මාතර දිස්ත්රික්කයේ නිල්වලා ගඟ ආශ්රිත ලවණ බාධකය හේතුවෙන් මාලිම්බඩ ගොවිජන සේවා බල ප්රදේශයේ වගා කරන ලද ගොවින් 631 දෙනෙකුට වන්දි ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා (09) තෙලිජ්ජවිල සමරසිංහාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
ගොවි ජනතාව මුහුණ දෙන අලාභ හානි සඳහා කඩිනමින් සහන සැලසීම රජයේ ප්රතිපත්තියක් වන අතර, එය ප්රායෝගිකව ක්රියාත්මක කිරීමක් ලෙස මෙම වන්දි ප්රදාන වැඩසටහන ක්රියාවට නංවන ලදි.
මෙම වන්දි මුදල් සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1,200 ක ප්රතිපාදන වෙන් කර තිබේ. එමඟින් වසර ගණනාවක් පුරා වන්දි අපේක්ෂාවෙන් සිටි ගොවි ජනතාවට වන්දි ප්රදානය කිරීම සිදු කෙරේ.
මේ අවස්ථාවට ගරුතර මහාසංඝ රත්නය, ප්රතිලාභී ගොවීන්, මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය එල්.එම්.අබේවික්රම මහතා, මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජන්ත ගම්මැද්දගේ මහතා, මාලිම්බඩ ප්රාදේශීය සභාවේ සභාපති නිලන්ත රණවීර මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
![]() |
|
|
![]() |
![]() |








