මාතර මහ රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය සොයා බලා, එහි පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගත් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
මෙහි දී ඖෂධ කළමනාකරණය යටතේ රෝහලට අවශ්‍ය ඖෂධ සපයා ගැනීම සහ බෙදාහැරීමේ විධිමත්භාවය, රෝගී පහසුකම් යටතේ වාට්ටුවල ඇඳන් පහසුකම් වැඩි දියුණු කිරීම සහ රෝහල් යටිතල පහසුකම් නංවාලීම, අපද්‍රව්‍ය බැහැර කිරීම යටතේ රෝහල් අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ ක්‍රමවේද, සේවක පුරප්පාඩු යටතේ පවතින සේවක හිඟය පියවීමට අවශ්‍ය පියවර ගැනීම, බාහිර බාධා යටතේ රෝහල අසළ මාර්ගයේ රථවාහන තදබදය සහ අනවසර රථ නැවැත්වීම නිසා ගිලන් රථ ගමනාගමනයට සිදුවන බාධා ඉවත් කිරීම යනාදිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලද අතර එම කරුණු වලට අදාළව කඩිනමින් පියවර ගැනීමට තීරණය කරන ලදි.
 
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්මානිත මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා, අජන්ත ගම්මැද්දගේ මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, රෝහල් අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්, ප්‍රධාන ඖෂධවේදියා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්, මාතර රෝහල් කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
 
 
 10000521361000052137
 
මෙම විශේෂ ජංගම සේවා හා ජන සත්කාරක වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් සම්බන්ධ ජංගම වැඩසටහන්, රැකියා පියස, වෘත්තීය මාර්ගෝපදේශ, සංචාරක ව්‍යාපාර වැඩසටහන්, ඉඩම් නිරවුල් කිරීම හා සම්බන්ධ වැඩසටහන්, මාර්ග ආරක්ෂාව, මෝටර් රථ සහ පොලිස් ආරක්ෂාව පිළිබඳ වැඩසටහන්, ආපදා කළමනාකරණ වැඩසටහන්, කිරුම් මිනුම්, පාරිභෝගික කටයුතු පිළිබඳ වැඩසටහන්, නීති ආධාර කොමිෂන් සභාව, ආගමන විගමණිකය පිළිබඳ වැඩසටහන්, බටහිර හා දේශීය ආයුර්වේද සෞඛ්‍ය වැඩසටහන්, සංස්කෘතික හා කලා වැඩසටහන්, ග්‍රාමීය ව්‍යවසායකත්වය, ප්‍රමිති, කම්කරු කාර්යාල කටයුතු, මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්, මැතිවරණ කටයුතු සම්බන්ධ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන උපදේශන වැඩසටහන්, කෘෂිකර්ම වැඩසටහන් පවත්වන ලදි.
 
මෙහි සමාරම්භක අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්.අබේවික්‍රම මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගමමැද්දගේ මහතා, මාතර මහ නගර සභාවේ පුරපති ජයන්ත පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
 
ජනාධිපති කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව වැඩසටහන සංවිධානය කරන ලදි.
 
 10000463071000046306
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහ ජනතාව එක්ව පරිත්‍යාග කරන ලද ජලය, වියළි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය රැගත් පළමු භාණ්ඩ තොගය සහිත ලොරි රථ දෙසැම්බර් මස 01 වන දින බදුල්ල දිස්ත්‍රික්කය බලා පිටත් විය. ආපදාවට පත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ලේකම් වරුන් විසින් දන්වා එවන ලද අවශ්‍යතා අනුව, මාතර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති චන්දන තිලකරත්න මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආපදාවට පත් ප්‍රදේශ වෙත පිටත් කර හැරීම සිදු කෙරේ.ඉදිරි දින වලදීත් පානීය ජලය, වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අදාළ ප්‍රදේශ වෙත පිටත් කර හැරීමට නියමිතය.
IMG 20251209 WA0000IMG 20251209 WA0027IMG 20251209 WA0028IMG 20251209 WA0033

මාතර දිස්ත්‍රික්කයේ ජීවත්වන කථන හා ශ්‍රවණ ඌනතා සහිත ප්‍රජාව වෙනුවෙන් වූ ගී රසවින්දන හා සාහිත්‍යමය උපදේශන වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 17 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී සංඥාව භාවිතා කරමින් ගීත රස විඳින ආකාරය,ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමේදී හා පවත්වාගෙන යාමේදී වැදගත් වන උපදේශනය සහ සමාජීය වශයෙන් හා පෞද්ගලිකව ඔවුන්ට බලපාන ගැටළු සාකච්ඡා කිරීම යනාදිය සිදු කරන ලදී.

“සංඥාව තුළින් ගී රසවින්දනය” සිදු කරන ලද්දේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්ය, ප්‍රවීණ සංඥා භාෂා උපදේශක කැළුම් ඉන්දික සමරවික්‍රම මහතා විසින් වන අතර “සාහිත්‍යමය උපදේශනය” සිදු කරන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රි විජේසුන්දර මහත්මිය විසිනි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ කථන හා ශ්‍රවණ ඌනතා සහිත ප්‍රජාව, මාතර අතිරේක දිස්ත්‍රික්‌ ලේකම්(ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කුමාරසේන ලියනපතිරණ මහතා, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සම්පත් පුෂ්පකුමාර මහතා, සංවර්ධන නිලධාරී (සංස්කෘතික) සුභා විජේගුණසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සුමග රුහුණු ශ්‍රවණ ඌනතා සංසදයේ සභාපති දයා ජයවික්‍රම මෙනෙවිය ව්‍යාපෘති කළමනාකරු කසුන් චන්දන මහතා ඇතුළු නියෝජිතයින සහභාගි වී සිටියහ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවනු ලබන “දොළොස් මහේ පහන”වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික‌් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ සංකල්පයකට අනුව සුමග රුහුණු ශ්‍රවණ ඌනතා සංසදයේ අනුග්‍රහයෙන්, මාතර දිස්ත්‍රික් සමාජ සේවා අංශයේ සම්බන්ධීකරණයෙන් මාතර දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් වැඩසටහන සංවිධානය කරන ලදී.

 

WhatsApp Image 2025 12 19 at 1.03.00 PMWhatsApp Image 2025 12 19 at 1.02.58 PMWhatsApp Image 2025 12 19 at 1.03.02 PM

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ආපදාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් ‍නොවැම්බර් මස 28 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහි දී රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීම හා ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා වැදගත් තීරණ රැසක් ගනු ලැබිණි.
ප්‍රධාන වශයෙන් නිල්වලා ගඟේ ජලය බැසයාම සදහා ලවණ බාධකය අසළ කැපූ විකල්ප ඇළ මාර්ගයේ යොදා ඇති වැලි කොට්ට කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත් අතර දැනට ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පවුල් සඳහා කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය සියලු අංශ දැනුවත් කිරීම සිදුකරන ලදි.
එමෙන්ම විදුලිය බිඳවැටීම්, ජල සැපයුම් අඩාලවීම් සහ මාර්ග අවහිරවීම් කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීමට අදාළ සියලු අංශ වලට උපදසේ ලබාදෙන ලදි.
මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍ රාජ් මහත්මිය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා, අජන්ත ගම්මැද්දගේ මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, මාතර නගරාධිපති නීතිඥ ජයන්ත පතිරණ මහතා, ප්‍රාදේශීය සභා සභාපති වරු, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආපදා කළමනාකරණ අංශ, පොලිසිය ඇතුළු විවිධ අංශ නියෝජනය කරන පිරිසක් සහභාගි වී සිටියහ.

1432