හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගනේෂ අමරසිංහ මහතා අතර සුහද හමුවක් අද (16) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු විය.

මෙහි දී ඔවුන් මාතර දිස්ත්‍රික්යේ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව සහ එළඹෙන ජාත්‍යන්තර යෝගා දින සැමරුම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.මෙහි දී දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

440874181 1007622178033992 4017635519883796678 n 441585571 1007622238033986 1288236595759567786 n

 

නිල්වලා ගඟ ආශ්‍රිත ගැටලු හඳුනාගෙන කඩිනම් වාර්තාවක් ලබා ගැනීමට රුහුණු විශ්ව විද්‍යාලය මුලික කොටගෙන විද්වත් මණ්ඩලයක් පත් කිරීමට යෝජනා.

-------------------------------------------------------------------------

ගැටලුව නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ජා කොට අදහස් ලබා ගැනීමට කාරක සභාව තීරණය කරයි.

-------------------------------------------------------------------------

නිල්වලා ගඟේ ජලය ගලා බසින ප්‍රධාන ඇල මාර්ග වහාම සුද්ද පවිත්‍ර කිරීමට යෝජනා.

-------------------------------------------------------------------------

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ සභාපතිවයෙන්.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් නිල්වලා ගඟ ආශ්‍රත ගැටලුව වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුන දෙයක් බව පෙන්වා දුන්හ. ඒ අනුව එම ගැටලුව, කාරක සභාවේ සමාජිකයින් නිවැරදිව අවබෝධ කරගැනීම උදෙසා මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිතව විවිධ විද්වතුන් සිදුකල අධ්‍යයන හැදෑරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ජා විය. කෙටි වර්ෂාවකදී පවා වර්තමානය වන විට නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් පත්වන අපහසුතාව පිළිබඳව ද කාරක සභාව දැඩි අවධානය යොමු කරන ලදී. මේ තත්ත්වය තුල එම ප්‍රදේශයේ ගොවීන්ට දැනටමත් කන්න ගණනාවක් වගා කිරීමට නොහැකි වී ඇති බවත් ඉදිරි වර්ෂා සහිත කාලයට පෙර මෙම ගැටලු වලට විසදුම් ලබාදීම ආරම්භ කලයුතු බව කාරක සභා සාමාජිකයින් පැවසුහ.

එහිදී මුලිකවම රුහුණු විශ්ව විද්‍යාලය මුලික කොටගෙන, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්වත් මණ්ඩලයක් පත් කොට ස්වාධීනව නිල්වලා ගඟ ආශ්‍රිත ගැටලු හඳුනාගෙන කඩිනම් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කෙරිණි.

තවද ගැටලු නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ජා කොට එම ගැටලුවලට විසඳුම් පිළිබඳ අදහස් ඔවුන්ගෙන් ලබා ගැනීමටත් කාරක සභාව තීරණය කරන ලදී.

එමෙන්ම ඉදිරි වර්ෂා සහිත කාලගුණ තත්ත්වයට පෙර නිල්වලා ගඟේ ජලය ගලා බසින ප්‍රධාන ඇල මාර්ග වහාම සුද්ද පවිත්‍ර කිරීමට මෙහිදී තීරණය කෙරිණි. එහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරිය දැනටමත් ඇල මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පෙන්වා දුන්නාය.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ඩලස් අලහප්පෙරුම, ගරු බුද්ධික පතිරණ, ගරු වීරසුමන වීරසිංහ, ගරු නිපුණ රණවක යන මත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

1 5

මාතර දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගෙවතු වගාව දිරිගැන්වීම මගින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම අරමුණුකර ගනිමින් එක්ව වවමු - මාතොට නංවමු යන මැයෙන් ක්‍රියාත්මක “සරුසාර මාතොට” වගා සංග්‍රාමයට සමගාමීව පවත්වන ලද “මාතොට බීච් ෆෙයාර් - 2024“ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29, 30 හා 31 දින වල දී මාතර වෙරළ උද්‍යානයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 

රජයේ මුදල් වැය කිරීමකින් තොරව, මාතර දිස්ත්‍රික්කයේ සංචාරක ප්‍රවර්ධනය, මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය අරමුණකර ගනිමින් “මාතොට බීච් ෆෙයාර් - 2024“ පවත්වන ලදි.

මෙහි දී වැලි මාළිගා තරඟ, ළමා විනෝද ක්‍රීඩා, මාතර දිස්ත්‍රික්කයේ පාසල්වල විශේෂ සංස්කෘතිකාංග, සංගීත වැඩසටහන් හා දේශීය නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටි, විවිධ ආහාර පාන සහිත වෙළඳ කුටි, විසිතුරු භාණ්ඩ සහිත වෙළඳ කුටි ඇතුළු වෙළඳ කුටි රැසක් ද ස්ථාපිත කර තිබිණි.

මීට අමතරව දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන “සදර්න් වොයිස් ටැලන්ට්“ වැඩසටහනට අදාළව ගායනා ඉදිරිපත් කිරීම ද සිදු කෙරිණි.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර මහා නගර සභාව හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව මෙම “මාතොට බීච් ෆෙයාර් - 2024“ සංවිධානය කරන ලද අතර හම්බන්තොට - ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය ද මේ සඳහා සහාය දක්වන ලදි.

i j

k n

6 8

“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සින්නක්කර ඔප්පු 10,000 ක් ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහන පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර / දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනා අතර සුවිශේෂී යෝජනාවකි.

ඒ අනුව උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ විස්සක් (ලක්ෂ20) ලබා දීමේ ජාතික වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාවට නැංවේ.

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දහසයම ආවරණය වන පරිදි ජංගම සේවා පවත්වා ජනතාව දැනුවත් කිරීම හා අදාළ පරික්ෂා කිරීම් සිදු කරමින් පවතී.

ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ දී මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නිකුත් කළ හැකි උරුමය සින්නක්කර ඔප්පු (නිදහස් දීමනා පත්‍ර) හා ඒවා නිකුත් කිරීමේ දී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

මෙහි දී අදහස් දැක්වූ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා සඳහන් කළේ ,

ඉඩමේ අයිතිය කියන්නෙ, ඉඩම් ඔප්පුව කියන්නෙ, ඉඩම විතරක් නෙමෙයි, ජනතාවගේ ජීවිතය. මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඇති වී තිබෙන ඉඩම් ගැටළු නිසියාකාරව විසඳා ඔවුන්ට නිරවුල් ඉඩම් අයිතිය ලබාදීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන “උරුමය“ වැඩසටහන ඉතාම කාලෝචිත වැඩපිළිවෙලක්. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ නිරවුල් ඉඩම් ඔප්පු 10,000 ක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙසේ පැවසුවාය.

2024 අයවැය යෝජනාවල ප්‍රධාන යෝජනාවක් තමයි, “උරුමය“ සින්නක්කර ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන. මේ වැඩසටහන ජනතාවට දැනෙන වැඩසටහනක්. ඉඩම් අමාත්‍යංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනයන් මේ සඳහා සහාය ලබාදෙනවා. උරුමය ඔප්පු ලබා දීමේ වැඩසටහන අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනවා. මැන ඇති අවසර පත්‍ර ලබා දී තිබෙන ගැටළු නොමැති ඒවා පළමු අදියර යටතේත්, මැන ඇති දීමනා පත්‍ර සහිත ගැටළු නැති ඒවා දෙවන අදියර යටතේත්, මැන නැති අවසර පත්‍ර ඇති ගැටළු නැති ඒවා තුන් වැනි අදියර යටතේත්, මැන නැති දීමනා පත්‍ර ඇති ගැටළු නැති ඒවා සිව්වැනි අදියර යටතේත් උරුම කමිටු වෙත යොමු කළ යුතු ගැටළු සහිත ඒවා පස්වැනි අදියර යටතේත් ක්‍රියාත්මක කරනවා.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතා, ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නුවණි සුදුසිංහ මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් මිනුම්දෝරු අධිකාරී, ඉඩම් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යාලය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් වැඩසටහන සංවිධානය කරන ලදි.

0 n 1 n

2 n 3 n

 

4 n 5 n

 

6 n 3 n

 

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී කඳුකර දශකය වැඩසටහන, විවිධ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම, මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම වෙනුවෙන් ඇල මාර්ග පිරිසිදු කිරීම, මාර්ග නඩත්තු කිරීම්, සෞඛ්‍ය, මත්කුඩු වැටලීම් ඇතුළු දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය වැනි කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

මීට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු සහ යෝජනා, මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2024 සංවර්ධන සැලැස්ම, නගර සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත් පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ කටයුතු ආදියට අදාළ ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පොලිසිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

ha