මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වු සහ ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රගතිය විමසා බැලීම හා එම ව්‍යාපෘති වලට ආදාළ ගැටලු පිළිබඳව මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? යන්න පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා වු 2024 සැප්තැම්බර් මාසයට අදාළ මාතර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් සාකච්ඡාව මාතර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (26) දින මාතර සංචාරක නිවාසයේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින සංවර්ධන ගැටලු, මුල්‍ය ගැටලු, ඉඩම් ගැටලු, සමෘද්ධි ගැටලු ආදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව සාර්ථක කරගැනීමට ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීමේ අරමුණින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක සරුසාර මාතොට - වගා සංග්‍රාමය පිළිබඳව, විමධ්‍යගත අයවැය වැඩසටහන, කදුකර දශකය වැඩසටහන, අලුත්ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන, ගෘහාශ්‍රිතව එළුවන් ඇතිකිරීමේ වැඩසටහන, සමාජ සුබසාධන ප්රතිලාභ වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක ප්‍රගතිය විමසා බැලීම ද සිදු කෙරිණි.
එමෙන් ම ඉඩම් සම්බන්ධ ගැටලු, අභ්‍යන්තර විගණන කටයුතු, ගිණුම් කටයුතු, කෘෂිකර්ම කටයුතු, ආපදා සහන සේවා කටයුතු, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා පිළිබඳව, සමාජ සේවා කටයුතු පිළිබඳව ද සකච්ඡා කරන ලදි.
පසුගියදා අවසන් වු 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් කැපවී කටයුතු කළ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ට මාතර දිස්ත්‍රික් ලේකම් වරයාගේ ප්‍රශංසාව හිමි විය.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂ නාලිකා දොඩම්පෙගම මහත්මිය ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් ප්‍රාදේශිය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.









