මාතර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන "සුවපත් පවුර" සති දෙකක ඒකාබද්ධ වැඩසටහනට සමගාමීව ජුනි මස 21 වන දින මාතර නගරය ආවරණය වන පරිදි දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් අද දින සංවිධානය කෙරිණි. මෙහිදී මාලිම්බඩ ප්‍රාදේශීය සභාව, හිත්තැටිය ප්‍රදේශවාසීන් එක්ව හිත්තැටිය කොට්ඨාස පිරිසිදු කරමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට සක්‍රීය දායකත්වය ලබා දෙන ලදී.




මාතර දිස්ත්‍රික්කයේ වතු ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් ලබා දීම පිළිබඳව සාකච්ඡාවක් ජුනි මස 19 වන දින කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කයේ වතු ප්‍රජාව මුහුණ දෙන නිවාස ප්‍රශ්නය, පිරිසිදු ජල පහසුකම් පිළිබඳ ප්‍රශ්නය, වැසිකිලි ප්‍රශ්නය, පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නය, අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටලු ආදී මූලික ප්‍රශ්න මෙන්ම තවත් ගැටළු රාශියකට ස්ථීර විසඳුම් ලබාදීම පිළිබඳව නිලධාරීන් සහ ප්‍රදේශීය මහජන නියෝජිතයින් සමග සාකච්ඡා කරන ලදි.
මෙහි දී අමාත්‍යවරිය විශේෂයෙන් සඳහන් කරන ලද්දේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම සහ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම නව රජයේ ප්‍රධාන අරමුණක් බවත්, 2029 වනවිට ශ්‍රී ලංකාවේ සියලු පැල්පත් නිවාස ඉවත් කර සියලු පුරවැසියන්ට ආරක්ෂිත නිවාසයක් ලබාදීමට කටයුතු කරන බවත් ය.
මෙම සාකච්ඡාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.




දකුණු පළාත් සංවර්ධන සැලැස්මට අදාළව 2026 වර්ෂයේ පළමු කාර්තු 02 තුළ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මාර්ගගතව සම්බන්ධවීමත් සමඟ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 20 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී දකුණු පළාත් සභා සංවර්ධන සැලැස්මට අදාළව මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර එහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු හා විසඳුම් ද, දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේත්, දකුණු පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේත්, දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යාංශයේත්, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් සංවර්ධන අධිකාරියේත්, ඉදිකිරීම්, මිල දී ගැනීම්, ව්‍යාපෘති හා වැඩසටහන් පැවැත්වීමට අදාළව 2026 වර්ෂයේ ප්‍රථම කාර්තු දෙකෙහි ප්‍රගතිය සමාලෝචනය කරන ලදි.
ඊට අමතරව දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග අමාත්‍යාංශය, දකුණු පළාත් ධීවර, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික, සමාජ සුභසාධන අමාත්‍යාංශය, දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ආදී ආයතනවල කටයුතු පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කළ අතර මීළඟ කාර්තුවට අදාළව සැප්තැම්බර් මසට ප්‍රථම සියලුම ව්‍යාපෘතිවල කටයුතු කඩිනම් කරමින් එහි ප්‍රගතිය ඉහළ නැංවීම සඳහා කැපවිය යුතු බව තීරණය විය.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජන්ත ගම්මැද්ද, ලාල් ප්‍රේමනාත් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම්ගේ මහතා මෙන්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩලවල ප්‍රධානීන් ද, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ද, මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ක්‍රම සම්පාදන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.





නිරතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් සීග්‍රයෙන් ඩෙංගු රෝග පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බව හඳුනාගෙන ඇති අතර එබැවින් මාතර දිස්ත්‍රික්කයේ මාතර මහ නගර සභා සීමාව තුළ හඳුනාගත් ස්ථාන 89 ක් පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ මූලික දැනුවත් කිරීම ජුනි මස 21 වන දින මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මීට පෙර අවස්ථාවන්වල ගෙයින් ගෙට ගොස් ප්‍රජාව දැනුවත් කිරීම සිදු කළ අතර අද දින නිවාඩු දිනයක් වන හෙයින් ප්‍රදේශවාසී සියලු දෙනාගේ ම සහභාගිත්වයෙන් මාතර මහ නගර සභා සීමාව තුළ හඳුනාගත් ස්ථානයන් 89 ක් පිරිසිදු කර ඩෙංගු අවදානමින් මාතර දිස්ත්‍රික්කය මුදවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කරන ලදි.
මේ සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර මහ නගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය ඒකක, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා සහ නගර සභා, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු හඳුනාගත් ස්ථානයන්හි ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම කැප කිරීම සමග මදුරු උවදුර මාතර පුරවරයෙන් තුරන් කිරීමට ගන්නා උත්සාහයක් වන බවත් එයට සියලු දෙනාගේ ම සහභාගීත්වය, සහයෝගය අවශ්‍ය බවත් මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය ප්‍රකාශ කර සිටියා ය.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත් යන මහත්වරුන්, මාතර නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ මහතා,
නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.


මාතර දිස්ත්‍රික්කයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ වැඩසටහන
2026 2026 ජුනි 12 වැනිදා සිට ජුලි 01 දක්වා
ලෝක පරිසර දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් දිස්ත්‍රික් විද්‍යුත් අපද්‍රව්‍ය එකරැස් කිරීමේ වැඩසටහන
පරිසරයට හානිකර කුඩා විද්‍යුත් අපද්‍රව්‍ය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය සභාව වෙත ගෙනවිත් භාර දෙන්න.






