ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා වූ එක්දින පුහුණු වැඩමුළුවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන සඳහා දකුණු පළාතේ මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් එක්ව සිටි අතර ඉඩම් අත්පත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කොට තිබුණි.
ඉඩම් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ඉඩම් අත්පත්) පී.බී.ඩබ්.සමීර ප්‍රසාද් මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැති මෙම වැඩමුළුවේ දී විශේෂයෙන්ම රජයේ සංවර්ධන කටයුතු ඇතුළු පොදු මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම, ඉඩම් අත්පත් පනත, එහි සංශෝධනයන් මෙන්ම විවිධ ප්‍රායෝගික ගැටලු හා අත්දැකීම් පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කරන ලදි.
වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට මාතර සහකාර දිස්ත්‍රික්ක ලේකම් ආර්. ලක්මාලී තේනුවර මහත්මිය එක්ව සිටි අතර මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ(ඉඩම් අත්පත්) එච්.එම්.සචින්තන තිලකරත්න මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
724753444 1353599756745132 9210620105488906128 n721667367 1016663060812178 5476899870775542811 n725084285 1029175932859514 2951901363363615074 n725574181 873259638587953 1256137275268250181 n
මාතර දිස්ත්‍රික්කය පුරා ඩෙංගු උවදුර පාලනය කිරීම වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) නිලධාරීන් සහ සෞඛ්‍ය කණ්ඩායම් විසින් 2026 ජූනි මස 15 දිනය තුළ දියත් කරන ලද දැඩි සෝදිසි මෙහෙයුම් අනුව පරීක්ෂා කළ මුළු පරිශ්‍ර සංඛ්‍යාව 1,475 කි. 
එහි දී මදුරුවන් බෝවන ස්ථාන 76 ක්  (පොසිටිව් ප්‍රතිශතය 5.15%) හමු වූ අතර රතු නිවේදන 77 ක් නිකුත් කර ඇත. ස්ථාන 57 ක් සදහා නීතිමය පියවර ගන්නා ලදි.
නීතිමය පියවරයන්ට (රතු නිවේදන) ලක්වීමට පෙර ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය සහ වටපිටාව මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න. ඩෙංගු මර්දනයට ඔබේ දායකත්වය අදම ලබා දෙන්න!
724770788 2016474793075468 2709221083678554277 n
මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සදහා ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ජුනි මස 14 දින ආරම්භ කරන ලදි.
ඒ පසුගිය 12 වැනිදා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඩෙංගු මර්දන කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීරණයකට අනුවයි.
මෙහි දී මාතර නගර සීමාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස 07 ක් ආවරණය වන පරිදි නිවාස පරික්ෂාව, නිවැසියන් දැනුවත් කිරීම හා උපදෙස් ලබාදීම සිදු කෙරේ. 
ඩෙංගු මර්දනයට අදාළ නීති උල්ලංඝනය කරන පිරිස් සදහා ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ය.
මේ සදහා නාගරික මන්ත්‍රීවරුන්, හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, ප්‍රජා සංවර්ධන නිලධාරීන්, ප්‍රජා සංවර්ධන කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරීන් සම්බන්ධ වේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු සෞඛ්‍ය අංශ, පළාත් පාලන ආයතන, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක් මේ සදහා සහාය දක්වයි.
මෙහි සමාරම්භක අවස්ථාවට මාතර නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
724197516 1981431139181129 6949490516658871161 n723190850 979651461507028 1242565387900102830 n723906626 1685535006101792 7793711828103300552 n724247464 1751134089224439 980695903742481267 n
 
 

ජගත් පරිසර දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ජුනි මස 12 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. මෙය මාතර දිස්ත්‍රික්කය පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා, මහා නගර සභා, නගර සභා මෙන්ම මාතර අධ්‍යාපන කලාපයේ තෝරා ගත් පාසල් 17 ක ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්‍ රැස් කිරීම සදහා අවශ්‍ය බහාලුම් බෙදාදීම සංකේතාත්මකව සිදු කරන ලදි. මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා, මහ නගර සභා හා නගර සභා වෙත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාර දිය හැකි ය. එමෙන් ම ජුලි මස 01 වෙනි දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ නව ක්‍රීඩා මණ්ඩපය (හක්මන පාරේ පිහිටි) වෙත පැමිණ ඔබගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බාරදිය හැකිය. භාර ගන්නා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අතර රූපවාහිනී යන්ත්‍ර (Flat TV පමණයි), කැසට් යන්ත්‍ර / රේඩියෝ යන්ත්‍ර, විදුලි පංකා, පරිගණක / ලැප්ටොප් ආශ්‍රිත සියලුම උපකරණ (UPS, CPU, Data Cable, Charges Mouse, KeyBoard ආදී පරිගණක ආශ්‍රිත සියලු උපකරණ, මොනිටර් (LED, LCD පමණි), ජංගම දුරකථන සහ අමතර කොටස් (Power Bank, Data Cable, Phone Chargers, Head Phones, Speakes ආදී කොටස්), ස්ථාවර දුරකථන, ෆැක්ස් යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර (Blender, Grinder), විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා භාණ්ඩ / විද්‍යුත් ව්‍යායාම උපකරණ, රයිස් කුකර් (Rice cooker), මුද්‍රණ යන්ත්‍ර (Printers), බැටරි (මෝටර් රථ- Hybrid /Acid, යතුරුපැදි, ජංගම දුරකථන, ඔරලෝසු, ලැප්ටොප්), CD සහ DVD යන්ත්‍ර, CD සහ DVD තැටි, විදුලි කේතල, විදුලි හීටර්, විදුලි උදුන්, රෙදි සෝදන යන්ත්‍ර (Washing machine), ශීතකරණ, වායුසමීකරණ යන්ත්‍ර, වෙනත් විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ වේ. භාර නොගන්නා ද්‍රව්‍ය නම් ප්‍රතිදීප්ත බල්බ හා ටියුබ් ලයිට් (CFL Bulbs & Tube Light) ඇතුළු සියලුම වීදුරු බල්බ, කොටස් කර හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති උපකරණ, පස්, වැලි හා මඩ තැවරී ඇති උපකරණ වේ. සම්බන්ධීකරණ කටයුතු සඳහා ළඟකම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ප්‍රාදේශීය සභා පරිසර නිලධාරී හමුවන්න.

721441209 1680225397440330 2662720566851010139 n722469594 1680218994107637 1593408670023534185 n