ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
පහත දැක්වෙන සැපයුම්, වැඩ හා සේවා සඳහා ලියාපදිංචි වීම පිණිස සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් හා ව්‍යාපාරික ආයතන වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.
- සැපයුම්:-
අයිතම
අංකය
01-1 පරිගණක හා පරිගණක උපාංග
01-2 ඡායා පිටපත් යන්ත්‍ර හා උපාංග
01-3 වායු සමීකරණ යන්ත්‍ර/විදුලි සෝපාන
01-4 විදුලි සහ විද්‍යුත් උපකරණ
01-5 කාර්යාලීය උපකරණ හා ගෘහ භාණ්ඩ
01-6 කාර්යාලීය ලී බඩු , වානේ භාණ්ඩ සහ ගෘහ උපකරණ
01-7 ඉදි කිරීම් ක්ෂේත්රයේ යන්ත්‍ර උපකරණ සැපයීම
01-8 ඉදිකිරීම් ද්‍රව්‍ය/ගොඩනැගිලි ද්‍රව්‍ය
01-9 මෝටර් රථ බැටරි
01-10 ටයර්, ටියුබ් හා මෝටර් රථ අමතර කොටස්
01-11 රබර් මුද්‍රා, ප්ලාස්ටික් වැඩ හා නාම පුවරු
01-12 නිල ඇඳුම් හා රෙදිපිළි
01-13 සියලුම වර්ගවල ලිපි ද්‍රව්‍ය, පරිගණක ලිපි ද්‍රව්‍ය
01-14 පොත්, සඟරා හා වාර ප්‍රකාශන
01-15 ආහාර සැපයීම
01-16 මහජන ඇමතුම් පද්ධති
01-17 CCTV කැමරා පද්ධති
01-18 ජංගම උත්සව ශාලා , ජංගම වේදිකා , ගෘහ භාණ්ඩ , උත්සව භාණ්ඩ බදු ගැනීම
01-19 වාහන බදු පදනම මත සැපයීම
01-20 කෘෂිකාර්මික වැඩ සටහන් සඳහා රෝපණ ද්‍රව්‍ය
01-21 ක්‍රීඩා උපකරණ /සෙල්ලම් මිදුල ක්‍රීඩා උපකරණ
01-22 පිහිනුම් තටාක ජල පිරිපහදු පද්ධති සදහා තාක්ෂණික සේවය සහ එම ද්‍රව්‍ය සැපයීම
01-23 සංගීත භාණ්ඩ
01-24 COVID -19 වෛරසය වැලැක්වාලීමට අවශ්‍ය සෞඛ්යාරක්ෂිත ද්‍රව්‍ය හා උපකරණ
01-25 කාබනික පොහොර හා දියර පොහොර
- වැඩ:-
අයිතම
අංකය
02-1 ගොඩනැගිලි ඉදිකිරීම හා අලුත්වැඩියා
02-2 ජල නළ ඉදිකිරීම හා අලුත්වැඩියා
02-3 මහා මාර්ග ඉදිකිරීම හා අලුත්වැඩියා
02-4 සුළු වාරිමාර්ග ඉදිකිරීම හා අලුත්වැඩියා
02-5 යකඩ, වෑද්දුම් වැඩ හා අලුත්වැඩියා
02-6 විදුලි අලුත්වැඩියාවන් හා සේවා කිරීම්
02-7 දුරකථන පද්ධතිය අලුත්වැඩියා කිරීම
02-8 වඩු වැඩ හා කාර්යාලීය උපකරණ අලුත්වැඩියාව
02-9 වායු සමීකරණ යන්ත්‍ර සවි කිරීම හා අලුත්වැඩියා
02-10 පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, රෝනියෝ යන්ත්‍ර, යතුරුලියන , වායු සමීකරණ යන්ත්‍ර, කාර්යාල උපකරණ අලුත්වැඩියා හා සේවා කිරීම්
02-11 පරිගණක මෘදුකාංග ස්ථාපනය හා පාලනය කිරීම
02-12 මුද්‍රණ කටයුතු
02-13 ඩිජිටල් මුද්‍රණ කටයුතු (බැනර්, පෝස්ටර්, ලිපි ශීර්ෂ) ඡායාරූප මුද්‍රණය
02-14 තිරරෙදි හා නිල ඇඳුම් මැසීමේ සේවා
02-15 මෝටර් රථ අලුත්වැඩියා කිරීම
02-16 යතුරුපැදි සහ ත්‍රීවීලර් අළුත්වැඩියා කිරීම
02-17 වාහන කුෂන් වැඩ, කැනපි ගැසීම ආදිය
02-18 වාහන වාර සේවා කිරීම්
02- 19 ඇලුමිනියම්, විවධ ද්‍රව්‍ය භාවිතයෙන් ගොඩනැගිලි වෙන්කිරීම්
02- 20 වේනාශක යෙදීම
02 - 21සුදු යකඩ අත්වැටවල් සවි කිරීම
02- 22 Chemical Anchoring
03.සේවාවන්:-
අයිකම
අංකය
03- 1 උපදේශක සේවා (වරලත් විදුලි , සිවිල් , යාන්ත්‍රික ඉංජිනේරු සේවා)
03- 2 ආරක්ෂක සේවා
03- 3 පවිත්‍රතා සේවා
අයදුම්පත මාර්ගගතව (Online) යොමු කිරීම සඳහා
https://forms.gle/DiC6zepyLsbCgm9x8
අයදුම්කරුවන් විසින් පහත විස්තර ඇතුලත්ව අයදුම්පත සකස් කරගත යුතුවේ.
- ලියාපදිංචි වීමට අයදුම්කරන අයිතම අංකය හා අයිතමය
- අයදුම්කරුගේ /ව්‍යාපාරික ආයතනයේ නම හා ලියාපදිංචි ලිපිනය
- දුරකථන අංකය, ෆැක්ස් අංකය, ඊ-මේල් ලිපිනය
- ව්‍යාපාර ලියාපදිංචි අංකය (සහතික කළ ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුයි)
- එකතු කළ අගය මත බද්ද ලියාපදිංචි වී ඇත්නම් එහි අංකය ( පිටපත් ඉදිරිපත් කළ යුතුය)
- මුදල් ඇණවුම් අංකය , දිනය හා මුදල් ගෙවූ තැපැල් කාර්යාලය
නැතහොත්
අයදුම්පත භාගත කිරීම සඳහා
කොන්ත්‍රාත්කරුවන් සදහා තිබිය යුතු නිර්නායක
I. (CIDA) ආයතනයේ ලියාපදිංචි වී ඇත්නම් අදාල ශ්‍රේණිය හා විෂය ඇතුලත් පොතේ පිටපතක්
II. පිළිගත් සමිතියක් නම් ලියාපදිංචි සහතිකයේ පිටපතක්
III. රජයේ දෙපාර්තමේන්තුවක නම් ලියාපදිංචි සහතිකයේ පිටපතක්
IV. ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සහතිකයේ පිටපතක්
එක් අයිතමයක් වෙනුවෙන් රු. 400.00 ක මුදලක් අය කෙරේ. අදාල මුදල මාතර දිස්ත්‍රික් ලේකම් ගිණුම් අංක 0007041859 (ලංකා බැංකුව අධිශ්‍රේණි ශාඛාව - මාතර) ට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සරප් වෙත බැර කර රිසිට්පත අයදුම්පත සමග අප වෙත ඉදිරිපත් කල යුතුය. මෙය ආපසු නොගෙවන ලද තැන්පතුවකි.
අයදුම්පත් 2022 දෙසැම්බර් මස 31 වන දිනට හෝ ඊට පෙර “දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර” යන ලිපිනයට ලැබෙන සේ “2023 වසර සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම” යනුවෙන් කවරයේ වම්පස ඉහල කෙළවරේ සටහන් කර ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුය.
මිලගණන් ඉදිරිපත් කිරීමට හෝ භාර දුන් ඇණවුම් සැපයීමට අපොහොසත් වන අයදුම්කරුවන්ගේ නම් කලින් දැනුම් දීමකින් තොරව ලැයිස්තුවෙන් කපා හරිනු ලැබේ. ලියාපදිංචි වීම සඳහා එවනු ලබන අයදුම්පතක් කිසිදු හේතු දැක්වීමකින් තොරව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය දිස්ත්‍රික් ලේකම් සතුය.
වයි. වික්‍රමසිරි,
දිස්ත්‍රික් ලේකම්/දිසාපති
මාතර.
2022.10.31 වැනි දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ය.