මාතර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ මාතර දිස්ත්‍රික් ප්‍රවාහන කමිටු රැස්වීම පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

නව රජයේ ප්‍රතිපත්තිමය කීන්දුවක් ලෙස ලංකාව පුරා බස් නැවතුම්පොල 50ක් සහ දුම්රිය ස්ථාන 50ක් අංග සම්පූර්ණ පහසුකම් සහිතව ස්ථාපනය කිරීමට යෝජිතය. ඒ හා සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ මාතර ප්‍රධාන බස්නැවතුම්පොළ සහ දෙනියාය බස්නැවතුම්පොළ නවීකරණයට අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂිත වී ඇත.

මාතර ප්‍රධාන බස්නැවතුම්පොලට අදාලව තීන්ත ආලේප කිරීම, අලංකරණ පරිසර කලාපයක් ඇති කිරීම, ආවරණ වැට, පොලිස් මුර පොල, සී සී ටී වී පද්ධති, කැලි කසල ක්‍රමවත්ව බැහැර කිරීම, පරවි ගහණය තුරන් කිරීම, වැසිකිලි පහසුකම් වැඩිදියුණු කිරීම, කාණු පද්ධතිය ක්‍රමවත් කිරීම, අනවසර කඩකාමර ඉවත් කිරීම, මගී ආසන යතාවත් කිරීම, අධිවේගී බස්නැවතුම්පොළ සඳහා ආවරණ කලාපයක් ඇති කිරීම, ආලෝක පද්ධති නවීකරණය කිරීම, මගී ජනතාවගේ ආකල්ප වැඩි දියුණු කිරීම සඳහා ප්‍රචාරක සේවා සහ දැන්වීම ප්‍රදර්ශණය කිරීම ආදී යටිතල පහසුකම් වඩාත් වේගවත්ව සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. ඒ හා සමගාමීව දෙනියාය බස් නැවතුම් පොල නවීකරණයත් යෝජිත වේ.

මීට අමතරව බස් රථ ප්‍රවාහනයේදී සිදුවන අක්‍රමිකතා, ශ්‍රී ලංගම බස්රථ හා පෞද්ගලික බස් රථ ධාවනයේදී ඊට අදාල ධාවන කාලසටහන් වල සිදුවන අක්‍රමිකතා සඳහා වඩාත් නිවැරදි හා ක්‍රමවත් විසඳුම් ලැබෙන සේ යථාවත් කිරීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ වැදගත් තීරණ තීන්දු රැසක් මෙහිදී ගනු ලැබීය.

ඒ වාගේම ඩීපෝ සංවර්ධනය, සේවක මහතුන්ගේද, මගීන්ගේ ද ආකල්ප සංවර්ධනය, දුරගමනාන්ත රියදුරු හා කොන්දොස්තර මහතුන්ට නිසි විවේකාගාර පහසුකම් සැලසීමත් මගින් වඩාත් සාර්ථක ප්‍රවාහන සේවයකට අවශ්‍ය පසුබිම සැලසිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්ද මහතාගේ අදහස විය.

මාතර, අකුරැස්ස හා හක්මණ යන ඩිපෝවල සිදුවන අක්‍රමිකතා මග හැරීමට ගතයුතු පියවරයන් පිළිබඳ මෙහි අවධානය යොමු වූ අතර ඒවා වඩාත් ක්‍රමවත් කළමණාකරනයක් මගින් පවත්වාගෙන යමින් ශ්‍රී ලංගමය ලාභ ලැබීමේ පරමාර්තයට එහා ගොස් මගී සුබසාධනයට යොමු විය යුතු බව මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මන්ත්‍රී තුමා, ලාල් ප්‍රේමනාත් මන්ත්‍රී තුමා, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මියත්, මාතර නගරාධිපති ජයන්ත මහතාත්, මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු, දකුණු පලාත් ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් බණ්ඩාර මහතාත්, ප්‍රවාහන ක්ෂෙත්‍රයේ, පොලීසියේ හා නාගරික සංවර්ධන අධිකාරිය යන ක්ෂේත්‍ර වල ඉහල නිලධාරීන් ඇතුලු රාජ්‍ය සේවකයින්, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය නියෝජිතයින් බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය විසින් සංවිධානය කර තිබුණි.

 

1234

නව රජයේ ප්‍රතිපත්තියක් ලෙස අල්ලස හා දූෂණය වලක්වා ගැනීමේ අරමුණින් රාජ්‍ය සේවය තුළ අභ්‍යන්තර කටයුුතු ඒකක පිහිටුවීමට අදාළව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාරම්භක හමුව මාතර දිස්ත්‍රික් ලේකම් දිසාපති චන්දන තිලකරත්න මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා දිසාපති නිළ සාකච්ඡා මැදිරියේදී පැවැත්විණි.

අල්ලස දූෂණය හා නිලධාරියා යන්න පිළිබඳ පූර්ණ විග්‍රහයක් කරමින් අල්ලස හා දූෂණය යන වචන ග්‍රීක කාල සීමාව දක්වා විහිදී ඇති බවත් දියේ සිටින මාළුවෙකු වතුර බොනවාද නැද්ද යන ප්‍රශ්නාර්ථය තරමටම නිලධාරියා හා අල්ලස යන වචන එක හා බැඳී පවතින බව කෞටිල්‍ය ආචාර්යවරයා දක්වා ඇති බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර මහතා මෙහිදී පැවසීය. බෞද්ධ දර්ශනය අනුව පන්සිය පනස් ජාතකයෙහි මේ සම්බන්ධව වෙන් වූ ජාතක කතා වස්තුවක් ඇති බවත් වර්තමානය දක්වා දිව ආ ගමනේ ශ්‍රී ලංකාව තුළ ද මේ සම්බන්ධව විග්‍රහයන් දක්වා ඇති බවත් එතුමා වැඩි දුර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. ඒ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ අල්ලස් ගැනීම වරදක් ලෙස පෙන්වා දෙමින් ඊට දඬුවම් නියම කිරීමත්, 1954 පසුව අල්ලස් දෙපාර්තමේන්තුවක් 1994 දක්වා ක්‍රියාත්මක වු බවත් 1995 දී අල්ලස් කොමිසමක් පත් කළත් එහි පූර්ණ බලතල ජනාධිපතිවරයා සතු වීම නිසා එහි ස්වාධීනත්වය පිළිබඳ යම් කිසි ප්‍රශ්නගත තත්ත්වයක් මතු වූ බවත් වර්තමානය වන විට මේ කොමිසම ස්වාධීන කොමිසමක් බවට පත්ව ඇති බවත් දූෂණ විරෝධී පනත තුළින් නීති පමණක් නොව ආයතන තුළද අල්ලස් හා දූෂණය පිටු දැකීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක විය යුතු බව හා එහි ප්‍රතිඵලයක් ලෙස අල්ලස් හා දූෂණ වංචා වලක්වා ගැනීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවා ඇති බවත් ප්‍රකාශ විය.

මේ වැඩසටහනට පළමු වයට සඳහා ලංකාවේ ආයතන 108ක් සම්බන්ධ වී ඇති අතර ඒ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අත්‍යවශයෙන්ම සෘජුවම ජනතාව සමග කටයුතු කරන හා මේ සම්බන්ධව යම් යම් විභවතාවයන් සහිත කාර්යාල මෙයට සම්බන්ධ වේ. එහි එක් කාර්යාලයක් ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නම් කර ඇත.

අභ්‍යන්තර කටයුතු ඒකකයට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරී මණ්ඩලයක් දිසාපති තුමාගේ නිර්දේශයෙන් පත්කර ඇති අතර එහි ප්‍රධානියා ලෙස අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර මහතාත්, සුපිලිපන්න නිලධාරියා ලෙස පරිපාලන නිලධාරී එම්. ඩබ්. දයාවංශ මහතාත් පත් කර ඇති අතර සියළු අංශ වල නියෝජිතයින් මේ සඳහා සම්බන්ධ කර ගෙන ඇත. ඒ අතර ආයතන අංශය, ගිණුම් අංශය, සැලසුම් අංශය, අභ්‍යන්තර විගණන අංශය, මෝටර් රථ අංශය, සමෘද්ධි අංශය, ක්ෂේත්‍ර නිලධාරී අංශය, ආපදා කළමනාකරණ ඒකකය, ඉඩම් අංශය, පාරිභෝගික අංශය ඇතුළු විවිධ අංශ වල නියෝජිතයින් තෝරා පත් කර ගෙන ඇත.

මෙම අභ්‍යන්තර කටයුතු ඒකකයේ යම් යම් වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිත අතර පෙර තිබූ වැඩසටහන් විගණනය නොවූ අතර මෙම වැඩසටහන් සම්පූර්ණ විගණනයකට යටත් කර ඇති බවත් KPG නම් වූ ජාත්‍යන්තර පිළිගත් කළමනාකරණ ආයතනයකින් විගණනය සිදු කරන බවත් අනාවරණය විය.

මේ සඳහා කණ්ඩායමක් නම් කිරීමත්, සුදුසු ස්ථානයක් තෝරා ගැනීමත්, ඊට අදාළ වට්ඇප් ගිණුමක් ආරම්භ කිරීමත් , ෆැක්ස් හා ස්ථාවර දුරකථන සම්බන්ධතා ලබා දී ඇති බවත්, පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර ඒ කිසිදු කැමරාවකට ආවරණය නොවන ලෙස පැමිණිල්ලක් කරන අයෙකුගේ අනන්‍යතාවය කිසිවෙකුටත් අනාවරණය නොවන අයුරිනි. මේ සම්බන්ධව සමාජ ජාලා වල දැනුවත් කිරීම සිදු කරමින් පවතින බවත් ප්‍රකාශ විය.

අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මේ සම්බන්ධව පූර්ණ අධීක්ෂණය හා විමර්ශන කටයුතු සිදු කරන බවත්, අභ්‍යන්තර කටයුතු ඒකකයේ මූලික අරමුණු වී ඇත්තේ මහජනතාව අල්ලස හා දූෂණයට විරුද්ධව සවිබල ගැන්වීමටත්, නිලධාරීන් ඒ සඳහා යොමු වීමේ ඉඩකඩ ඇහිරීමත් යන ප්‍රධාන කරුණු තේමා කර ගෙන බව අදහස් පල විය. මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන්ගේ අදහස් හා යෝජනා ද සාකච්ඡාවට බඳුන්වීම සිදු විය.

324

2025 පළාත් පාලන ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා සාමකාමී අයුරින් පැවැත්වීම සඳහා පොලීසියේ කාර්යභාරය පිළිබඳව දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 
 
මෙහිදී අදාළ පනත් හා නීතිමය තත්ත්වයන් පිළිබඳව, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ කාලසීමාව තුළ පොලීසියේ කාර්යභාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳව විශේෂයෙන් දැනුවත් කරන ලදී.
 
මේ අවස්ථාවට අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) චින්තක කුලරත්න මහතා,මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා,මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) කුසලක නානායක්කාර මහතා,ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්. එච්. ආර්. විජය කුමාර මහතා,මාතර සහකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ මහතා,හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් වී. ඩී. ජේ. ලක්මාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (දකුණු පළාත) කිත්සිරි ජයලත් මහතා,නියෝජ්‍ය පොලිස්පති (නීති හා විමර්ශන) රුවන් ගුණසේකර මහතා,නියෝජ්‍ය පොලිස්පති(මාතර හා තංගල්ල) නිශාන්ත සොයිසා මහතා,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (පුහුණු පාඨමාලා) පණ්ඩුල වීරසිංහ මහතා,දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සහකාර පොලිස් අධිකාරීවරු හා පොලිස් ස්ථානාධිපතිවරු,ගාල්ල මාතර හා හම්බන්තොට ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන වල සහකාර තේරීම්භාර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
.1000115122 1    1000115124  1000115125

දකුණු පළාතේ, කොළඹ කතරගම මාර්ගයේ රිය අනතුරු අවම කිරීමේ හා මහා මර්ග වල සිදුවන අපරාධ මැඩලීමේ අරමුණින් විශේෂ ආරක්ෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ යටතේ පිහිටුවා ඇති විශේෂ පොලිස් යතුරුපැදි ඒකකය යළි සක්‍රීය කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර කොටුව තුල දී පැවැත්විණි.

මෙම ආරක්ෂිත වැඩසටහන මගින් ගොවියාපාන පාළම අසළ සිට තංගල්ල පොලිස් කොට්ඨාසයේ සෙල්ලකතරගම දක්වා වූ කිලෝ මීටර 152 ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරේ.

දකුණු පළාතේ සිදුවන අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් කොළඹ කතරගම මාරගයේ දී සිදුවන බවට දත්ත විශ්ලේෂණ වාර්තා අනුව අනාවණය වී ඇති හෙයින් ඒ කෙරෙහි පොලීසියේ විශේෂ අවධානය යොමුවී ඇත.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ සම්බන්ධීකරණය යටතේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

මෙම ආරක්ෂිත වැඩසටහන සඳහා මෝටර් රථ 04 ක්, රථවාහන පොලීසියේ යතුරුපැදි 18 ක් හා අපරාධ සිද්ධි පිටුපස හඹායාමේ යතුරුපැදි 09 කින් සමන්විත අතර, ඒ සඳහා නිලධාරීන් 137 දෙනෙකු අනුයුක්ත කර ඇත.

මෙම පිරිස සේවා මුර ක්‍රමය යටතේ මහාමාර්ග රිය අනතුරු අවම කිරීමට, අනතුරු සිදුවන අයුරින් රිය ධාවනය කරණ පිරිස් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙන්ම මහාමාර්ග වල සිදුවන අපරාධ මැඩලීමට ක්‍රියා කිරීමට නියමිත ය.

ආරක්ෂිත වැඩසටහන සක්‍රීය කිරීමේ ආරම්භක අවස්ථාවට දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ හා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ආරම්භක වැඩසටහනින් පසු පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක මහතා, මාතර ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

 

504272036 1329166195879587 4825710843758829247 n496089497 1329165495879657 3814706017140970336 n493610749 1329166049212935 4694843255025758399 n

“තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ.” යන තේමාව යටතේ 2025 ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමී කාන්තා දින වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය සහ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල නිලධාරීන් ඇගයීමට ලක් වූ අතර ප්‍රාදේශීය වශයෙන් සාර්ථක ව්‍යවසායිකාවන් ඇගයීමක් ද සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ ආරාධිත දේශනය රුහුණ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ ව්‍යවසාය සංවර්ධන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනකා දිල්රුක්ෂි මහත්මිය විසින් සිදු කරන ලදී.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, වනිතා සංවර්ධන නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

1000104992