මාතර දිස්ත්‍රික් අධ්‍යාපන අනු කමිටු රැස්වීම, කමිටුවේ සභාපති, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පසුගිය 2026 මාර්තු 09 වන දින පැවැති අනුකමිටු රැස්වීමේ දී ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය (Ocean University of Sri Lanka) මාතර, නාවිමන සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට යෝජනා වූ අතර මෙදින ඒ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමට අනුව නාවිමන සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය සහ විශ්ව විද්‍යාලයේ නිල එකඟතාව ලැබී ඇත.
මෙම සමස්ත ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ සංදේශය ගරු ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිත ය.
එහි පවතින ප්‍රධාන ගොඩනැගිල්ල විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු සඳහා භාවිත කිරීමටත්, එහි ඇති විලා (Villa) ගොඩනැගිලි 18 දුර බැහැර සිට පැමිණෙන නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් වෙන් කිරීමටත් සැලසුම් කර ඇත.
ඉදිරියේ දී මෙහි අධ්‍යාපනය ලබන සිසුන් 1,600 ක් වෙනුවෙන් නවාතැන් පහසුකම් ඇති කිරීම සඳහා සුදුසු ආරක්ෂිත ඉඩමක් හෝ ස්ථානයක් කඩිනමින් සපයා ගැනීමට තීරණය විය.
විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම සහ ආසන්නතම දුම්රිය ස්ථානය දක්වා වන මාර්ග පද්ධතිය හා පොදු ප්‍රවාහන සේවා කඩිනමින් වැඩිදියුණු කිරීමට අදාළ බලධාරීන් දැනුවත් කෙරිණි.
මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම කමිටු රැස්වීමේ දී මාතර, මුලටියන, අකුරැස්ස හා දෙණියාය අධ්‍යාපන කලාප 04 හි ම පාසල්වල පවත්නා ගැටලු, 2026 සැලැස්ම හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, නව 2026 වසරේ අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව, මාතර දිස්ත්‍රික්කයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අනාගතය වඩාත් විධිමත් කිරීම සහ වෘත්තීය පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම පිළිබඳව, 2026 වසර සඳහා වූ සැලසුම් පිළිබඳව, නව අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳව, පාසල් අනුබද්ධ කිරීමේ (School Mapping) කටයුතු නිසි ලෙස හඳුනා ගෙන ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිශාන් පතිරණ මහතා,මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විවෘත විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල විද්‍යාතනය (Univotec), සාගර විශ්ව විද්‍යාලය, කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය (VTA, NAITA, NYSC, NIBM) ඇතුළු ආයතන රැසක රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
753760382 1361970402575561 6473486548200652461 n754463030 1420937289872660 4875964671698292006 n752936842 1037749848623074 8340528072914784107 n752514984 829088363504374 636076483251493133 n
උපතේ සිට වයස අවුරුදු දොළහ දක්වා දරුවන්ව රැකබලා ගැනීමේ වගකීම හැම අම්ම තාත්තා කෙනෙක්ටම තිබෙන බවත් ඒ නිසා වයස අවුරුදු දොළහට වඩා අඩු දරුවන් අනාරක්ෂිත කරන දෙමාපියන්ටත් යම් නීතියක් ක්‍රියාත්මක විය යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සදහන් කළා ය.
ඒ මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 06 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේ දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, තමාව ආරක්ෂා කර ගැනීම සඳහා වන නිසි අධ්‍යාපනයක් අපේ රට තුළ නෑ. අඩුම ගානේ ළමයි අවුරුදු 12ක් 13ක් වුනාම තමයි තමන් යම් සිදුවීමකට මුහුණ දුන්නාම වෙන්න තියෙන නරක පිළිබඳ හැඟීමක් හරි ඇතිවෙන්නේ. ඒ නිසා උපතේ පටන් වයස අවුරුදු දොළහ දක්වා දරුවන්ව රැකබලා ගැනීමේ වගකීම හැම අම්මා තාත්තා කෙනෙක්ටම තියෙනවා. අපේ නීති පද්ධතිය ශක්තිමත් වෙන්න ඕනි. විශේෂයෙන්ම වයස අවුරුදු දොළහට වඩා අඩු දරුවන් අනාරක්ෂිත කරන දෙමාපියන්ටත් යම් නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනි. මොන්ටිසෝරි යන ළමයෙක් දන්නෙ නෑ තමාට මොකද වෙන්නේ කියලා. එතකොට ඒ වගේ වයස දරුවෙක්ව ආරක්ෂා කර ගැනීමේ සම්පූර්ණ වගකීම අම්මා තාත්තා භාරකරුවන් වෙත පැවරෙනවා. ඒකෙන් මිදිලා ඉන්න බෑ ඒගොල්ලන්ට. ඒ නිසා ළමයින්ව අනාරක්ෂිතව තියලා වැඩ කරන එකට මේ දෙමාව්පියනුත් වග කියන්න ඕන. කාර්යබහුල වෙන්න පුළුවන් ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන් ගැටලු තියෙන්න පුළුවන් නමුත් ඒ එකක්වත් දරුවන් අනාරක්ෂිත කිරීමට හේතුවක් නෙවෙයි. හැම ළමයෙක් කෙරෙහිම වගකීමෙන් රාජ්‍ය නිලධාරීන් විදිහට අපි බැඳිලා ඉන්නවා තමයි. හැබැයි ඒකෙ මූලික වගකීමෙන් දෙමාපියන්ට අයිති කොටසෙන් පලායන්න හෝ අත්මිදෙන්න ඒගොල්ලන්ට බෑ. ඒ නිසා ඒ පිළිබඳ අවබෝධය ඔවුන්ට ලබාදිය යුතුයි. යැයි අමාත්‍යවරිය සදහන් කළාය.
පොලිසිය, බන්ධනාගාර, උපදේශන, සේවා අංශ, ග්‍රාම නිලධාරීන්, පාසල් වනිතා සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ළමාරක්ෂණ නිලධාරීන්, සංවර්ධන නිලධාරී ඇතුළු නිලධාරීන් හා අංශ හරහා ලැබෙන ළමයින් පිළිබඳ තොරතුරු සියල්ල එකතු කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එක දත්ත පද්ධතියක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳවත් මෙම සියලු ආයතන සහ නිලධාරීන් අතර අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳවත් අමාත්‍ය තුමිය අවධාරණය කළාය.
මාතර දිස්ත්‍රික්කයේ ලක්ෂ තුනකට ආසන්න ළමා ජනගහනයක් ජීවත්වන අතර ඔවුන්ගේ සුරක්ෂිතතාව හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය හා සුරක්ෂිතතාව වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගැනීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ළමුන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ජීවිතය, ලිංගික හිංසනයන්ට ගොදුරු වීම, මත්ද්‍රව්‍ය පිළිබඳ ඔවුන්ගේ නැඹුරුව හා ඒ පිළිබඳව දැනුවත් වීම සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලදි.
විශේෂයෙන්ම දෙමාපියන් බන්ධනාගාරගතව සිටින දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය පිළිබඳ ව වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම වයස අවුරුදු 15-18 වයස්වල දරුවන් ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම, පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම  ළමා අපචාර, ළමා අපයෝජන, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ළමා හිංසනය ආදිය වළක්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයක් වශයෙන් ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, කාන්තා රැඳුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සහ එය ස්ථාපිත කිරීම, විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන කාන්තාවන් සහ දරුවන් නීති ආධාර කොමිෂන් සභාවේ උපදෙස් සඳහා යොමු කිරීම,  වතු ආශ්‍රිත දරුවන් පාසල් ගත කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
එපමණක් නොව පසුගිය කාල සීමාව තුළ මාතර දිස්ත්‍රික්කයේ ළමුන් වෙනුවෙන් සිදු කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම, ළමයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ළමා සුබසාධන වැඩසටහන් හා ඒවායේ ප්‍රතියද විමසා බලන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු ළමා හා කාන්තා සංවර්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන් හා පොලිසිය ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.
736878061 2290597968013310 7046660092341231616 n736153997 2123284435259079 8097512834063589627 n736235599 1314121040876547 9100584746491497166 n737091425 989743340528290 1718921687455249581 n736007758 1027269129882356 8924542904109211862 n737645595 2073526146885490 195913918484312147 n
මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය ජුනි 26 දිනට යෙදී තිබේ. ඊට සමගාමීව මත්ද්‍රව්‍ය විරෝධී  වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හා අත් පත්‍රිකා බෙදාහැරීමක් ජුනි 26 දින මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. 
ශ්‍රී ලංකා පොලීසිය මගින් අද දින සියලු ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙම අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මාතර දිස්ත්‍රික්කයේ එම වැඩසටහන සෑම පොලිස් ස්ථානයක් ම ආවරණය වන පරිදි මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල දී පැවැත්වෙන අතර මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ කේන්ද්‍ර කර ගනිමින් පැවති වැඩසටහන, මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මාතර පොලිස් ස්ථානයේ සංවිධායකත්වයෙන් සිදු කරන ලදි.
විෂ මත්ද්‍රව්‍ය භාවිතයේ අන්තරායන්, එයින් පුද්ගල ජීවිතවලට, පවුල්වලට සහ සමස්ත සමාජයට ඇති වන අහිතකර බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. විශේෂයෙන් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සකස් කළ අත්පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කෙරුණු අතර, විෂ මත්ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
මෙම ජාතික වැඩසටහන මගින් මහජනතාව තුළ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රබල ප්‍රතිරෝධයක් ගොඩනැගීම අපේක්ෂා කෙරෙන අතර, පොලිසිය, රාජ්‍ය ආයතන සහ ප්‍රජා සංවිධාන එක්ව මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
730487557 2108932389966156 731150629554462549 n731808675 1385824243388759 5383925204946571068 n
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් හිංසනය හා ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - පීක්වැල්ල ගග අද්දර උත්සව ශාලාවේ දී පැවැත්විණි.
අදාළ රාජ්‍ය නිලධාරීන් හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ පණිවිඩය ගම් මට්ටමට රැඟෙන යාම සිදු කෙරේ.
මෙහි දී ගෘහස්ථ හිංසනය පමණක් නොව බස් රථ තුළ, දුම්රිය තුළ, කාර්යාලයේ දී, පොදු ස්ථානවල දී මෙන්ම ජනාකීර්ණ ස්ථානයන්හි දී කාන්තාවන්ට සිදුවන හිංසාකාරී තත්ත්වයෙන්, ඉන් ඇතිවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳව හා එම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා තනි තනිව මෙන්ම සමාජයක් ලෙස ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දේශක හා පුහුණුකරු වී.වීරසිංහම් මහතා විසිනි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කරන පිරිසක් නිර්මාණය කිරීම තුළින් සමාජ පරිවර්තනයක් සිදු කිරීම අරමුණුකර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) එක්ව බහු ආංශික සේවා සම්බන්ධීකරණය හරහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනයන්, හානිකර භාවිතයන් වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඊට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය සහිතව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
 
732846116 2257209271485974 896698003945960325 n736217010 1547660073718154 3092243407986374060 n733975054 1411597950993546 2262195297251600415 n
මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත මාතරක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන යටතේ  පරීක්ෂාවට ලක් කළ සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව 12556 කි. ඩෙංගු මදුරු කීටයන් හමු වූ ස්ථාන 775 කි. රතු නිවේදන නිකුත් කළ සංඛ්‍යාව 598 කි. නීතිමය පියවර ගැනීම් 330 කි.
මීට අමතරව ප්‍රධාන අවදානම් කලාප ආවරණය කරමින් පොදු ස්ථාන සහ රෝහල් පරිශ්‍ර පිරිසිදු කිරීම සිදු කරන ලදි.
නිකුත් කරන ලද රතු නිවේදන සහ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ පසු විපරම් කටයුතු ඉදිරියටත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් දැඩිව සිදු කරනු ලබයි.
පසුගිය 12 වැනිදා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඩෙංගු මර්දන කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීරණයකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුම සදහා ප්‍රදේශයේ මහජනතාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ, යුද හමුදාව හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, මාතර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක් සහාය දක්වන ලදි.
මෙහෙයුම නිම වුවත් ඔබේ වගකීම අවසන් නොමැති අතර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අඛණ්ඩව සිදු නොකළහොත් අවදානම නැවත ඇති විය හැක. සතියකට වරක් විනාඩි 10 ක් වෙන්කර ඔබේ නිවස සහ වටපිටාව පිරිසිදු කිරීමට වගබලා ගන්න. මදුරුවන්ට ඉඩක් නොදෙමු - අපගේ ජීවිත සුරකිමු
 
730294722 1580616416989329 3507875166756085899 n 1