ජීවිතය බිළිඳෙකු ලෙස මෙලොව දුටු පසු කාලය සමග ළමා කාලය,  තරුණ කාලය,  මැදි වයස හා වැඩිහිටි යන පරිච්ඡේදයන් පසුකළ යා යුතුය. මේ කාලය තුල නොයෙකුත් දේ විඳිමින්, විදවමින්, දැනෙමින්, අසමින් කාලය ගත කරන අතර වැඩිහිටි වූ පසු බොහෝ දෙනා හුදකලා වී ශාරීරිකව දුර්වල වේ. මාතර දිස්ත්‍රික්කයේ වැඩිහිටියන්ට ජවය ශක්තිය ලබා දී නීරෝගිමත් සහ සතුට පිරුණු ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය සංගීතය මුසුකරගත් ඔසුවක් ලෙස “දෙටු පුරවැසි ගී දැහැන” මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් 2025 නොවැම්බර් මස 11 වැනිදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සංගීතය, වාදනය, ගායනය සහ රංගනය යන විවිධ අංගයන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන වැඩිහිටියන්ගේ ඉදිරිපත්වීම් නිසා තව තවත් අලංකාර විය.

වසරක කාලයක් තුල වැඩිහිටි සමිති හරහා සිදු වූ කාර්යයන්ගේ ප්‍රගති සමාලෝචනයකින් පසුව ඔවුන්ට ත්‍යාග, සහතික හා කුසලාන ප්‍රධානයද මෙහිදී සිදු විය.

ඒ අතර දිස්ත්‍රික්කයේ සාර්ථකම වැඩිහිටි බලමණ්ඩලය ලෙස තිහගොඩ ‌ජේෂ්ඨ පුරවැසි බලමණ්ඩලය ප්‍රථම ස්ථානය දිනාගත් අතර දිස්ත්‍රික්කයේ සාර්ථකම වැඩිහිටි දිවා මධ්‍යස්ථානය ලෙස මුලටියන බෙල්පාමුල්ල වැඩිහිටි දිවා මධ්‍යස්ථානයත්, දිස්ත්‍රික්කයේ සාර්ථකම වැඩිහිටි ස්වයං රැකියා ප්‍රථම ස්ථානය තිහගොඩ පියසීලි පතිනායක මහත්මියත්, දිස්ත්‍රික්කයේ සාර්ථකම වැඩිහිටි සමිතිය ලෙස මුලටියන බෙල්පාමුල්ල වැඩිහිටි සමිතියත්,  දෙවන ස්ථානය අතුරලිය ඌරුමුත්ත වැඩිහිටි සමිතියත් දිනාගනු ලැබීය.

මෙම අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මියත්, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මියත්, ප්‍රධාන ගණකාධිකාරී ටී. පී. එම්. සුධර්මන් මහතාත්, දිස්ත්‍රික් ඉංජිනේරුතුමත්, පරිපාලන නිලධාරී එම්. ඩබ්. දයාවංශ මහතාත්, පළාත් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී නිශාන්ත කෝදාගොඩ මහත්මාත්,  මාතර දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ සභාපති මහින්ද සමරසිංහ මහතාත්,  ලේකම් ප්‍රේමසිරි මහතාත්,  දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන්ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ද, මාතර දිස්ත්‍රික් දෙටු පුරවැසියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් පරිදි සහකාර දිස්ත්‍රික් ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන කිලධාරිනි චමිලා සමරසිංහ මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

FB IMG 1763968781752FB IMG 1763968961249FB IMG 1763968955670FB IMG 1763968821378FB IMG 1763968969668

විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන "රටම එකට" ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්‍තෝබර් මස 31 වනදා පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති අතර ඊට සමගාමී මාතර දිස්ත්‍රික් වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහි දි විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට දායකත්වය ලබා දෙන බවට දිවුරු ප්‍රතිඥාව ලබාදීම සාමූහිකව සිදු කරන ලදි.
රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශනය වු, ගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික වැඩසටහන හා සජීවිව සම්බන්ධ වීම ද සිදු විය.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වී සිටියහ.
571306657 1473698214759717 1325185540082310850 n571793285 1473699141426291 6199668635749728309 n

දකුණු පළාත තුළ පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල GovPay පහසුකම ඔස්සේ Online ගෙවීම් කිරීමේ පහසුකම 2025 සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මකව පවතී.
ඒ අනුව කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද මෙම ක්‍රියාවලිය ආරම්භ වන අතර සරප් හරහා ගෙවීම් කටයුතු කිරීමේ දී GovPay පහසුකම සඳහා සහාය දක්වන Banking ඇප් එකක් හෝ වෙනත් Fintech ඇප් එකක් හරහා අදාළ ගෙවීම Online සිදු කිරීමට හැකි ය. ගෙවීම සාර්ථකව සිදු කර අවසන් වූ පසු ඒ බව ඔබගේ ජංගම දුරකථන අංකයට SMS පණිවිඩයක් මඟින් දැනුම්දීම සිදු වේ.මේ සදහා ඔබගේ Banking ඇප් භාවිත කිරීම සඳහා අදාළ Banking ඇප් එකෙහි නවතම සංස්කරණය ඔබගේ ස්මාට් ජංගම දුරකථනයේ Install කර තිබිය යුතු අතර Online Banking පහසුකම ද ඔබගේ බැංකුව හරහා සක්‍රීය කරගෙන තිබිය යුතු ය.
ඒ අනුව මේ වන විට GovPay පහසුකම හරහා Online ගණුදෙනු සිදු කළ හැකි Banking Apps පහත පරිදි වේ.
1. BOC Flex App
2. BOC SmartPay App
3. People's Pay App
4. NSBPay App
5. Sampath Viswa Retail App
6. HNB Digital Banking App
7. ComBank Digital App
8. SEYLAN Mobile Banking App
9. Nations Direct App
10. NDB Neos App
11. Pan Asia Bank App
12. Cargills Bank App
13. DFCC One App
14. Amana Bank App
15. Upay App - SDB Bank
මීට අමතරව පහත සඳහන් Fintech Apps ඔස්සේ ද ඔබට GovPay පහසුකම හරහා Online ගණුදෙනු සිදු කළ හැකි ය.
1. හෙළකුරු
2. Frimi
3. Genie
4. LB CIM
5. ipay
6. WebxPay
GovPay පහසුකම ඔස්සේ ඔබට දැනට මෝටර් රථ ආදායම් හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආදායම් ගෙවීම් කළ නොහැකි අතර සරප් හරහා සිදු කරන අනෙකුත් සියලුම ගෙවීම් සිදු කළ හැකි ය.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම හා ඒ සම්බන්ධයෙන් පවතින විවිධ ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් 2025 සැප්තැම්බර් මාසයට අදාළ මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් නිළ සාකච්ඡා මැදිරියේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව සහ ඒවායේ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලද අතර අදාළ ගැටළු වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරිණි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින සංවර්ධන ගැටලු, මූල්‍ය ගැටලු, ඉඩම් ගැටලු, සමෘද්ධි ගැටලු ආදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
විමධ්‍යගත අයවැය වැඩසටහන, අස්වැසුම වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක ප්‍රගතිය විමසා බැලීම ද සිදු කෙරිණි.
මීට අමතරව දිස්ත්‍රික්කයේ ඉඩම් සම්බන්ධ කටයුතු, අභ්‍යන්තර විගණන කටයුතු, ගිණුම් කටයුතු, කෘෂිකර්ම කටයුතු, ආපදා සහන සේවා කටයුතු, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳව, සමාජ සේවා කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
555908487 1443509837778555 8330468093827940700 n 1557641238 1443510077778531 1683218737017647161 n

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ මාතර දිස්ත්‍රික්කයට අදාළව අප්‍රේල් සිට ජුනි දක්වා කාල සීමාවට අදාළව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජුලි මස 23 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිසාපති නිල සාකච්ඡා මැදිරියේදී පැවැත්විණි.

සුව ධරණි ඔසු ගම්මාන ව්‍යාපෘතිය, ගෙවතු වගා ක්‍රම, ආයුර්වේද සංරක්ෂණ සභා පිහිටුවීම, පෙර පාසල්, පාසල්, වැඩිහිටි නිවාස හා ආරණ්‍ය සේනාසන පාදක වැඩසටහන් අමාත්‍යංශ ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක වූ වැඩසටහන් යෝග්‍ය වැඩසටහන් හා වෛද්‍ය සායන පිළිබඳවත් දේශීය ආහාර වර්ග හඳුන්වා දීමත් ඩෙංගු මර්දනය දියවැඩියාව හා වකුගඩු රෝගීන් හඳුනාගැනීම ආදී විෂය ක්ෂේත්‍ර වලට අදාළ ගැටළු හා ඒවාට විසඳුම් සෙවීම සඳහා අවධානය යොමු විය.

 ෙමෙහිදී අදහස් දක්වමින් ප්‍රදර්ශනාත්මක වැඩසටහන් හා ව්‍යාපෘති වෙනුවට ප්‍රායෝගිකව මහපොළව මත ක්‍රියාත්මක කළ හැකි ජනතා සුබසාධනය හා නිරෝගී සම්පන්න සෞඛ්‍ය ජීවිතයක් සඳහා වඩාත් ප්‍රයෝජනවත් වැඩසටහන් පිළිබඳව සියළු නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බවත් දිසාපතිතුමා ප්‍රකාශ කරන ලදී.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ආයුර්වේද සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

514281340 1379858947476978 7521896921876783014 n515107043 1379858797476993 8913562960746948751 n514246604 1379858924143647 1003963083101751442 n514259898 1379858677477005 9019995875519611521 n