Meeting & GA Programme

16
ஜன2023

MEETING - 2026

செய்தி மற்றும் நிகழ்வுகள்

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ස්වභාවික ආපදා අවස්ථාවක දී ඔවුන් ගතයුතු ආරක්ෂාකාරී  පිළිවෙත් කුමක්ද? යන්න අවබෝධ කරදීමත්, එයින් ආරක්ෂාවන ආකාරය පැහැදිලි කිරීම සඳහාත්, ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරීන් විසින් මේ සදහා සම්පත්දායකත්වය සපයන ලදි.
මීට අමතරව ස්වශක්ති බල මණ්ඩල සභා රැස්වීමද මෙහිදී පැවැත්විය. එම සංවිධානය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පසුගිය අගෝස්තු මස 04 වන දින ජාතික මට්ටමින් හොඳම දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී ලෙස තෝරාපත් කර ගනු ලැබූ මාතර දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සම්පත් පුෂ්ප කුමාර මහතා ඇගයීම ද මෙහි දී සිදුවිය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය විසින් සංවිධානය කර තිබුණි. 

1234