මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි - ආපදාවටපත් ජනතාවට සහන සැලසීම කෙරෙහි විශේෂ අවධානය

============================================

මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවත්විණි.

එහි දී මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

අවතැන් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සුරක්ෂිත මධයස්ථාන ක්‍රියාත්මක කෙරෙන අතර ආපදාවටපත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අදාළ  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ ඍජු මැදිහත්වීම මත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාවට නැංවේ.

 387854152 842343614561850 1616176552034497619 n
 387844568 842343881228490 297543563005542098 n
 391374669 842343074561904 2340218554574614573 n
 391681113 842343394561872 3092849163872870410 n
 391458943 842343027895242 5474714933803580597 n
 391401166 842343351228543 7042872901547941098 n
 387874851 842343444561867 3102364913016306676 n
 387845067 842342954561916 4271324401780104421 n