මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයේ තුන්වන අදියරට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දින දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී පැවැත්විණි.

“සරුසාර මාතොට” වගා සංග්‍රාමයේ තුන්වන අදියර යටතේ ගෙවතු වගාව දිරිගැන්වීම, මාතර දිස්ත්‍රික්කයේ ආදර්ශවත් සමුහ ගොවිපල ඇති කිරීම, නව කුඩා ව්‍යවසායකයින් බිහිකිරීම, ගෘහස්ත ඵදායීතාව වැඩිදියුණු කිරීම, පාසල් හැරයන හා උසස් අධ්‍යාපනයට යොමු නොවන තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දී රැකියාගත කිරීම, ආර්ථික සහ සමාජීය වශයෙන් ආන්තික පවුල් 6500 ක් සවිබල ගැන්වීම දක්නට ලැබෙන අතර මෙහි දී ඊට අදාළ ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරිණි.

මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම, දරිද්‍රතාව පිටු දැකීම, මන්ද පෝෂණය තුරන් කිරීම, නවෝත්පාදන හා වෙළදපොල අවස්ථා ප්‍රවර්ධනය තුළින් රැකියා අවස්ථා ඉහළ නැංවිම හා අපනයන ආශ්‍රිත නිෂ්පාදන අවස්ථා ප්‍රවර්ධනය තුළින් රැකියා අවස්ථා ඉහළ නැංවිම මෙහි දිගු කාලීන අරමුණු වේ.

මෙහි දී පෝෂ්‍යදාය ආහාර රටාවක් ජනතාව තුළ ප්‍රචලිත කිරීම, උපරිම භූමි පරිභෝජනය හා භෝග මඟින් භූමි අලංකරණය, කාබනික ගෙවතු වගා ප්‍රචලිත කිරීම මඟින් වස විසෙන් තොර අහාර සඳහා යොමු කිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම, අතිරික්ත වගා ඵලදාව අලෙවිය තුළින් ජනතාවගේ ආදායම් උත්පාදන මාර්ග වැඩි කිරීම හා කෘෂි අපනයන ප්‍රවර්ධනය, පරිසර හිතකාමි ජීවන රටාවකට ජනතාව හුරු කිරිම හා තිරසර ගෘහ ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය කිරිම ද අරමුණු කෙරේ.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු “සරුසාර මාතොට” දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

5  6

1  2

3&nbsp ;4

 

මාතර දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය මගින් 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩසටහන් පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහි දී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන වැඩිහිටි බල මණ්ඩල මගින් කොට්ඨාශයේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික්  ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, සහකාර දිස්ත්‍රි‍ක් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දහසය නියෝජනය කරන වැඩිහිටි බල මණ්ඩලවල සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික සහ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහභාගි වී සිටියහ.

1

2

4

3

 

" හදමු අලුත් රටක් '' තේමාව යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76 වන අභිමානවත් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.

මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා ජාතික කොඩිය එසවීමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් හා එක්ව ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්විණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්යමණ්ඩලය සහභාගි වී සිටියහ.

 

2jpg 3

5

6

8

9  4

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් පවුල් 2000 ක දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම සිදු කිරීමට නියමිත අතර එහි මූල්‍ය වටිනාකම රුපියල් කෝටියකට අධික වේ.

එහි සමාරම්භක වැඩසටහන ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර නූපේ සණස ශාලාවේ දී පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, තිහගොඩ, අතුරලිය හා මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ගංවතුරින් පීඩාවට පත් පවුල්වල පාසල් දරු දැරියන් 700 නෙනෙකු සඳහා මෙම පාසල් උපකරණ කට්ටල පිරිනැමීම සිදු කරන ලදි.

පොත්, බෑග්, පෑන්, පැන්සල්, මකන හා කවකටු පෙට්ටි ඇතුළු පාසල් උපකරණ ඒ අතර වේ. එක් උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් 5500.00 ක් වන අතර ඒ අනුව මෙදින ලබාදෙන ලද පාසල් උපකරණවල වටිනාකම රුපියල් 3850,000.00 කි.

මේ අවස්ථාවට ප්‍රතිලාභී දරු දැරියන් හා ඔවුන්ගේ දෙමව්පියන්, අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශි ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

428496516 943669501095927 9140975712588532355 n  428480703 943668617762682 36908660385541568 n

425280576 943669741095903 4069162376012014159 n  417578424 943669104429300 293491001998638871 n

425297970 943669001095977 7732146920408069769 n  417496751 943668691096008 7242502397264407730 n

425275967 943668911095986 8162352097797823942 n  425420263 943669114429299 8445124662345825832 n

මාතර දිස්ත්‍රික්යේ 800,000 ට අධික ජනතාවට සේවය කිරීම සඳහා ස්ථාපිත මාතර දිස්ත්‍රික්යේ  ප්‍රමුඛතම රාජ්‍ය  ආයතනය වන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ප්‍රදේශයේ ගරුතර මහාසංඝ රත්නය ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.

මෙහි දී නිලධාරීන් ඇමතූ මාතර මහ දිසාපතිතුමා මෙසේ පැවසී ය.

“මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් යහපත් තැනකට මෙහෙයවීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සියලු දෙනාගේ ම වගකීමක්. එය වඩාත් සඵලදායීව ජනතාව වෙත ගෙනයන්න උපරිම කැපවීමෙන් කටයුතු කරන්න උත්සාහ කරමු. අපි ඉන්නෙ අර්බුධකාරී වාතාවරණයක. අපිට තියෙන වගකීම වෙන්නෙ ඒ ගැන කතාකරමින් ඉන්න එක නෙමෙයි. ඒ සඳහා රජයේ නිලධාරීන් විධියට, මහජනතාවගෙන් වැටුප් ලබන පිරිසක් විධියට අපිට කරන්න පුළුවන් පුංචි හරි කාර්ය භාරය හඳුනාගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු දෙනා බොහොම ඕනකමින්, කැපවීමෙන්, විනිවිදභාවයෙන් හා වගකීමෙන් කටයුතු කරන්න සූදානම් බව මම දන්නවා.”

මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.

415009071 898292378966973 3358651421812938116 n 415009071 898292378966973 3358651421812938116 n

415034278 898293182300226 8816300648742307920 n 415009071 898292378966973 3358651421812938116 n

415009071 898292378966973 3358651421812938116 n 415009071 898292378966973 3358651421812938116 n

415009071 898292378966973 3358651421812938116 n 415009071 898292378966973 3358651421812938116 n

415009071 898292378966973 3358651421812938116 n 415009071 898292378966973 3358651421812938116 n