්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයක් වශයෙන් ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, කාන්තා රැඳුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සහ එය ස්ථාපිත කිරීම, විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන කාන්තාවන් සහ දරුවන් නීති ආධාර කොමිෂන් සභාවේ උපදෙස් සඳහා යොමු කිරීම, වතු ආශ්රිත දරුවන් පාසල් ගත කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
එපමණක් නොව පසුගිය කාල සීමාව තුළ මාතර දිස්ත්‍රික්කයේ ළමුන් වෙනුවෙන් සිදු කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම, ළමයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ළමා සුබසාධන වැඩසටහන් හා ඒවායේ ප්රතියද විමසා බලන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු ළමා හා කාන්තා සංවර්ධන ක්ෂේත්රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන් හා පොලිසිය ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

















