මාතර දිස්ත්‍රික් අධ්‍යාපන අනු කමිටු රැස්වීම, කමිටුවේ සභාපති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පසුගිය 2026 මාර්තු 09 වන දින පැවැති අනුකමිටු රැස්වීමේ දී ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය (Ocean University of Sri Lanka) මාතර, නාවිමන සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට යෝජනා වූ අතර මෙදින ඒ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමට අනුව නාවිමන සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය සහ විශ්ව විද්‍යාලයේ නිල එකඟතාව ලැබී ඇත.
මෙම සමස්ත ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ සංදේශය ගරු ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිත ය.
එහි පවතින ප්‍රධාන ගොඩනැගිල්ල විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු සඳහා භාවිත කිරීමටත්, එහි ඇති විලා (Villa) ගොඩනැගිලි 18 දුර බැහැර සිට පැමිණෙන නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් වෙන් කිරීමටත් සැලසුම් කර ඇත.
ඉදිරියේ දී මෙහි අධ්‍යාපනය ලබන සිසුන් 1,600 ක් වෙනුවෙන් නවාතැන් පහසුකම් ඇති කිරීම සඳහා සුදුසු ආරක්ෂිත ඉඩමක් හෝ ස්ථානයක් කඩිනමින් සපයා ගැනීමට තීරණය විය.
විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම සහ ආසන්නතම දුම්රිය ස්ථානය දක්වා වන මාර්ග පද්ධතිය හා පොදු ප්‍රවාහන සේවා කඩිනමින් වැඩිදියුණු කිරීමට අදාළ බලධාරීන් දැනුවත් කෙරිණි.
මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම කමිටු රැස්වීමේ දී මාතර, මුලටියන, අකුරැස්ස හා දෙණියාය අධ්‍යාපන කලාප 04 හි ම පාසල්වල පවත්නා ගැටලු, 2026 සැලැස්ම හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, නව 2026 වසරේ අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව, මාතර දිස්ත්‍රික්කයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අනාගතය වඩාත් විධිමත් කිරීම සහ වෘත්තීය පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම පිළිබඳව, 2026 වසර සඳහා වූ සැලසුම් පිළිබඳව, නව අධ්‍යාපන ප්රවණතා පිළිබඳව, පාසල් අනුබද්ධ කිරීමේ (School Mapping) කටයුතු නිසි ලෙස හඳුනා ගෙන ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිශාන් පතිරණ මහතා,මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරු, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු ඇතුළු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විවෘත විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල විද්‍යාතනය (Univotec), සාගර විශ්ව විද්‍යාලය, කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය (VTA, NAITA, NYSC, NIBM) ඇතුළු ආයතන රැසක රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.















