Meeting & GA Programme

16
ஜன2023

MEETING - 2026

செய்தி மற்றும் நிகழ்வுகள்

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල රැස්වීම මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය බද්දේගම කුසල ස්වාමීන් වහන්සේගේත්, මාතර දිස්ත්‍රික් ගරු ලේඛකාධිකාරී පූජ්‍ය හක්මන ඥානවිමල ස්වාමීන් වහන්සේගේත් ගෞරවනීය වැඩමවීමෙන්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (02) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී ප්‍රථමයෙන්ම 2026 රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ නායිම්බල මිදෙල්වල පුරාණ විහාරයක කේන්ද්‍ර කර ගනිමින් දිස්ත්‍රික්කය පුරා අති සාර්ථකව පැවැත්වීමට සහයෝගය ශක්තිය ලබා දුන් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිවරුන් හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාත් සියලුම රාජ්‍ය නිලධාරීන්ට සිය ස්තූතිය හා පුණ්‍යානුමෝදනා කිරීම හක්මන ඥාන විමල ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.
2026 වර්ෂයේ සිසු නිපුණතා ප්‍රාදේශීය ඇගයුම් පරීක්ෂණ සැප්තැම්බර් මස 13 වනදාත්, දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයුම් පරීක්ෂණ ඔක්තෝබර් මස 11 වනදාටත්, පැවැත්වීමට අවශ්‍ය සූදානමත්, ගැටලු නිරාකරණයකර ගැනීම හා විනිශ්චය මණ්ඩලය තෝරාපත් කරගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
දකුණු පළාතේ සියලුම පිරිවෙන් නියෝජනය කරමින් එක් පිරිවෙනකින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දස (10) නමකට රුපියල් දස දහස බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සැප්තැම්බර් මස පස්වනදා මාතර ඉසදින් නගරයේ අශෝකාරාමයේ දී අදියර 02 ක් යටතේ පැවැත්වීම, එනම් පෙරවරු 7.30 ටත් පෙරවරු 9.30 ටත් වශයෙන් කණ්ඩායම් දෙකක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කිරීමට සූදානම් වන බවත් ඒ සඳහා සියලුම ලේඛකාධිකාරී සහ සභාපති ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීම අපේක්ෂා කරන බවත් මාතර දිස්ත්‍රික් ගරු ලේඛකාධිකාරී හක්මන ඥානවිමල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන ලදී. 
ස්වාමීන් වහන්සේලාට පෙරදිග හා බටහිර වෛද්‍ය සායනයක් සැප්තැම්බර් මස 30 වනදා මාතර හා කොටපොල නගර කේන්ද්‍ර කර ගනිමින් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා පැවසීය.
මෙම අවස්ථාවට මාතර  දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිවරු, ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා වැඩමවා සිටි අතර මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, මාතර දිස්ත්‍රික්කයේ බෞද්ධ සමායෝජක මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්  සහභාගී වී සිටියහ.
මෙම වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බෞද්ධ කටයුතු අංශය මගින් සංවිධානය කර තිබුණි.
792206830 900624009517497 2399821120626876073 n792705453 1410850364356605 1511178025605912331 n792718377 28039753032363998 1847573865835703482 n793678281 1080154391192898 6472353671699679303 n