රැස්වීම් සහ දෛනික වැඩසටහන්

16
ජන2023

MEETING - 2026

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාඡ්‍ය  නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහි දි 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබද පුර්ණ විවරණයක් සිදුකරන ලදි. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ නීතිඥ ජගත් ලියනආරච්චි මහතා විසිනි.

තොරතුරු පනතේ ආරම්භය, අවශ්‍යතාව හා ඒ පිළිබඳ නීතිමය මුලාශ්‍ර, පනතේ ඇති වටිනාකම, මෙම පනතට යටත්වන අයට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා හා තොරතුරු ඉල්ලිමකට පෙර අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද? යන්නත්, තොරතුරක් ඉල්ලුම් කිරීමෙන් අනතුරුව තොරතුරු ලබාදීමට ගත යුතු නිශ්චිත කාලය පිළිබඳව වඩාත් සරලව නිවැරදි පැහැදිලි කරලීමක් සිදු කරන ලදි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජනය කරමින් සහකාර ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාඡ්‍ය  නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.

454522674 1068463081949901 3353557886603793648 n 454504317 1068463161949893 7843206546305864077 n

454550091 1068463068616569 2691274098939419510 n 454589835 1068463251949884 5707800496635719156 n